Friday, July 4, 2014

Posted by ChAbhi | File under : ,
teensex--301013-1

                                      




















                                       “අම්මා සඳකි , මම ඒ ලොව හිරුය රිදී ......
                                        ඒ ඉර හඳෙන් නුඹේ ලෝකය එළිය වුනි ....“ 
                                                               ටී.එම්.ජයරත්නයන් ගේ සංවේදී ආදරණීය හඬ , සුන්දර රිද්මයක මුසු වෙලා මගේ දෙසවන රැඳුනේ මේ අතරමයි .ලියා නිම කරන්නට බැරි , කියා නිම කරන්නට නොහැකි මේ දරු සෙනෙහේ ගැන සිතමින් සිටි මගේ හිතට ඒ ගීය ගෙනාවේ පුදුම සතුටක්මේ කතා අතරේ අද ලියන්නට හිතුනා මේ දරු පැටවු ගැන .ඒත් ඇත්තටම දරුපැටවු ගැනම නොවෙයි. දරුවෙක් ලබන්න හොඳම වයස ගැන.

මොකද මම දන්න කිහිප දෙනෙක් විවිධ හේතු නිසා පළමු දරුවා පිළිබඳ අවධානය හුඟක් කල්පහු කළා , සමහරුන්ට ඕන උනේ ලොකු ගෙයක් සම්පුර්ණයෙන් හදාගෙන පළමු දරුවා බිහි කරන්න , සමහරුන්ට
උපාධිය අවසන් කරගෙන ඒ ගැන හිතන්න උනා , ඒ අතරේ සමහරු marriage life එක enjoy 
කරන්න ඕන කියමින් මේ පළමු දරු උපත ප්‍රමාද කළා .
අද වන විට මේ අය ජීවිතේ අතිශ්‍යය සංවේදී දුකක් විඳිමින් ජීවත් වෙනවා , හේතුව සමහරුන්ට 
දරුවෙක් පිළිසිඳ ගන්නේ නැහැ ,ගත්තත් මාස කිහිපයකින් ඉබේම ගබ්සාවෙලා නැතිවෙලා යනවා, 
ඉතින් ලෝකේ පුරාම තියෙන දේවාල , කොවිල් වල නවතිනවා , කිහිප දෙනෙක් විතරයි නිසි 
වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙලා ඉන්නෙත් ,
සමහරුන්ට විවිධ ගැටළු සහිත දරුවන් ඉන්නව , ඉතින් ඔවුන් තමන්ගේ මුළු ජීවිත කාළයම ඒ ගැන 
තැවිතැවී ඉන්නවා , සමහරුන්ගේ දරුවට මාස දෙකයි තාත්තට වයස අවුරුදු හතලිස් හතයි , ටිකක් 
හිතන්න මේ දරුව පාසල් යන කාලෙට ටිකක් උස් මහත් වෙන කාලෙට තාත්තගේ ආදරය රැකවරණය 
ඕනම කරන කාළෙට ඒ තාත්තට ඒ රැකවරණය දෙන්නට තරම් ශරීර ශක්තියක් හැකියාවක් තියේද 
කියල මට නම් සැකයි , ඉතින් අපි දැන ගන්නම ඕන දෙයක් තම පළමු දරුවා බිහි කරන්නට 
ඕන වයස , විශේෂයෙන්ම මවගේ වයස .

