Tuesday, November 5, 2013

Posted by ChAbhi |


                       ආදරය යනු පුදුමාකාර දෙයකි, එය කිසි ලෙසකින් වත් යම් දෙයකට සම කල නොහැක.  ආදරයෙන්   එකිනෙකා  බැදෙන්නේ නොදැනුවත්වමයි. එසේ ඇතිවෙන සබදතා සියල්ලම කෙලවර වෙන්නේ විවාහ වෙලාද ? නැතිනම් ඒ ආදරය නොලැබීම තුලින් ඒ ආදරවන්තයින් සදාකාලිකවම තනිකඩ ජිවිත ගතකරනවාද? ඒක වෙනම කතාවක් . එහෙත් ඔය කියන ආදරය ලෝකයේ කා තුලත් ඇතිවන්නේ නොදනුවත්වමයි කියන කතාවනම් ඇත්තක් . සමහර වෙලාවට ඔහුට හෝ ඇයට ඇතිවී ඇත්තේ ආදරයක් බව සමීපතමයකු ඔහුට කියන තෙක්  එය ඔහුට හෝ ඇයට දැනෙන්නේ නෑ. ඒක ඔයාලත් ඇතැම් වෙලාවට අත්විදලා ඇති. කොහොමින් කොහොම උනත් එසේ ඇතිවෙන සත්‍යම ආදරය විවාහයෙන් පසු අවසාන මොහොත දක්වාත් පවතිනවා.  නොදැනුවත්වම ඇතිවෙන සත්‍ය ආදරයට මුල්ම පියවර තබන්නේ ඔබේ දෙනෙත බව ඔබට මොහොතකටවත් සිතුනාද?



                   දෙදෙනකු අතර අදහස් හුවමාරු     කරගන්නා ප්‍රධානම මාධ්‍ය තමන්ගේ හඬ වුවත්, හඬ වඩා වැඩි දෙයක්  කතා කරනා පුද්ගලයාගේ   අංග චලන මගින් හදුනා ගන්න පුළුවන්. කෙනෙකුගේ බාහිර ස්වරුපය මගින් තවකෙනෙකු හදුනා ගන්නා විදි නවීන විද්‍යාවේ දැක්වෙනවා. හඩට වඩා හදවත් තව තවත් ලං කරන ප්‍රධානතම සන්නිවේදන අවයවය වන්නේ ඇසයි. නමුත් බොහෝදෙනෙක් තම අදහස් හුවමාරුවේදී ඉන්ද්‍රියන් වන ඇස් ගැන සැලකිල්ලක් දක්වන්නේ නම් නෑ.ඉරියව් තුලින් බොහොමයක් දේ කරන්න පුළුවන්. 


                 වචන මගින් අදහස් ප්‍රකෂවෙන්නේ 7% වගේ සුළු ප්‍රමාණයක් ඉතිරි 93% ම සිදුවන්නේ ඉරියව් තුලින්. ඉරියව් තුලිනුත් වැඩි අදහස් ප්‍රමාණයක් ප්‍රකාශ වන්නේ ඇස් වලින් . ආදරය තුල තම ඇස් බාවිත කරමින් කොල්ලන්ව වසගයට ගන්නට උපන් හපන්කම් ඇත්තේ කෙල්ලන්ට කිව්වොත් ඔයාල කවුරුත් ඒකට විරුද්ධ වෙන එකක් නෑ . මොකද කෙල්ලන්ට ඒ වැඩේ හොදට පුළුවන් කියල කොල්ලෝ විතරක් නෙමෙයි කෙල්ලෝ වෙන එයාලත් දන්නවා. ලස්සනට ඇදගෙන ඇවිල්ල ඇස්වලින් කතාකරල කොල්ලෝ අල්ලගන්න කෙල්ලෝ ඒ කොල්ලව සුද්දම කරලා යනවා ඕනේ තරම් ඔයාල දැකල ඇති. ඇත්තටම ආදරය කරන කෙල්ලෝ නැතුවම නෙමෙයි මම කිව්වේ ගොඩක් වෙන දේවල් .  හැබැයි ඉතින් දන්න කොල්ල දන්නවා මේ ඇස් කතා කරන්නේ බොරු ආදරයකටද , නැතිනම් බොරු ආදරයකට ද කියලා. කොහොම උනත් කවියන් තමන්ගේ කාව්‍ය වලට තරුණිය කතාකරන ඇස් තුලින් තම ආදරය ප්‍රකාෂ කරන බව පැවසුවෙත් මේ නිසාමයි.





                    බොහෝ තරුණියන් තම ඇස් විශාල කරමින් තම අවධානය ගන්නා තරුණයන් හට  පෙන්වීමට උත්සහ කරන්නේ තමන් පුදුමයට පත් වූ බවක් . එසේම කුඩා ළමුන් අසලදී ඈ හින් නෙත් කැල්මන් පාමින් අහිංසක බවක් නිරුපනය කරයි. සමහර තරුණියන් තම ආදරය කරනා තරුණයා කෙරෙහි වන කැමැත්ත මතු කරන්නේද ඔහු වෙනතක් බලාසිටින විට හොරැහින් බලමිනි. පිරිමියා මේ සියල්ලම වටහාගැනීමට තරම් සියුම් ලෙස කෙල්ලන් දෙස බැලිය යුතුය. ආදරය කිරීමට කෙල්ලන්ගේ කතාකරන දෑස් නිතරම පෙන්නනේද නැත. ඇය එය පෙන්නනේ තමාට ආදරයට සුදුසු යැයි සිතින කොල්ලෙකුට පමණි.




