Thursday, September 25, 2014

Skin Types

ඔබ දැනටමත් ඔබේ සම ආරක්ෂා කරගැනීමට විවිධ නිෂ්පාදන භාවිතා කරනවා විය හැකියි. නමුත් ඒ සියල්ලම ඔබෙ සමට ගැලපෙනවාදැයි ඔබ සොයා බැලුවාද? නොගැලපෙන නිෂ්පාදනයන භාවිතයෙන් අනපේක්ෂිත ප්‍රථිඵල ලැබීමට පුළුවනි.
අපේ සම විවිධයි. කෙනෙකුට ගැලපෙන නිෂ්පාදනයක් තවකෙකුට නොගැලපීමට පුළුවන්. මිනිස් සම වර්ග 5 කට වෙන් කල හැකියි.
  1. Normal – සාමාන්‍ය
  2. Oily – තෙල් සහිත
  3. Dry – වියළි
  4. Sensitive – සංවේදී
  5. Combinational – මිශ්‍ර ලක්ෂණ සහිත
ඔබේ සම කාලය, ශරීරය, ප්‍රදේශය, කාලගුණය හෝ ජානමය ලක්ෂණ නිසා වෙනස් වෙන්න පුළුවන්. මේ ගැන හොද අවබෝධයක් තිබීම ඉතාම වැදගත්.
උදා : බොහෝ තරුණ ගැහැණු ළමයින්ට සාමාන්‍ය වර්ගයේ සමක් තිබෙන අතර වයස් ගත වන විට මෙම ලක්ෂණය වෙනස් වේ
මේ සමේ ස්භාවයේ වෙනසට ප්‍රධාන වශයෙන්,
  • ශරීරයේ අඩංගු ජල ප්‍රමාණය (සිනිදු බව සහ නම්‍යශීලීභවයට ඍජුවම බලපායි)
  • තෙල් අන්තර්ගතය මත සමේ මෘදු භාවය රදා පවතියි
  • සංවේදී ස්භාවය
යන කරුණු බලපායි.

සාමාන්‍ය සම (Normal Skin)


සාමාන්‍ය සම මුළුමනින්ම වියලි හෝ තෙල් සහිත නොවේ.
  • කැළැල් (imperfections) අඩු හෝ නොමැත.
  • රළු නොවේ.
  • කඩතොලු (pores) ඉතා අවමයි.
  • කාන්තිමත් ස්වභාවයක් ඇත.

තෙල් සහිත සම (Oily Skin)

  • තරමක විශාල කඩතොලු (pores) ඇත.
  • අඳුරු (dull) දිලිසෙන (shiny) ස්භාවයක් ගනී.
  • Blackheads, කුරුලෑ, කැළැල් දක්නට ඇත.Blackheads
වසරේ විවිධ කාලවල හෝ කාළගුණය අනුව සමේ තෙල් ස්වභාවය වෙනස් විය හැකියි. හෝමෝන විපර්යාස සිදුවන කාල වල තෙල් සහිත සමක තත්ත්වය තදබල ලෙස වෙනස් වේ. මීට අමතරව සමේ අධික තෙල් බව ඇතිවීමට මානසික ආතතියද බලපාන බව සොයාගෙන ඇත. තද  අව් රශ්මියට නිරාවරණය වීම හෝ අධි ආර්ද්‍රතාව ද මීට බලපායි.

තෙල් සහිත සම රැක ගැනීම

  • අධිකව දහඩිය දමන අවස්ථාවකට පසු වැඩි වාරගණනක් මුහුණ සේදීමෙන් වැළකිය යුතුයි.
  • මෘදු පවිත්‍රකාරක භාවිත කල යුතුයි. සම සෝදන අවස්ථාවල තදින් ඇතිල්ලීම නොකල යුතුයි.
  • කුරුලෑ කෘත්‍රිම ලෙස ඉවත් නොකල යුතුයි. කුරුලෑ කැඩීමෙන් සුව වීමට ගතවන කාලය තවත් වැඩිවේ.
  • තෙල් සමකට “noncomedogenic” ලෙස ලේබල් කර ඇති නිෂ්පාදන සුදුසු වේ. මේවා කැළැල් දුරු කිරීමට උපකාරී වෙයි.

වියළි සම (Dry Skin)