ජීව විද්‍යාත්මකව ගත්තම කාන්තාවක තම වයස අවුරුදු 13-15 වගේ සීමාවකදි 
ලිංගික වශයෙන් පරිනත වීම සිදු වෙවා , ඒ කියන්නේ දැන් ඇයට පුළුවන් පැටියෙක් හදන්න අවශ්‍ය 
සෛල දෙකෙන් (ශුකාණු Sperm සහ Ovum ඩිම්බ) එකක් ප්‍රධානය කරන්න , තව විදියකින් කිව්වොත් 
දැන් මේ දැරිවියගේ ගර්භාෂය තුලට sperm ගියොත් ඇයට මවක් වීමේ හැකියාව තියෙනවා . හැබැයි 
තවම ඇය සමස්ථ වශයෙන් කායිකව , මානසිකව , සමාජයීයව දරුවෙක් ලබන්නට තරම් පරිණත 
mature වෙලා නැහැ ,
ඉතින් මේ වයසේ දරුවෙක්ට දරුවෙක් ලැබීම යම් අනතුරක් සහිත සිදුවීමක් , මේ සියළු තත්තව වලින් 
යම් පරිනත බවක් ලබන්නට අඩුම තරමේ අවුරුදු 18ක් වත් වෙනකම් ඉන්න වෙනවා . ඒ නිසා වෙනත් 
සාධක මඟ හැරියොත් , වයස 20තමයි හොඳම කියලත් කියන්න පුළුවන් , එත් ප්‍රායෝගිකව මෙය , 
මෙම සීමාවෙන් ටිකක් ඈතට යනවා
විශේෂයෙන්ම කියන්නට ඕන දේ දරුවෙක් ලබන්නට හොඳ කායික , මානසික සහ සමාජයී පිරිපුන් 
බවක් අවශ්‍යමයි , ආර්ථිකයත් වැදගත් , ඒත් පළමු අවස්ථා තුන් ඉන් ප්‍රමුඛත්වයක් ගන්නවා , 
සෞඛ්‍යානුකූලව .ඒ මෙහෙමයි මුලින්ම දරුවෙක් රඳවා ගැනීම පෝෂණය සහ ආරක්ෂාව සඳහා 
ප්‍රමාණවත් නිරෝගී සෞඛ්‍ය තත්ත්වයක් මවට ඕනෑ , නැත්නම් වෙන්නේ මවත් ,දරුවාත් අනතුරේ 
වැටීමක් , අනෙක “මවක්“ යන ගෞරවනීය තනතුර ලබන්නට තරම් ඇයට යහපත් මානසික තත්ත්වයක් , දැනුමක් අවශ්‍යයි.
එසේ නොවීමත් අනාගත දරුවාට කරන්නේ අසාධාරණයක් , අනෙක මේ “අළුත් මවට“ , සමාජයේ 
පිළිගැනීමක් ,වගේම සමාජය පිළිබඳ , සමාජයීය සිදුවීම් , පවුල තුල රැඳිය යුතු ආකාරය , අඹු-සැමි 
සම්බන්ධය පවත්වාගැනීම වගේ සමාජයීය දැනුමක් පිළිගැනීමක් අත්‍යවශ්‍යයි , හිතන්න වයස අවුරුදු 
14ක විතර කෙල්ලෙක් අම්ම කෙනෙක් වෙලා පොඩි පැටියෙක්ව වඩා ගෙන ඉන්නව දැක්කොත් ඔබට 
මොකද හිතෙන්නේ , අපිට මේ වගේ දසුන් හුරුයි , සමහර පැටික්කියන් තමන්ගේ දරුව හරහට වඩා 
ගන්නවත් බැහැ , උස නැහැ , පැටියව හුරතල් කරන්නවත් තේරෙන්නේ නැති තරම් ,
                     ඇත්තටම දරුවෙක් බිහි කරන්න හොඳම වයස මොකක්ද කියල ඇහැවුවොත් , මේන්න මේක තමයි 
වයස කියල හරි අගයක් කියන්න අමාරුයි , ඒකට හේතුව මේ ගැටළුව මුළු ලොවේම තියෙන ප්‍රශ්නයක් ,
ඉතින් පාරිසරික තත්ත්ව , විවිධ සමාජ සහ සංස්කෘතීමය සිරිත් විරිත් , මත , සමාජයීය සහ ආර්ථික 
වශයෙන් යම් ස්ථාවරත්වයක් ලබන්නට ගත වන කාළය වගේ සාධක නිසා වෙනස්වන සුළුයි , නමුත් 
පොදුවේ ගත්තම ඒවගේම අර මුලික සාධක සියල්ලේ පරිනතියත් සැලකූවම , කානතාවකගේ වයස 
අවරුදු 20-26 අතරේ පළමු දරු පිළිසිඳ ගැනීම වඩාත් සුදුසුයි කියන මතය තමයි වඩාත් ප්‍රචලිත සහ 
විද්‍යාත්මක පිළිගැනීම .