                       රුසියානු ඔත්තු සේවය මේ හැකියාව අතීතයේ තේරුම් ගෙන තම සතුරන්ගේ ඔත්තු බැලීමට ඔත්තුකරියන් යොදාගෙන ඇත්තෙත් මේ නිසාමයි. ඔත්තුකරියන් තම නෙත් වලින් කරනා බැල්මට රැවටුන ජමානු සොල්දාදුවන් බොහොමයක් මරණය වැලදගත්තා. කෙල්ලන්ගේ ආදරබර බැල්ම සත්‍ය ආදරයට මෙන්ම ව්‍යාජ බලපෑම් වලට යොදාගත්තේද එසේයි. එහෙත් අවංකව ආදරය කරන පුද්ගලයාගේ  නෙත් දෙස ස්වල්ප වෙලාවක් බලාසිටින විට එය අවංක ආදරයක් බව හදුනා ගන්න පුළුවනි. ආදරය තුල එකිනෙකාගේ හැගීම් හදවත් වල කාවැද්දීමට දෙනෙත් සහය වෙයි. ආදරවන්තියක තම ආදරවන්තයා කෙරෙහිත් ආදරවන්තයා ආදරවන්තිය කෙරෙහිත් වන හැගීම් ඔවුන්ගේ නෙත් වලින් ගලා ආවත් එය වෙනකකුට තේරුම් ගත නොහැකි වන්නේ, ඒ හැගීම් හදුනා ගත හැක්කේ ඔවුන්ගේම නෙත් වලට බැවිනි. 




           මිනිසා දෙස බලාසිටීමෙන් ඔවුන් හදුනාගැනීමේ හැකියාව ඇතිවෙයි. පුද්ගලයන් හොදින් හැදෑරීම තුලින් ඇස් භාෂාව නිවැරදිව තෝරාබේර ගැනීමටත් හැකියාව ඇතිවෙයි. ගැහැණියකගේ නෙත් දෙස බලා සිටීම භාවනාවකට සම කරන මිනිසා ගැහැණියක්  තරම් අපුරුවට ආදරය සදහා නෙත් බාවිත නොකරයි. පුදුමයට කරුන නම් ඔවුන් කරන්නේ තමන් සිත් ගත් යුවතියට ආදරයට ආරාධනා කිරීමක් ලෙස ඇයට (ඇසක්)ඇහැක් ගැසීම පමණි.



Posted by ChAbhi |

       මේ ලෝකයේ ජීවත් වෙන මිනිස්සු හිතන පතන විදිය එකිනෙකට වෙනස් . එක එක අය හිතන්නේ එක එක විදියට. කෙනෙක්ට තෑග්ගක් ලැබුනම එක ගැන හිතන විදියත් වෙනස්. මෙතැනින් කෙල්ලෝ කොල්ලෝ ගත්තම ඒක තවත් වෙනස් වෙනවා . ඒත් කෙල්ලන්ගේ ඒ තෑගි ගැන දක්වන ආකල්පය ගොඩාක් වෙනස්. ඒ වගේම තමා හැම කෙල්ලම එක වගේ නෑ කියලත් අනිවාරෙන්ම මතක තියා ගන්න ඕනි, 

මේත් එක්තරා විදියක ගැහැණු ළමයෙක්ගෙ කතාවක්......



                          

                                                          “  මේ අවුද්දෙත් anniversary එක ලග ලගම එනවා.ළග    එන anniversary එකට මට හිතාගන්නවත් බැරි තෑග්ගක් දෙනවා කියල ඔයා කිව්වේ ගිය අවුරුද්දේ හරියටම මෙන්න මේ කාලෙදිමයි.මට ඔයාගෙන් කොච්චරනම් තෑගි ලැබිල ඇතිද. ඒ උනත් මේ තෑග්ග නම් ගොඩක් විශේෂයි.ඒ මම ඔයාට දෙන තෑග්ගත් ඔයා  මට දෙන තෑග්ගත් එකම නිසා.එදා මෙදා තුර ඔය මට දීපු හැම තෑග්ගක්ම මම පරිස්සමට අරන් තියල තියනවා මගේ අල්මාරියේ උඩ තට්ටුවේ. ලියුම්, card , සෙල්ලම්බඩු , jewelery’s ඇදුම් වගේ ගොඩක් දේවල් එතන තියනවා. මේ හැම තෑග්ගක්මඅතට ගන්න කොට ඒකට හදුනා ගැනීමක් ඇමිනිලා තියනවා.. 


          මගේ අතට අහු වුනේ ඔයා මට මුලින්ම දුන්නු valentine day card එක. ඒ හරියම කියනවා නම් අපි A/L   කරන කලේ.ඔයා මගේ යාලුවෙක් අතේ ඒක එවල බලන් හිටිය මට මතකයි.මාත් දුන්නු ගමන්ම card එක අතට ගත්ත හරියට බලන් උන්න වගේ.කවරේ ඇරලා බැලුවට මම එක කියෙව්වේ නෑ...මොකද මම එතකොටත් ලජ්ජාවෙන් රතුවෙලා හිටියේ.පන්තියේ පොත් අස්සේ හගවාගෙන මම හොරෙන් හොරෙන් කියෙව්වා.එකේ ලොකු දෙයක් ලියලා තිබුනේ නෑ. 

 
                                     ඒකෙ තිබුනේ
I LOVE YOU කියල විතරයි..

 

                ඒත් ඒ අකුරු ටික හැමදාම අතගාල බැලුවා. මට හොදට මතකයි එතකොට මම ඔයාට ආදරේ කලේ නෑ.ඒත් මගේ හිත අමුතුම හැගීමකින් පිරිලා තිබුනා.මම ඒ හැගීම කොච්චර කාලයක් ඇත වින්දද කියල මට මතක නෑ.ඒත් ඔයා මගේ  birthday එකට ඊලග තෑග්ග දෙනකම්ම මම ඒ දේ අත් වින්ඳා.


                                     මගේ birthday එකට ඔයා  දුන්නේ ලස්සන ටෙඩි බෙයාර් කෙනෙක්. ඒත් මේ ටෙඩිට තිබුනේ නපුරු පෙනුමක්.මම ඒක ගෙදර ගෙනත් ඌ දිහා බලන ගොඩක් වෙලා කල්පනා කළා.අපේ අක්ක නම් කිව්වේ කළුවරේ දැක්කොත් බයවෙයි කියලා.ඒත් මම ඒ ටෙඩිට ගොඩක් කැමතියි.මොකද ඒක දැක්කම මට ඔයාව මතක් වෙන නිසා.