  • නොපෙනන තරමේ කඩතොලු (pores) ඇත.
  • අඳුරු (dull) රළු (rough) ස්වභාවයක් ගනී.
  • රතු ලප (red patches) තිබේ.
  • ඇදෙන සුළු බව අඩුයි.
  • සමේ රේඛා බහුලයි.
බොහෝ වියළි පරිසරවලට නිරාවරණය වීමෙන් සමේ පැලීම් හෝ පොතු ගැලවීම් සිදුවේ. කසන ස්වභාවයක්, දැවිල්ල ගතියක්ද ඇතිවිය හැකියි. ඔබේ සම තදබල ලෙස වියලි නම් ඉහත පරිසර තත්ත්ව තුල ඔබේ යටි අල්ල ප්‍රදේශයේ, අත් වල සහ කකුල් වල රළු වීම් හෝ කොරපොතු මතු වීම් සිදුවේ.
වයසට යාම, හෝමෝන විපර්යාස, දැඩි සුළග, අවු රශ්මිය හෝ ශීත තත්ත්ව, හිරු රැස් සහිත දිනවල මුහුදු වෙරළ ආශ්‍රිත පරිසරයේ, රස්නය අධික දිනවල ගෘහස්ථ පරිසරයේ වුවද වියළි සමේ තත්ත්වය නරක අතර පත්වේ. මීට අමතරව උණු වතුර නෑම, සමහර බෙහෙත් වර්ග, ව්ලවුන් හෝ සබන් වර්ගද මීට බලපායි.
වියලි සම රැක ගැනීම
  • නෑමට බොහෝ වේලා ගත නොකිරීම වඩාත් හොදයි.
  • හැකිතාක් මෘදු සබන් වර්ගයක් භාවිත යෝග්‍යයි.
  • Deodorants (දුගන්ද නාශක) භාවිත කිරීමෙන් වැලකිය යුතුයි.
  • හොද වර්ගයේ තෙත්කාරකයක් (moisturizer) භාවිතා කිරීමත් ලෝෂන් වර්ග වෙනුවට ක්‍රීම් ආදේශන භාවිතයට ගැනීමත් වඩා සුදුසුයි.
  • නිවස තුල රස්නය පාලනය කිරීමට

සංවේදී සම (Sensitive Skin)

ඔබේ සම සංවේදී වර්ගයේ එකක් නම් එය ඔබ දැනටමත් දන්නවා විය හැකියි. සංවේදී සමක් ඇති අය ඊට විසදුම් සෙවීමට ප්‍රථමයෙන් සංවේදී භාවයේ ස්වභාවය හඳුනාගත යුතුයි.
  • සම රතු වීම
  • කසන සුළු ස්වභාවය
  • දැවෙන සුළු ස්වභාවය
  • වියළීම
සංවේදී සමකට නිශ්චිත පිලියම් නැත. සංවේදී ස්වභාවය අනුව නිෂ්පාදන හෝ සත්කාර කල යුතු වේ.

මිශ්‍ර සම (Combination  Skin)

මිශ්‍ර වර්ගයේ සමක සාමාන්‍ය හෝ වියළි තත්ත්වයන්ද බොහෝ විට  සිරුරේ T-කලාප (T-Zones) (නාසය, නළල, නිකට) වල තෙල් සහිත සමක ලක්ෂණ වලින්ද යුත්ක වේ. බොහෝ පුද්ගලයින්ට ඇත්තේ මිශ්‍ර සමකි. සමේ විවිධත්වය මත ඔබට විවිධ නිෂ්පාදන භාවිත කරන්නට සිදුවේවි.
මිශ්‍ර සම පහත ලක්ෂණ දක්නට ඇත
  • වඩා පැතිරුණු කැළැල්
  • Blackheads
  • දිලිසෙන ස්වභාවයක්

පොදුවේ සම රැක ගැනීමට උපදෙස්

ඔබේ සමට නියම ප්‍රතිකාර ලැබීමට නම් එහි ස්වභාවය අනුව සුදුසුම සත්කාර තෝරාගත යුතුයි. පොදුවේ සම රැක ගැනීමට උපදෙස් කිහිපයක් පහත දැක්වේ.
  • හැකිතාක් පාරජම්බුල ආලෝක ඍජුවම සමට වැටීමට වැලකිය යුතුය. තොප්පියක් හෝ හිරු ආරක්ෂණ ආලේපනයක් (suncream) භාවිත කිරීම මේ සදහා හොඳම පිළියමයි.
  • දුම් බීම හෝ දුම් සහිත ස්ථානවල සිටීම නොකල යුතුයි.
  • හැකිතාක් සජලව සිටීමට වගබලා ගත යුතුයි. අවශ්‍ය වතුර පානය කිරීම ඉතා වැදගත් සාධකයකි.
  • ඔබේ සම සෑම දිනකම සේදීම අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තකි.
  • මේකප් සහිතව නින්දට යාම කිසිසේත් නොකල යුතුයි.
Posted by ChAbhi | File under :

ලස්සනට සිටිමට අප කවුරුත් කෑමතියි. පුරුශ පාර්ශවයට වඩා කාන්තවන් තම රූ සපුව පිලිබදව වඩා  සෑලකිලිමත් වෙයි. ඒ සදහා කාන්තවන් අදික මුදලක් වෑය කරතී.නමුත් නීරෝගීමත් හා පෑහෑපත් රුසපුවක් ලබාගෑනිමට එතරම් අදික වියදමක් දෑරිය යුතු නොවේ. පෑහපත් සහ නිරොගිමත් රුසපුවක් පවත්වා ගෑනීමට උනන්දුව හා සෑලකිල්ලද තිබිම ඉතා වෑදගත් වේ.