ඒ කියන්නේ මේ වයස් සීමාව ඇතුලෙදි දරුවෙක් බිහි කරන එක වඩාත් ආරක්ෂාකාරීය කියන 
එක පමණයි , ඒවගේම දරු පිළිසිඳි ගැනීමක් සඳහා සුදුසුම ශාරීරක පරිසරයත් මේ කාළ සීමාව තුලමයි තියෙන්නේ , ඔන්න බය වෙන්න එපා , මම කීවේ නැහැ නේ 27න් පස්සේ බඳින්න එපා දරුවන් බිහි 
කරන්න එපා කියල , කමක් නැහැ , ඔබේ වයස මින් එහා නම් විවාහ වුනාට දරුවන් බිහිකරාට ප්‍රශ්නයක් 
නැහැ , ඒත් ප්‍රමාද වෙන්න ප්‍රමාද වෙන්න , දරුවෙක් පිළිසිඳි ගැනීමේ හැකියාව අඩු වෙනවා ,
විශේෂයෙන් වයස අවුරුදු 30න් පස්සේ ඒ හැකියාව වේගයෙන් අඩුවෙනවා , ඒ නිසා ඔබේ වයස තිස් 
ගණනක් නම් , බිරිදක් නම් ගේ හදල ඉවර වෙනකම් තව අවුරුදු ගානක් බලන් ඉන්න එපා , ඔබේ 
husband එක්ක ටිකක් කතා කරන්න සැලසුම් කරගන්න , තවත් විය පත් වෙනකම් ඉන්න එපා , 
පැටියෙක් හදා ගන්න, ඊට පස්සේ පුළුවන් විදියට ගේ වැඩ ඉවර කරගන්න ,
මොකද ගේ වැඩනම් ටික ටික හරි ඉවර කරන්න පුළුවන් , පැටියෙක් උපද්දවා ගන්න එක එහෙම 
කරන්න බැහැනේ , ඒ වගේම වෙන දෙයක් පරණ වෙනවා , කල් පහුවෙනවා වගේ නොවෙයි , 
කාන්තාවකගේ උපතේ ඉඳළම තියෙන විශේෂිත පටක වර්ගයකින් තමයි මේ ඩිම්බ සෛල නිපදවෙන්නේ. 
                   ඉතින් පරණ වෙන්න පරණ වෙන්න මේ විශේෂිත පටකයේ ක්‍රියාකාරීත්වය අඩුවෙනවා , ඒ වගේම එම  සෛල වල විවිධ විකෘතිතා ඇති වෙන්න පුළුවන් , (අපේ පරිසරයේ ඒ වගේ විකෘතිතා ඇති කරන්න 
පුළුවන් සාධක බොහෝමයි) ,
එහෙම වුනොත් පැටියෙක් නතා ගන්නට ඕන ප්‍රධාන සෛලයක් වන ඩිම්බ සෛල නිපදවීම අඩුවෙන්න 
හරි නිපදවෙන ඩිම්බ සෛල වල හැකියාව අඩුවෙන්න හරි , එහෙම නැත්නම් ජාන විකෘති වගේ තත්ත්ව 
සහිත ඩිම්බ සෛලයක් නිපදවෙන්නත් පුළුවන් , එහෙම වුනොත් සුන්දර නිරෝගී දරුවෙක් ගැන ඔබේ 
සිහිනය , කදුළු මුසු සිහිනයක් වන්නටත් පුළුවන් ,