              ඔහොම කාලය ගතවුණා. ඒ කාලය ඇතුලත මට ඔයා මට ගොඩක් තෑගි දුන්න. ඒත් අරවගේ මතකයක් මට ඒවායින් ලැබෙන්නේ නෑ.මේ කලදී මම job එකක් කරන්න කොළඹ ආවා. මම වැඩ කලේ බැංකුවක ඉතින් මට salary එකත් හොදට ලැබුණා.මම යාළුවොත් එක්ක fashion bug , house of fashion ,ODEL  වගේතැන්වලින් ඇතිවෙනකම් බඩු ගත්තා. ඊට පස්සේ Mac Donald එකෙන් හරි KFC එකෙන් හරි කාල තමයි බෝඩිමට ගියේ.මට හැමදේම තිබුනා .හැම ඇදුමකටම match වෙන විදිහේ jewelers ,shoes ,handbag වගේ දේවල් හැමදේම.ඉතින් ඔයා දෙන තෑගි මට ඒ තරම් වැදගත් උනේ නැත්තේ ඒක නිසා වෙන්න ඇති. 


                මම ඔයාට දුන්නේ මිල වැඩිම shirt , watches ඉතින් මම බලාපොරොත්තු වුනෙත් ඒ වගේ දේවල් ඔයා මට දෙයි කියල. ඔයා මට raping paper එකක ඔතල දෙන තෑගි ‘මට එපා’ කියල ඔයාගේ මුනටම කිව්වේ තරහින්.ඒ හින්දා තෑගි shop වලටම ගිහින් බලමු කියලා මම යෝජනා කළේ. මගේ හිත ගිය හැමදේකම මම ඉස්සලම බැලුවේ price tag එක දිහා. මට ඕනේ උනේ ලොකු බිලක් ඔයාට දාන්න කිව්වොත් හරි. ඒ මම ඒ කළේ ගතකරපු සින්තටික් ලෝකේ හැටි. මොකද අනිත් යාළුවන්ට නොදෙවෙනි තෑග්ගක් ගන්නයි මට ඕනේ කළේ.


               මම පොඩ්ඩක්වත් හිතුවේ නෑ ඒ ගැන ඔයා මට වියදම් කරන්නේ තව ඔයාගේ අවශ්‍යතා කියක් පස්සට දාලද කියල. දැන් මට  ඒ ගැන හිතනකොටත් දුකයි.ඒත් එහෙම ගත්තු කිසිම දෙයක් මට වටින්නේ නෑ.

              අවුරුදු 2 කට කලින් මම ඔයාව marry කළේ ඒ සින්තටික් ලෝකෙට සදහටම සමු දීලා.දැන් මම ආදරයත් විශ්වාසයත් එක්කම ඔයත් එක්ක ජීවත් වෙද්දි මගේ හිතට පුදුම නිදහසක් සැහැල්ලුවක් දැනෙනවා.හෙට අනිද්දා ම, මම ඔයාට පුදුම හිතෙන තෑග්ගක් දෙනවා.


 ඒ අපේම පුංචි කිරිකැටියා.ඒ තමයි අපිට ජීවිතේ ලබන්න පුළුවන් උතුම්ම තෑග්ග..




(සැ.යු. මෙම ලිපිය කිසිදු ආකාරයකින් මගේ ජීවිතයට සම්බන්ද නොවන අතර මෙය උපුටා ගැනීමකි)

Monday, November 4, 2013

Posted by ChAbhi | File under :
මේක ඇත්තම ඇත්ත කතාවක්.. 



අවමංගල්‍ය ශාලාවක තම විවාහ මංගල්‍ය සැමරූ අපූරු පෙම්වතෙකු ගැන චීනයෙන් වාර්තා වෙනවා. ඔහු හා අතිනත ගත් පෙම්වතිය වූයේ මල කදක්. 26 හැවිරිදි ෂුවාන් ග් හු ආගියු 21 හැවිරිදිව සිටි හුෂාඩ් නැමති පෙම්වතියගේ අත ගන්න සිතා සිටිය දවසට දින 8කට කලින් නිවසට කඩා පැන්න සොරුන් ගේ ප්‍රහාරයට ලක් වූ පෙම්වතිය මිය ගියා. 
නමුත් සැබෑ පෙම්වතෙකු වූ ඔහු නියමිත දිනයේ මංගල උත්සවය ගන්නට සිතුවා. ඔහු එදින නෑදෑ හිත මිතුරන්ට කියා මංගල ඇදුමින් සැරසී සිය පෙම්වතියට මුදු පලදවා ඇය තම බිරිද කර ගත්තා. පසුව ඔහු පෙම්වතියගේ ඡායාරූපයක්ද රැගෙන අවමංගල්‍ය ශාලාවේ ඉදිරියට පැමින නෑදෑ හිත මිතුරන් පිලි ගත්තා.ඒත් මේ අවස්ථාවේ විශේෂය වූයේ නෑදෑ හිත මිතුරනුත් මනාලයාත් සිනාව වෙනුවට කදුලින් බර වී මේ අවස්ථාවට සහභාගී විමයි.

අවංක ආදරය යනු මෙය නොවේද?
මේ වගේම "මගේ ආදරේ ඔයා වෙනුවෙන් හැමදාමත් අවංකයි පණ.. සත්තකින්ම අවංකයි"



එහේම කියන්න මේ පිරිම ළමයට මොකක්ද වුනේ ?