ප්‍රසන්න හා පෑහෑපත් මුහුනක් පවත්වා ගෑනිමට,

1)ඔබගේ මුහුනේ කුරුලෑ මතු ව් ඈත්නම් කිසිදනක කුරුලෑ කඩා ඉවත් නොකරන්න.
2)කුරුලෑ ඉවත් ව් යාම සදහා කලාදුරු අලයක් ගෙන රොස වතුර යොදා තලපයක් ලෙස සකසා මුහුනේ අලේප කරන්න.
3)ඔබගේ දෙතොල් කලු පෑහෑ ගෑන්ව් ඈත්නම් කෑරට් හා පිපිඝ්ඝා ඉස්ම සම සමව ගෙන දවසට දෙවරක් තොල් මත තවරන්න.
4) ඔබගේ මුහුන තෙල් සහිත සමකින් යුක්ත නම් ඈපල් ගෙඩියක් ගෙන එය කුඩා කෑබලි වලට කපා එයට මී පෑනි එක් කොට තලපයක් ආකාරයට සකසා මුහුනේ අලේප කොට විනඩි 10 කින් සෝදා අරින්න.
5)ඔබගේ මුහුනේ ඈති කෑලලි එවත් කිරිම සදහා මුන් ඈට පෙගෙන්නට දමා අබරා එය කෑලලි සහිත ප්‍රදේශ වල අලේප කරන්න.තවද කොහොබ දලු, වද කහ සමග කොටා වන්ඩුවේ තම්බා එම මිශ්‍රනය ගල්වන්න.
6)විවිද අලේපන වර්ග මුහුනේ ගල්වා නිදා නොගන්න.
7)කිරි යොදය මුහුනේ ආලේප කර විනාඩි 5කට පසුව සෝදා අරින්න.එමගින් ඔබේ මුහුනට ප්‍රසන්න බවක් ඈති කරයි.
8)ඔබගේ සම වියලි නම් බිත්තර සුදු මදයකට රත්කරගත් ඔලිව් තෙල් ස්වල්පයක් දමා පෙන නගින තුරු ගසා හොදින් මුහුනේ අලේප කර විනඩි 5කින් පසුව සෝදා හරින්න.
9)ඔබ මුහුනේ ක්‍රීම් වර්ග අලේප කරන විටදී මුහුනේ පහල සිට ඉහලටත් නිකටින් ආරම්බ කර කම්මුල් හරහ නලල දෙසට ඈගිලි ගෙනියන්න.සෑම විටම අලේපන වර්ග ඈගිලි තුඩු වලින් අලේප කරන්න.

කාන්තවන් ලෙස ඔබ ඔබගේ නියපොතු කෙරෙහිද අවදානය යොමු කල යුතුය.

1)සෑම විටම නියපොතු පිරිසිදුව තබා ගන්න.
2)ඔබේ නියපොතු පිරිසිදුව තබා ගත නොහෑකි නම් නියපොතු කොටට කපා දමන්න.
3)නියපොතු මත උදේ සවස ඔලිව් තෙල් අලේප කිරිමෙන් නියපොතු පහපත්ව තබා ගත හෑක.
4)ඈල්පෙනෙති,කම්බි වෑනි දෙයින් නියපොතුවල කුනු ඉවත් නොකරන්න.
5)සෑම විටම ඔබේ නිය වියලිව හා පිරිසිදුව තබා ගන්න.
6)ඔබ ගෘහානියක් නම් අහර පිසූ බදුන් හෝ පිගන් සහ කෝප්ප පිරිසිඩු කරන විටදී,අත් වෑසුම් පලදින්න.
7)නියපොතු සෑපීමෙන් වලකින්න.

දෑස් යනු කන්තාවන්ගේ සුන්දරත්වය වෑඩි කරවන තවත් එක් අවයවයකි.කාන්තිමත් දෑසක් පෑවතීම ඔබෙ සුන්දර්ත්වය තව තවත් ඔප් නන්වනු ලබයි.


1) ඈස්වල දීප්තිය රෑක ගෑනීමට තේ සෑදීමට භාවිත කල තේ මන්ඩි සිනිදු රෙදි කඩක ඔතා දෑස සෙමින් තවන්න.
2) ඔබගෙ ඈස් යටටම ගිලී ඈත්නම් ඈසේ මුහුනත (ඈසට ඉහලින් ඈති ප්‍රදේශය ) මත ඉතා ලා වර්නයෙන් යුත් වර්න ගල්වන්න.
3) කිසිවිටකත් ස්වාභාවික ඈහි බෑම ගලවා කෘත්‍රිමව ඈහි බෑම ඈදීම නොකරන්න.එය ඔබේ ඈසට ඉතාම හානිදායක බව මතක තබාගන්න.
4) ඈස් අදිකව වෙහෙසට පත් වු බවක් දෑනේ නම් සීතල දියරයෙන් පුලුන් කෑබලි දෙකක් තෙමා ඈදක දිගා වි ඈස් දෙකමත ටික වේලාවක් තබාගෙනෙ සිටින්න.(විනාඩි 10 ක් පමන)

Sunday, September 7, 2014

photos +40