             2009 දි C.D.C.(Center for disease control and Prevention) ආයතනය නිකුත් කළ  පර්යේෂණ වාර්තාවේ හැටියට එක් දහස් නමසිය හැත්ත ගනන් වලදි වයස 21දි පළමු වරට මව්පදවිය  ලැබීමේ ඉහළ තත්ත්වයක් තිබුණත් 2006 විතර වෙත්දි අපි මුලින් කී හේතු නිසාවෙන් එය අවුරුදු 26 පමණ දක්වා ඉහළ ගොස් ඇති බව හඳුනාගෙන තියෙනවා . 
හැබැයි පර්යේෂණය සිදුවෙන්නේ U.K.වල . කෙසේවෙතත් එම තත්ත්වය අපේ රටෙත් දැන් ටිකෙන් 
ටික දකින්නට පුළුවන් ,

teensex--301013-2

















                                            අද එහි ප්‍රධානතම හේතු සාධකය වෙන්නේ ආර්ථිකය සහ සමාජ තත්ත්වය වගේ කරුණු , නමුත් මේ පිළිබඳ පර්යේෂණ කරන ඔහියෝ විශ්ව විද්‍යාලයේ රෝන් ජීක්ල් කියන වෛද්‍ය විශේෂඥයාවරයාගේ
(Ron Jaekle, MD, a professor of clinical obstetrics and gynecology at the 
University of Cincinnati College of Medicine, in Ohio.) අදහසට අනුව කාන්තාවකට තම 
පළමු දරු පිළිසිඳ ගැනීම සඳහා හොඳම කාළය අවුරුදු 25-30 අතරෙදියි ,
ඊට ප්‍රමාදවීම මගින් විකෘතිතා (ඩවුන්ස් සහලක්ෂණය වැනි Downs sysndrom ) ඇති වීමේ අවදානම් 
වැඩි වන බවය ඔහු ප්‍රකාශ කරන්නේ , නියමිත වයස් සීමාවේදි දරු පිළිසිඳ ගැනීමක් වුනත් මෙවැනි 
අසාමාන්‍ය තත්ත්ව ඇති වන්නට පුළුවන් , වියපත්ව පිළිසිඳ ගැනීමක් සිදුවීමේදි වන්නේ එම අනතුර 
ඇති වීමේ අවස්ථාව possibility වැඩි විමක් .


මේ මොන මොන කතා කිව්වත් වයස අවුරුදු 35ට වඩා වියපත්ව දරුවෙක් පිළිසිඳි ගැනීම 
මවට මෙන්ම දරුවාටත් යම් තරමක ගැටළුකාරීබවයි වෛද්‍ය මතය , මොකද මේ වන විට මවත් විවිධ 
රෝග , උදාහරණයක් විදියට දියවැඩියාව , අධිරුධිර පීඩනය වැනි රෝගත් ගර්භාෂය ආශ්‍රිත 
Endometriosis වැනි රෝග තත්ත්ව වලටත් ලක් වෙලාවෙන්න පුළුවන් ,ඒ වගේම එම ගර්භනීත්වය ස්වභාවිකවම නැතිවීයාමට ඇති අවස්ථාවත් ඉහළයි , ඒ නිසා කියන්නටම ඕන දෙයක් තියෙනවා , ඒ 
තමයි මෙම සීමාවෙදි දරු පිළිසිඳ ගැනීමක් සිදු වුවහොත් නිසි වෛද්‍ය උපදෙස් මුල සිටම අනුගමනය 
කළ යුතු බව , වයස හතලිස් ගණන් වුනොත් මේ අනතුර තවත් ඉහළ යන්නට ඉඩ තියෙනවා .
කොහොම හරි අද පොඩි article එකක් කරනවා කියල හිතාගෙන වැඩේ පටන් ගත්තත් , අදත් ටිකක් 
දිග ලිපියක් තමයි සැකසුනේ , අවසන් වශයෙන් කියන්න තියන්නේ මේකයි , ඔබේ විවාහය , සහ ප්‍රථම
දරු උපත පිළිබඳ තීරණය අවුරුදු තිස් ගනනක් වෙනකම් ප්‍රමාද කරන්න එපා ,පුළුවන් නම් විසි පහ , විසි 
හය වගේ සීමාවකදි තමන්ගෙම දරු පැටියෙක්ගේ සුන්දර උණුසුම ඔය උණුසුමට මුසු කරන්න උත්සාහ 
ගන්න , life එක enjoy කරන්න , දරු පැටියෙක් හිටියා කියල මිනිසුන් ලෙසින් enjoy කරන්න 
බැරි කමක් මම නම් දකින්නේ නැහැ , 
මේ වන විටත් ඔබේ වයස තිස් ගනණක් නම් , ඔබ විවාහක නම් , අනේ තවත් ප්‍රමාද කරන්න එපා , ඔබේ පවුලේ වෛද්‍යවරයාගෙන් ඔබේ සෞඛ්‍යය තත්ත්වය ගැනත් විමසලා , ප්‍රමාද කරන්නේ නැතිව දරු 
පැටියෙක් හදා ගන්න උත්සාහ ගන්න , ඒවගේම පිළිසිඳි ගැනීමක් වුනොත් වෙන අයට වඩා පරිස්සම් 
වෙන්න , ඒ ගැන ඔබේ වෛද්‍යවරයාගෙන්ම උපදෙස් තොරතුරු ලබා ගන්න.