“ජුලී“ කියලා ලස්සන නමක් තිබුන මේ ගැහැණු ළමයා ගොඩාක්ම බය වුනා කාටහරි ආදරේ කරන්න. මොකද දන්නවද මේ බය? ජුලීට අවු.13 වෙද්දී එයාගේ තාත්තා නැතිවුනා. ඒ අධික ලෙස දුම්බීම නිසා හැදුනු පිළිකාවකින්. ඊට පස්සේ තනිවුනු අම්මා විඳින දුක් වේදනා මේ ජුලී හොදට දැක්කා. ඒ හින්දම ඇය දුම්බොන පිරිමි අයට වෛර කරන්න වුනා. පිරිමි ළමයින්ට ආදරේ කරන්නත් බය වුනා.

කාලයත් එක්ක ජූලී යාලුවුනා එයාගේ පන්තියේම හිටපු පිරිමි ළමයෙක් එක්ක. එයාගේ නම “මැක්කෝයි“ මේ පිරිමි ළමයත් දිගටම දුම් බොන්න පුරුදු වුනු කෙනෙක්. එයා එයාගේ යාලුවොත් එක්ක නිතරම වගේ මේ දේ කළා. ජුලී එයාගේ මැක්කෝයි මුණගැසුනු හැම වේලාවෙම තමන්ගේ පියාට දුම් බීම නිසා වුනු දේ කිව්වා. ඒ ඔහුව මේ පුරුද්දෙන් ගලවා ගන්න. ඒත් ඇය ඔහු යාලුවොත් එක්ක යන එක නතර කරන්න උත්සාහ කලෙත් නෑ. මොකද ඒක මැක්කෝයි ගේ සතුට නිසා. මේ සබඳතාවට මාස 3ක් වෙද්දීම මැක්කෝයි හොදටම ලෙඩ වුනා. ඒ සිගරට් නිසා පෙනහලු වල ඇති වෙච්ච Emphysema කියන රෝගයකින්. ඔහුගේ ජීවිතය ගැන කිසිම බලාපොරොත්තුවක් නැතිව, අවුරුදු දෙකක් ගත වෙද්දීත් වෛද්‍යවරු ඔහුට ප්‍රතිකාර කරනවා. ඒ අවුරුදු දෙක පුරාම ජුලී ඔහු ළඟටම වෙලා එදා තිබු ආදර සෙනෙහසින්ම ඉන්නවා. ඇයගේ පාසැල් ගමන නවත්තලා, ගෙදරින් එන බැනුම් වගේම අතේ තියෙන මුදලුත් වියදම් කරමින් තමා මෙහේම ඉන්නේ. ඇයගේ තිබුන පිවිතුරු ප්‍රේමය මේ මැක්කෝයි ව ජීවත් කරවනවා. මේ විධියට කාලය ගතවෙලා අවුරුදු දෙකක් ගතවෙද්දී ඔහු සුවය ලබනවා. සුවය ලබපු මේ කොල්ලා සිගරට් බීම නවත්වලාම දානවා. ඒ වගේම ඔහු “ජුලී“ විවාහ කරගෙන සතුටින් ජීවත් වෙනවා.

මේ පින්තුරයේ ඇත්තටම ඉන්නේ ඒ දෙන්නමයි.
ඒත් එක දෙයක් මේ මැක්කෝයිට නිතරම කරදර කරනවා. ඒ මොකක්ද? ඒ ඔහුගේ හදවත. එය නිතරම ඔහුගෙන් අහනවා ඔහු “ජුලීට“ ඇහුම්කන් දුන්නේ නැත්තේ ඇයි කියලා. අන්න ඒ හින්දම අර මුලින් ම කියපු කතාව ඔහු හැමෝටම කියන්න හිතාගත්තා. ඒ තමයි “ යාලුවෝ සියයක් දේ කිව්වත් කරන්න... ඒත් ඔබට ආදරය කරන කෙනෙක් එපා කියන දෙයක් ආපහු කිසිවිටකත් නොකරන්න...“

කතාව කියෙව්වට ''සිගරට් බොන්න එපා'' කියලා නම් මම කියන්නේ නෑ, මොකද ඉතින් ඒ සිගරට් පෙට්ටියේම ඒකේ විපාක ගැන සඳහන්ව තියෙන නිසා. ඒත් කවුරු හරිම ඔබට ආදරය කරන කෙනෙක් “ඔය දුම්බීම නවත්තන්න“ කියපු දවසක මේ කතාව ආපහු මතක් කරගන්න. ඊට පස්සේ තමන්ගේ හදවතින් අහන්න ඒ දේ තවත් කරනවද නැද්ද කියලා ..

Thursday, October 24, 2013

Posted by ChAbhi | File under :


උදේ පාන්දරම රෝහලක නර්ස් නෝනා කෙනෙක් වගේම මුළු රෝහලම බොහෝම කාර්යබහුලව කලබලයෙන් වැඩ. 
උදෑසන 8.30 පමණ වෙනකොට අවුරුදු 80ක පෙනුම තියෙන මහත්මයෙක් මේ රෝහලට ආවා. 

ඔහු ආවේ ඔහුගේ මහපටඟිල්ලේ තිබුනු තුවාලයකට නැවතත් ඛෙහෙත් කරගන්න. 
අහම්බයෙන් වුනත් මේ නර්ස් නෝනා මේ මහත්තයාව දුටුවේ ඔහු නිතරම කලබලයෙන් තමන්ගේ අතේ තියෙන ඔරලෝසුව බලන නිසාමයි.

”ඔහුට නම් හොදටම කලබල පාටයි. තව මොකක් හරි වැඩක් දාගෙන. හදිසි නම් මොකටද දැන්ම ආවේ. මේ ලෙඩ්ඩු ටිකට සාත්තු කරලා තමා ඔහුව බලන්න වෙන්නේ.” ඇය හිතුවා.

නැවත නැවතත් ඔහු දිහා බැලුව නර්ස් නෝනාට හැම වතාවෙම දකින්න වුනේ අපහසුවෙන් තම ඔරලෝසුවේ වෙලාව බලන මේ වයසක මහත්තයම තමා.

”මේ මනුස්සයට මොනවා වෙලාද. ඔරලෝසුවමයි බලන්නේ”

පැයක් ගත වෙද්දී වෛද්‍යවරයෙක් එක්කම ඔහුගේ තුවාලය ගැන හොයා බලන්න ඇයට පුළුවන් වුනා. තුවාලයට ඛෙහෙත් කරන ගමන් මේ නර්ස් නෝනා ටිකක් තරහෙන් වගේ මෙහෙම ඇහුවා.

”මොකද ඔබ තුමා නිතරම වේලාව බලන්නේ. වෙන මොකක් හරි වැඩක් දාගෙනද?”

”ඔව් නෝනා. මම අද මගේ බිරිඳත් එක්කම සාත්තු නිවාසයේ හිඳ උදේ ආහාර ගන්නයි හිටියේ.” ඔහු ශාන්තව කිව්වා.

”ඇයි, ඇයට මොකක් වෙලාද?”

”ආ, ඇය ටික කාලයක ඉදලා එහි නැවතිලා ඉන්නේ. ඇයගේ මොළයට හානි ගෙන දෙන රෝගයක් හැදිලා. 

කතාව අතරම ඛෙහෙත් දාලත් ඉවර වුනා.

”ආනේ. දැන් ඉතින් 9.30ත් පහු වෙලා. ඇයට දුක හිතේවි ඔබ උදේ ආහාර ගන්න ආවේ නැති එකට” නර්ස් නෝනා ටිකක් විහිලුවෙන් වගේ කිව්වා.

”නැහැ එහෙම වෙන්නේ නෑ. ඇය දන්නේ නෑ මම කවුද කියලා. ඇය අවුරුදු 5ක් තිස්සේ එහෙමයි. ඇයට සියල්ල අමතක වෙලා.” ඔහු කිව්වා.

”මොනවා ` ඇයට සියල්ල අමතක වෙලා? ඔබව අදුන නොගෙනත් ඔබ අවුරුදු 5ක් පුරාවටම ඇයත් එක්ක උදේ කෑම ගත්තද? තාමත් ඇයව බලන්න යනවද? ඒක නම් හරිම පිස්සු වැඩක් කියලයි මට නම් හිතෙන්නේ.” නර්ස් නෝනා පුදුමයෙන් කිව්වා.

ඔහු නර්ස් නෝනාගේ අතට පොඩි තට්ටුවක් දැම්මා…

”ඇයට නම් මාව දැන් මතක නෑ තමයි, ඒ වුනත් මට තාමත් ඇයව මතකයි. ඇය මගේ බිරිඳ, මගේ ආදරිය.”

ඔහු යන්නට ගියා. නර්ස් නෝනාගේ ඇස් වල කදුලු. ඇය සෙමින් තමාටම මිමිණුවා…

”අනේ, හැම කෙනෙකුගේම ජිවිතයට ඕන මේ වගේ ආදරයක් නේද…?”

Thursday, October 10, 2013

Posted by ChAbhi |


තමන් මොන තරම් කාර්යබහුල උනත් 
ඇත්තටම ආදරේ කරන
කෙනෙක් නම් තමන්ගෙ
ආදරේ වෙනුවෙන් පුංචි හරි
වෙලාවක් හොයාගන්නවාමයි



Wednesday, October 9, 2013

Posted by ChAbhi | File under :
ඔන්න දවසක් අම්මා කෙනෙක් තමන්ගෙ පුතාගෙන් මෙහෙම අහුවලු.........



අම්මා   :  මගේ ඇස් දෙක අන්ධ වුනොත් පුතා මොකද කරන්නේ?

පුතා      :  මම අම්මව රටෙ ඉන්න හොදම ඇස් දොස්තර ලගට අරන් යනවා..

අම්මා   :  හොදයි පුතා ඒ දොස්තරට සනිප කරන්න බැරි වුනොත්?

පුතා      :  මම අම්මව මේ ලෝකේ ඉන්න හොදම දොස්තර ලගට අරන් යනවා..

අම්මා   :  මගෙ හොද පුතා එත් පුතේ එකට ගොඩක් වියදම් යනවනේ?

පුතා      :  ඔව් ඒ වුනාට අම්මා වෙනුවෙන් මට කරන්න බැරි දෙයක් නෑ...

අම්මා   :  අනේ මගෙ රත්තරන් කොල්ල පව්...  ඒත් පුතේ එහෙමත් කරන්න බැරි වුනොත්?

පුතා      :  මම මගේ අම්මව ඇස් ‍දෙක වාගේ ආදරයෙන් බලා ගන්නවා...

අම්මා   :  මගේ පුතාට ත්‍රිවිධ රත්නයේ පිහිටයි...

පුතා      :  මගේ ඇස් දෙක අන්ධ වුනොත් අම්මා මොකද කරන්නේ?

අම්මා   :  අම්මා දුප්පත් නිසා පුතා වෙනුවෙන් වියදම්කරන්න ගොඩක් සල්ලි  නෑනේ  ඒ නිසා මම මගේ ඇස්      දෙක පුතාට දෙනවා

Tuesday, October 8, 2013

Posted by ChAbhi |

ආදරය යනු නිදි නැති රැයක බෝඳ සිහිනයකි දිය මත වැටී සුදු මල් රැලි අතර නැලැවෙන සේ සසල සිත මුකුළු කරවන 
ආදරය යනු මෘදු මද පවනකි ගතේ තැවරී, සිහින් සුව දී විගසින් ඉ‍ගලී පියඹනා නැත නතර වන සදහට ම ළඟ 
ආදරය යනු සිත් ගත් සුවඳකි කුසුම් දස දහසක් ගෙනෙන ඒ සුවඳින් මත් ව සිහින ලොවට ඔසවා ගෙන යන සුවඳ රොදකි සිත්කළු 
ආදරය යනු ඉරමුදුන් දින නිල් පැහැති කදු වළල්ලකි නෙත් පුරා, සිත් පිනා නිසල කරන ගත සිත 
ආදරය යනු සුළඟින් නැළැවෙන පස් පියුමෙන් සපිරි - නිල් විල්තෙරකි ගතට සිතට නෙතට - සහන් සලා නළවන 
ආදරය යනු ගල් මතින් පොපියා වැටෙන දියළුමකි-දුම්හිඳකි පියකරු දිය ඉහිරී, සිසිල දී කරන පහන් සිත් සතන් 
ආදරය යනු කියවා නිම කළ නොහැකි ලස්සන පොතකි 
ආදරය යනු පුන් පොහෝ දිනක බෝ සිසිලිළාල හඬ මැද බවුන් වඩන පහන් සිතතක නිවිසැනැහුම් ආවේගයකි වචනයෙන් කිව නොහැකි මුත් සිහින් ලෙස දැනෙන 
ආදරය යනු අමුතු ආගන්තුක සහනයකි හද පතන 