මේ ලිපියේ හුඟක් තැන් වල ඔබ කියල ආමන්ත්‍රණය කළේ විවාහක , කාන්තා සාමාජිකාවන්ට , අපේ 
මිතුරන් මාත් එක්ක අමනාප වෙන එකක් නැහැ නේ , ඔබේ වයසත් හුඟක් වැඩි වෙනකම් ඉන්න එපා , 
මොකද වයසට යනකම්ම ඔබේ ශ්‍රක්‍රාණු නිපදවුනත් , (කාන්තාවන්ට එම ඩිම්බ නිපදවෙන්නේ අවුරුදු 
46-48 විතර වෙනකම් විතරයි) , වයසට ගිය sperm වල පිහිනීමේ හැකියාව අඩුවන බව සොයාගෙන තියෙනවා , ඔබ දන්නවද ඔයාගේ ශුක්‍රාණු ලොකු තරඟයක් දීල , ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ඇතුලේ දුර 
ගමනක් පිනල ගිහින් තමයි ඩිම්බ සෛලයත් එක්ක එකතු වෙලා , පැටියෙක් හදන්න පටන් ගන්නේ , 
ඉතින් පීනන්න බැරි උනොත් ? එයා එනකම් බලා ඉදල දවස් දෙකකට විතර පස්සේ මැරිල යන්න තමයි 
අර ඩිම්බ සෛලයට වෙන්නේ , ප්‍රතිපලේ දරුවෙක් ලැබීමේ අවස්ථාව තවත් දුරස් වෙන එකයි.