ආදරය යනු.... ආදරය යනු... ආදරය යනු... වෙනකක් නොව, ආදරය යනු ඔබ ය - මා පෙම්බරි යේ. . .




Monday, October 7, 2013

Posted by ChAbhi |

ආදරණීය අයකුට ඊ මේල් පණිවුඩයක් හෝ කෙටි පණිවුඩයක් යවනා විට අවසානයේ හාද්දක් සලකුණු කිරීම අකුරක් හෝ දෙකක් යෙදීම සුලභ දෙයකි. එහෙත් දැන් එය යල් පැන ගිය ක‍්‍රමයකි.
ඔබට ආදරර්‍ණය ඊමේල් ලිපියක අවසානයේ සැබෑ හාද්දක් තැබීමට තරම් අද තාක්ෂණය දියුණුය. ඊමේල් සහ කෙටි පණිවුඩ සමග සැබෑ හාදු යැවීමේ තාක්ෂණය බිහි වූයේ සුප‍්‍රකට විලාසිතා සමාගමක් වන Burberry සහ Google ආයතනවල එකතුවෙනි. මෙම හාදු යැවීමේ තාක්ෂණය හැඳින්වෙන්නේ  “Burberry Kisses” නමිනි.

ක‍්‍රමය ඉතා සරලය.
kisses  burberry   වෙබ් අඩවියට ඇතුළු වන්න. 
පරිගණකයට සම්බන්ධ කැමරාවෙන් ඔබේ දෙතොල් සමීප ඡයාරූපයක් ගන්න. නැතහොත් ඔබේ ස්පර්ශ සංවේදක ජංගම දුරකථනයේ තිරය සිප ගන්න. එම අවස්ථාව දෙකම ඔබට කරදරකාරී නම් Burberry වෙතින් ඉක්මන් හාද්දක්’ තෝරා යැවීමටද පුළුවනි.
හාද්දේ පැහැය රෝසදම්රතු හෝ සාමාන්‍ය තොල් පැහැයෙන් ලබා ගැනීමටද හැකියාව තිබේ. දැන් ඔබේ ආදර ර්‍ණය පණිවුඩය සටහන් කරන්න. ඔබේ ආදරර්‍ණයයා වෙත එය යවන්න. එය ඔබේ ආදරණියයා වෙත ගමන් ගන්නා මාර්ගය පවා සජිවීකරණ තාක්ෂණය සහ Google Earth ඒකාබද්ධ වී ඔබට පෙන්වා දෙනු ඇත.






♥ ඇය නොකල වරදකටත් ඔබෙන් සමාව ඉල්ලනවා නම්,
♥ ඔබ ළඟ ඉන්නට නැතිවීම ගැන ඇය හඬා වැටෙනවා නම්,
♥ ඔබ මොන දේ කළත් ඔබව ඇගේ කරගන්න ඇය කැමති නම්,
♥ ඔබ ඇයට කොතකම් නපුරු වුණත් තවදුරටත් ඇය ඔබට ආදරය කරනවා නම්,
♥ ඔබත් එක්ක සම්බන්ධය ආරක්ෂා කරගන්න ඔබ රණ්ඩු වන විට ඇය රණ්ඩුව නවත්වාගැනීමට උත්සාහ කරනවානම්,
♥ ඔබව හැමතිස්සේම ඇයට විශේෂ කෙනෙක් වෙනවානම්,
♥ ඇය නිරතුරුවම ඔබව සතුටින් තියන්න උත්සාහ කරනවානම්,
♥ ඇය දුකෙන් සිටියත් ඔබ සිත් තැවුලට පත්වේයැයි සිතා ඔබට ඒ ගැන නොපවසන්නේ නම්,
♥ ඔබගේ වැරදි නිසා ඇයට ඔබව දමා යන්නට උවමනා වුවත් ඇයට එය කිරීමට හිත හදාගන්න බැරි නම්,
ඇය ඔබ වෙනුවෙන්ම මේ ලෝකයේ සිටින තැනැත්තියයි

 කිසිම දිනක ඇයව අහිමි කරගන්නට එපා
Posted by ChAbhi | File under :


  1. හරි දැන් ඒක ඉවරයි - ගැටුමක අවසානයේදී යොදාගන්න අතර මෙසේ කීමෙන් පසු කොල්ලා කටපියා ගැනීම හොඳය.
  2. ඕන එකක් කරගන්න - මෙය අවසර දීමක් ලෙස වැරදියට වටහාගන්න එපා. ඔය කියන්නේ කරන්න එපා කියාය.
  3. විනාඩි පහක් දෙන්න - කෙල්ල ඇඳුම් අඳිනවානම් මේ කියන්නේ පැය බාගයක් ගැනය.කොල්ලාට ගෙදර කෑම උයන්න උදව්වෙන්න කලින් විනාඩි 5ක් මැච් එක බලන්න කිව්වා නම් ඒ කියන්නේ හරියටම විනාඩි 5ක් ගැනය.
  4. හ්ම්ම් - මේක වචනයක් නෙවෙයි වගේ පෙනුනත් කෙල්ලන්ගේ භාශාවේ වචනයක්ය . මේකේ සද්දේ වැඩි නම් ඇය හිතන්නේ ඔබ මෝඩයෙක් කියාය. නිකන් බොරුවට ඔයත් එක්ක වාද කරන එකේ පලේ මොකක්ද කියල ඇය හිතනවාය. නිකන් කියන එකේ තේරුම සඳහා අංක 9 බලන්න.
  5. කමක් නෑ - කෙල්ලෙක් කොල්ලෙක්ට කියන්න පුලුවන් අතිශය භයානය වචනයකි. මෙහි තේරුම ඔබ කරන්න යන වැඩෙට දෙන්න හොඳ දඬුවමක් හිතන්න ඇයත් සෑහෙන්න හිතල බලන්න ඕනෑ කියන එකය.
  6. තැන්ක් යූ - සිරාවටම ඇය කියන්නේ තැන්ක්යූ කියාය, වෙල්කම් කීම හොඳය. හැබැයි තෑන්ක්ස් අ ලොට් කිව්වනම් ඒ කියන්නේ කිංඩියටය. එආකට වෙල්කම් කියන්න එපා, කිව්වොත් ඔයට අංක 7 වේවි.
  7. කැමැත්තක් - කෙල්ල කියන්නේ ඕන මඟුලක් කරගන්නවා කියාය.
  8. කරදර වෙන්න එපා - තවත් එක් භයානක කියමනකි. කොල්ලට යමක් කරන්න කියා කීප සැරයක් කියත් නොකර සිටීමෙන් පසු ඇයම ඒ දේ කරගන්න යනවාය. මේකට මොකක්ද ප්‍රශ්නේ කියල අහුවොත් අංක 4 උත්තර ලෙස ලැබෙනවාය.
  9. නිකන් - මේක හරියට කුණාටුවකට පෙර සංසුන් වෙන මුහුද වගේය. මොකක් හරි ගිණිගෙඩියක් පුපුරන්න ළඟය. මේකෙන් පටන් ගෙන ඉවර වෙන්නේ අංක 1න් වේ.



Posted by ChAbhi | File under :

1. හැකි සෑමවිටකම ඇයව ඔබට තුරුල්කරගන්න.

2. ඇයත් සමඟ හැකිතරම් කතාබහ කරන්න.

3. ඔබේ රහස් ඇයත් සමඟ බෙදාගන්න.

4. ඇයට සීතල දැනුණ විටදී ඇයව උණුසුම් කරන්න.

5. ඇයව සිපගන්නා විට කලබල නැතුව සෙමින් ඇයව සිපගන්න.

මේ දේවල් අමතක කරන්නත් එපා !

6. ඇයව වැළඳගන්න.

7. ඇයගේ අතින් අල්ලගෙන සිටින්න. තප්පරයකට දෙකකට වුනත් ඔබ ඇයගේ අතින් අල්ලගේන සිටීම ඇයට සතුටක්.

8. ඇයත් සමඟ සිනහවෙන් කාලය ගෙවන්න.

9. ඇයත් එක්ක ගමන් යන්න ඇයට කතාකරන්න. ඔබත් එක්ක ඇවිදින්නට ඇය හුඟාක් කැමති වේවි.

10. ඔබගේ මිතුරන් ඉදිරියේදී ඇයත් සමඟ එකට සිටින්න. ඇය ඔබේ පෙම්වතිය බව මිතුරන්ට හඳුන්වාදෙන්න.

නිදහස් තැන්වලදී . . .


11. ඇයත් සමඟ සුහදව සිනාසෙන්න.

12. ඇයත් සමඟ එකට සිට ඡායාරූප ගන්න.

13. ඇයව ඔබගේ උකුල මත හිඳුවාගන්න. ඇයට යන්න නොදී තදින් ඇයව අල්ලාගෙන ඉන්න.

14. ඇය කිව්වොත් ඔබ ඇයට ආදරේ කරනවාට වඩා ඇය ඔබට ආදරෙයි කියා ඒකට විරුද්ධ වෙන්න ඇයත් සමඟ තර්ක කරන්න. ඇයට දිනන්න දෙන්න එපා. ඔබ දිනනවාටයි ඇයත් කැමති.

15. ඇගේ යාලුවෝ කිව්වොත් ඔයාට වඩා එයාලා ඔයාගේ පෙම්වතියට ආදරෙයි කියලා එය ප්‍රතික්ශේප කරන්න. ඔවුන්ට විරුද්ධ වෙන ගමන් ඔබේ පෙම්වතියව තදින් අල්ලගෙන සිටින්න, ඇයට යාලුවන් දෙසට යන්න දෙන්න එපා.

ඔයාට මේක කියවද්දි කාවහරි මතක් වෙනවද!

16. ඔබ ඇයව හමුවූ විට ඇයව වැළඳගෙන ඇයට ආදරෙයි කියා පවසන්න.

17. ඇය බලාපොරොත්තු නොවන අවස්ථාවලදී ඇයව සිපගන්න.

18. ඇයට හොරෙන් පසුපසින් ඇවිත් ඇයව වැලදගන්න.

19. ඇය ලස්සන බව ඇයට පවසන්න.

20. ඇය ගැන ඔබට හිතෙන දේවල් ඔක්කොම ඇයට පවසන්න.

ඔබ ඇය ගැන සැලකිලිමත් වෙන ඇයුරු ඇයට පෙන්වන්න.

21. ඇයත් සමඟ යනවිට ඇය වෙනුවෙන් දොරවල් විවෘත කරදෙන්න. ඇය වාහනය නගින තෙක් ඇය සමඟින් ඉන්න. ඇයව මහමග තනිකර දමායන්න එපා. සැමවිටම මහත්මා ගති ඇතිව කටයුතු කරන්න.

22. ඔබේ වටිනාම වස්තුව ඇය බව ඇයට පවසන්න. මෙය කියනවිට අවංකවම කියන්න. බොරුවට කියන්න එපා.