Posted by ChAbhi | File under : ,

මොන මගුලක්ද
මම බැන බැන ෆෝන් එකේ එලාම් එක ඕෆ් කරා..
අද පංතිත් නෑ..
මොකටද උදෙන් නැගිටින්නෙ..
ඔබ එන්න සුළඟේ දැවටිලාමම ඉන්නෙ ඔබ දැන් එයි කියා
ඒ පාර කෝල් එකක්..පුදුම වදයක් වෙලාවකට මේ ෆෝන් එකෙන්..මම මිස් කෝල් ගහන එකාගේ දෙමව්පියො ආදරෙන් මතක් කරන ගමන් නොම්මරේ බැළුව අම්ම ගහයි බැට් එකෙන් එලව එලව.
මම මතක් කරල තියෙන්නෙ මගේ ආදරණීය නන්දම්මයි මාමණ්ඩියයිනෙ..මිස් කෝල් ගහල තියෙන්නෙ මගේ වෙන්ඩ වයිෆ්..
හරිනෙ බොලේ දැං මතක් උනේ..අද එයාව මීට් වෙන්න පොරොන්දු උනානෙ.පරක්කු උනොත් වසල හමාරයි..මම දඩි බිඩි ගාල ඇදෙන් පැනල ලෑස්ති වෙන්න දිව්ව..
අම්මේ..අම්මේ නැගිටින්න..මට අද පංති
උදේ පාන්දරම අම්මට බොරුවක් කියල නැගිට්ටෙව්ව..
මූන කට සෝදන් ලෑස්ති වෙලා අම්ම උයල තිබුන කිරි හොද්දයි බතුයි එක්ක බත් ටිකක් ගිල්ල ටක් ගාල..
හවස් වෙනවද පුතේ එනකොට ?
ඔව් අම්මෙ,හවස 5ටනෙ ඉවර වෙන්නෙ
එහෙනම් ඉන්න පුතේ.මං ටක් ගාල තව එළවලුවක් රත් කරල දවල්ට කන්න බත් එකක් බඳින්නම්.. ඔය කඩවල ජරාව කන්න හොඳ නෑ මේ දවස්වල මට මුකුත් කියන්න ඉඩක් නොතියම අම්ම උයන්න ගියා..
කීක් කීක් කීක් කීක්
patio,api ada lunch eka florance cafe 1n ganimu..welawata
anna.nathnam mm yanawa..ummmmmmma.
හරිනෙ ඉතිං.අදත් අම්මගෙ බත් එක විසි කරන්න තමයි වෙන්නෙ.. දවල් කෑමටත් සුපිරි වියදමක් යාවි..මං හැදුවෙ අද කෙල්ලත් එක්ක ෆිල්ම් එක බලන්න.නැහෙම උනොත් සල්ලි මදි වෙනවනෙ..
අම්මේ අද පංතියට සල්ලි ඕන.. තුන්වෙනි සතියනෙ.කාඩ් ගන්නෙ නැතුව ඇතුලට යන්න දෙන්නෙ නෑ
සල්ලි නෑ පුතේ.. 
හෙට පොලේ යන්න රුපියල් 1000 ක් ඇති.එහෙනම් ඒකවත් ගෙනියන්න.මොනව කරන්නද ?
හ්ම්ම්ම් එහෙනම් ඒකත් හරි මම ආපහු ලෑස්ති වෙන්න කාමරේට ආව.. 
හෙයා ක්‍රීම් ටිකක් ගාල කොන්ඩෙ කෙලින් කරා.. කෝ මේ සෙන්ට් බෝතලේ ? කෙල්ල පපුවට තුරුල් වෙලා ෆිල්ම් එක බලද්දි ගඳ ගැහුවොත් හද්ද නෝන්ඩියනෙ..මම කණ්නාඩියෙන් පේන මගේ ප්‍රතිබිම්බය දිහා බලං මහ වනචර හිනාවක් දැම්ම..
අනිත් උන් කෑලි එක්ක රූම් ගානෙ යනව නම් මම ෆිල්ම් එකක් බැළුවම මොකද? මම මූණ එක එක විදියට හැදුව කණ්නාඩියෙන් බලං..මම කණ්නාඩියෙ මට විරිත්තුවඌත් මට විරිත්තුව..මම එරෙව්ව..ඒත් මූ විරිත්තන්ම ඉන්නව..
මොකක් ? 
මම දිව ඇද්දා.ඒත් කණ්නාඩියෙ මම ඉස්සෙල්ල විදියටම විරිත්තන් ඉන්නව..
මොකද උඹ මට විරිත්තන්නෙ ?
මම කණ්න්නඩියෙ ඉන්න මගෙන් ඇහුව..
නෑ.. මට උඹ දැක්කම හිනා ගියා
ඒ මොකද උඹ මට හිනා වෙන්නෙ ?
උඹ නපුංසකයෙක්
මොකක් ? ගහනව මූසලය කුඩු වෙන්න..මගේ කෙල්ලගෙන් අහපන් මම කවුද කියල
උප්පැන්නෙ පුරුෂ කියල තිබුනට, ඔය පිරිමි අවයවේ තිබුන කියල උඹ මිනිහෙක් වෙන්නෙ නෑ
මොකක්ද උඹ කියන්න හදන්නෙ ? බණක් නම් සොරිම තමයි.මට ඕවට වෙලා නෑ.මං එනකම් කෙල්ල බලං ඉන්නව
ඉතිං පලයං..හැබැයි යන්න කලින් මෙකත් අහපං..උඹ අර අහිංසක අම්මට බොරු කරනවට උඹට හෙන ගහනව..ඒ මනුස්සය හිතන් ඉන්නෙ උඹ පංති ගිහින් හොඳට ඉගෙන ගන්නව ඇති කියල..තමන්ගෙ දරුව මහන්සි වෙලා පවුල ගොඩ දාවි කියල.ඒත් උඹ උඹේ පවුල එක්ක ෆන් ගන්න යනව.කවද හරි තේරෙයි උඹට..ඒත් එදාට අර අහිංසක අම්ම විඳවල මැරෙයි උඹ වගේ කාලකණ්නියෙක් බිහි කරපු වරදට..ලැජ්ජ නැද්ද මිනිහෝ,ගෙදර උන් කිරි හොද්දයි බතුයි කනකොට උඹ කොහෙවත් ඉන්න එකියක් එක්ක ෆයිඩ් රයිස් ගිලිනව. උඹට වදපු අම්මට රහට කන්න ටිකක් දෙන්න බැරි උනා..
තරුණ කාලෙ එහෙම තමයි..ආදරේ කරන එක වැරැද්දක් නෙවෙයිනෙ
ඔව් වැරදි නෑ..ඒත් පිට උන්ට ලව් කරන්න කලින් තමන් වදපු අම්මට ලව් කරපං.. උඹ කෙල්ල එක්ක රංඩු උනාම ඒකිගෙ මූන ලෙව කකා හුරතල් කරනව..ඔලුවෙ අත තියල දිවුරල පොරොන්දු දෙනව.අහස තරන් ආදරෙයි කියනව.මට කියපන් කවදද උඹ් තමන්ගෙ අම්මගෙ මූන ඉඹල මහෙ රත්තරං අම්මට මම ගොඩක් ආදරෙයි..මම අම්මගෙ හැම හීනයක්ම හැබෑ කරනව කියල කිව්වෙ ? කවදාවත් උඹ එහෙම කියල නෑ..ඇයි උඹට අම්මගෙ රැලි වැටුන වයසක මූන ඉඹින්න අප්පිරියද ?
පිස්සුද ? ඒ පොඩි කාලෙ අම්මලව ඉඹින්නෙ..දැන් ඕව කරන්න ලැජ්ජ නැද්ද ?
එතකොට දැන් ඉඹින්න ඕන කෙල්ල්ලොන්වද ? අනේ පලයං බං යන්න.. උඹල කොල්ලොත් එක්ක බෝතලයක් බිව්වම තමයි වීරයො.ගෙදර උන්ට බොරු සේරම කියල තියෙන තුට්ටු දෙකත් හොරකන් කරන් එක්කො කෙල්ලො එක්ක ෆන් ගන්න කියල යයි,නැත්නම් කොල්ලොත් එක්ක සෙට් වෙයි.ඕකනෙ උඹ්ලගෙ ජීවිතේ..උඹලගෙ ලෝකෙ වීරයො කොහෙ හරි ඉන්න තව රස්තියාදු කාරයෙක්,නැත්නම් බේබද්දෙක්..මිනිහො දහ දුක් විඳල උඹලට කන්න අඳින්න දෙන,උඹලට ෆන් ගන්න සල්ලි හොයල දෙන උඹගෙ තාත්තව උඹට ඈණයක්.. උඹව වලට ඇදල දාන කොල්ලො සෙට් එක උඹට බොක්කට වඩා වටිනව නේ.. අනිත් එක උඹේ ඔය ගෑණි.හැදිච්ච කෙල්ලෙක් නම් කොච්චර ලව් කරත් ඕවයි රිංගන්න එන්නෙ නෑ.. උන් ලව් කරන්නෙ හදවතින්.. කොල්ලට පොඩි ආතල් එකක් දීල ඌ හිඳෙනකං නැති කරන ගෑණුන්ට කියන්න වෙන නමක් තියෙනව
කට වහපං..තව වචනයක් හරි එයාට කිව්වොත් ම්ං තෝ මරණව
-ඇයි උඹට දුකයිද ? උඹට මාව මරන්න බෑ.මොකද මං උඹේ හෘද සාක්ෂිය. උඹට තමන්ගෙ හෘද සාක්ෂියට මරන්නත් බෑ.බොරු කරන්නත් බෑ.. තේරුම් ගනිං.ඔය වගේ කෙල්ලෙක් එක්ක කොහොමද අවුරුදු 50 ක් 60ක් එකට ජීවත් වෙන්නෙ.. අනික උඹ මොනව කිව්වත් ඕකි නරක කෙල්ලෙක්..තමන්ගෙ හැඟීම් දැන් පාලනය කර ගන්න බැරි නම් කොහොමද උඹව බැන්දම පාලනය කර ගන්නෙ ? සාර්ථක ජීවිතයක් ගෙනියන්න පූලූවන්ද ඔහොම කෙනෙක් එක්ක?
මං දන්නෑ. උඹ මාව පිස්සු වට්ටවනව ..
පිස්සු හැදෙන්නෙ උඹ තනි උන දවසට.අම්ම,තාත්තට පූළුවන් කාලයක් උඹට කන්න දෙයි. ඊට පස්සෙ කොහොමද උඹ කන්නේ ? යාළුවො ගෙනත් දෙනවද ? ඔය කෙල්ල හම්බ කරල දෙනවද ? නෑ උඹට එදාට කවුරුවත් නෑ.. එදාට තනියම විඳවන්න වෙනව උඹට.. හොරකම් කරල හරි මංකොල්ල කාල හරි තමයි ජීවත් වෙන්න වෙන්නෙ එදාට.. බල්ලෙක් වගේ පාරක මැරිල යන්න තමයි වෙන්නෙ.. දැන් වත් හැදියන්.. තාම පරක්කු නෑ.. මිනිහෙක් වෙයන්..නියම පිරිමියෙක් වෙයන්.. උඹේ දහඩිය මහන්සියෙන් හම්බ කරල ඒකෙන් ගෙදර මිනිස්සුන්ට බඩ පිරෙන්න කෑම වේලක් අරන් දියන්.. එදාට මං පිලි ගන්නම් උඹ නියම පිරිමියෙක් කියල..
මං ගෙදර මිනිස්සු ගැන හිතන්නෑ කියලද උඹ කියන්නෙ ?
කොල්ලෙක් අම්ම මතක් කරල කුණුහර්පයක් කිව්වම ඌත් එක්ක මරා ගන්න එකට නෙවෙයි කැක්කුම කියන්නෙ.. උඹ එයාටල ඇත්තටම ආදරේ නම් ඒක ඔප්පු කරපං.. නැත්තන් උඹේ අම්ම තාත්ත මැරුණම පාංසුකූලෙ දෙන්නවත් උඹට බැරිවෙයි..
ඇති..ඇති..දැන් හොඳටම ඇති..නවත්තපං ඕක
මම බිත්තියෙ එල්ලල තිබුන කණ්නාඩිය ගලවල අරං පොළවෙ ගැහුව..ඒක පොඩි පොඩි කෑලිවලට කැඩුණ..ඒ අතරින් මගේ රූපයත් බොඳ වෙලා පෙනුන..
මොකක්ද පුතේ බිඳුනේ ? හා කණ්නාඩිය කුඩු වෙලා නේ ද ? ඉන්න මං අස් කරන්නම්.පුතා දැන් යන්න,පරක්කුත් වෙලානෙ.මෙන්න බත් එක
අම්ම බිඳුන කණ්නාඩියෙ කෑලි ඇහිදීනව..ඒ අතරෙ මගේ ෆෝන් එකත් රිංග් වෙනව..මං ෆෝන් එක ඕෆ් කරා..
අම්මෙ මගේ ඔළුව රිදෙනව. අද යන්න බෑ .......

ඔබට මවක් වන පියෙකු වන පෙම්වතෙක් පෙම්වතියක් සිටිනම් ඔබ වන් වාසනාවන්තයකු මෙලොව නැත. ආදරය කිරිමේදි නුවනින් යුතුව කටයතු කරන්න. ඔබත් ඔබගේ පෙම්වතාට පෙම්වතියට මවක්පියෙක් වන්න. එවිට ඔබේ අනාගතය සුන්දර ලස්සන ආදරණිය තැනක් වෙනු ඇත.


ඔයා හිතන්න ..
SHARE කරන්න .. 
මේ කතාව තව කාගේ හරි ජිවිතයක් වෙනස් කරයි ..!