23. ඇය නොසතුටෙන් සිටිනවායැයි ඔබට හැඟුනොත් ඇගෙන් ඒ ගැන විමසන්න. ඇය එහෙම දෙයක් නැහැ කිව්වොත් ඇයට ඒ ගැන කතාකරලා හිත නරක් කරගන්න අනවශ්‍යයි, ඒ නිසා එහෙම කිව්වොත් ඇයව ඔබට තුරුල් කරගෙන මොහොතක් නිහඬව ඉන්න.

24. ඇයට ඔබගේ ආදරය නිරතුරුව දැනෙන්නට ඉඩහරින්න

25. ඔබ හඳුනන අනික් ගැහැණු ළමුන් ඉදිපිට ඇයව සිපගන්න. ඔබ ඇයගේම පමණක් බව ඇයට සිතේවි.

ගැහැණු ළමයි සමහරවිට මේවා ඇත්ත නෙවේ යැයි කියාවි, නමුත් ඇත්තටම එයාලා මේ දේවල්වලට කැමති බව ඔවුන් දන්නවා.

26. ඇයට කවදාවත් බොරුවක් කියන්න එපා.

27. ඇයට කිසිදිනක වංචා කරන්නත් එපා.

28. ඇය යන්න කැමති ස්ථාන වලට ඇයව රැගෙන යන්න.

29. හැමදාම උදේට ඇයට සුබ දවසක් ප්‍රාර්ථනා කරලා කෙටි පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් දෙන්න. ඒ සමඟම ඔබට ඇය කෙතරම් මතක් වෙනවාද කියලත් ඇයට කියන්න.

30. ඇයට ඔබව අවශ්‍ය වෙන අවස්ථාවන්වලදී ඇය සමඟ සිටින්න, ඇයට ඔබගේ උදව් අවශ්‍ය නොවෙන විටකදීත් වුවමනා වුනොත් ඔබ එතන සිටින බවට තහවුරු කරන්න. එය ඇයට ශක්තියක් වේවි.

ඉතිරියත් කියවන්න, ඔබට මේ කරුණු වැදගත් වේවි.

31. ඇයට සීතල වූවුට ඇය අසලින් සිටින්න, ඇයට ඔබට තුරුල්වී සිටීමට ඉඩදෙන්න.

32. ඔබ ඇයත් සමඟ තනිවුණු මොහොතක ඇයව වැළඳගෙන සිපගන්න.

33. ඇයගේ දෙකොපුල් මුලින්ම සිප ගන්න.

34. ඇයගේ බඳවටා අත යවා ඇය ඔබට ළං කරගන්න. ඇය ඔබගේ උරහිස මත හිස තබා ගනීවි, ඒ ඇය කැමතිම දෙයක්, ඇයට ඒ සතුට විඳින්න ඉඩ දෙන්න.

35. විහිළුවටවත් ඔබ ඇයව ඇත්හැර යන බව කියන්න එපා, ඒක ඇයව ගොඩාක් දුකට පත්කරාවි

ඊළඟ වතාවේදී ඔබ ඇයත් සමඟ සිටින විට මේ දේවල් මතක් කරගන්න.

36. අන් අය ඇයට කරදරයක් කරන විට වහාම ඊට විරුද්ධව නැගී සිටින්න.

37. ඇයගේ ඇස් දිහා බලාගෙන ඇයට ආදරෙයි කියන්න.

38. තරු පෑයූ රාත්‍රියක ඇයත් සමඟ සිටින විට ඇ‍යට ඔබගේ පපුව මත හිස තබාගන්න දෙන්න, ඇයට ඔබගේ හදවත ගැහෙන රාවය අසන්නට ඉඩදෙන්න, ඔබගේ අතැඟිලි පටලවාගෙන ඇගේ කනට රහස් මුමුණන්න

39. ඇයත් සමඟ ගමන් කරන විට ඇගේ අතින් අල්ලාගෙන යන්න.

40. ඇයව වැළඳගත් විට හැකිතරම් වේලා ඇයව ඔබට තුරුළු කරගෙන ඉන්න.

ඇයට ඔබගේ ආදරය හොඳින් දැනෙන බවට සහතික වන්න.

41. ඇය නිදාගැනීමට කලින් ඇයට සුබ රාත්‍රියක් හ සුබ සිහින පතන්න.

42. ඇය හඬන විට ඇයව සනසන්න , ඇගේ කඳුලු පිසදමන්න.

43. ඇයත් සමඟ රාත්‍රියේ ඇවිදින්න යන්න.

44. නිතරම ඇයට ඔබ කොතරම් ආදරේද යන්න මතක් කරන්න.

45. ඇයත් සමඟ සිටින විට ඇයට ඔබේ ආදරය පවසා ඇය කිසිවක් කීමට කලින් ඇයව සිපගන්න.

මේ දේවල් ඔබ හරියට කලොත් ඇය සදහටම ඔබට පුදුමාකාර විදියට ආදරය කරන බව සහතිකයි, ඇයට කවදාවත් ඔබේ ආදරයේ අඩුවක් දැනෙන එකක් නැහැ.

Posted by ChAbhi | File under :

1.ඉගි බිගි පාන විසේකාර කෙල්ලන්ට කොල්ලන් කැමති නැත.
2.කොල්ලන් හැමවිටම ලස්සන කෙල්ලන් සොයන්නේ නැත. චාම් පිලිවෙලකට සිටින තමා ගැන ආත්ම විශ්වාසයක් ඇති කෙල්ලන්ට ඔවුන් වඩා කැමතිය.
3.මොහොතකට කෙල්ලෙකුට කැමති වී ඉන් පසු ඇයව අමතක කිරීම කොල්ලෙකුට අපහසුය.
4.ප්‍රසිද්දියේ නැතත් රහසින් කොල්ලෝ අඩයි.
5."මට ඔයා කියන දේ තේරෙන්නේ නෑ" කොල්ලෝ මෙහෙම කියන එකෙන් තේරෙන්නේ කෙල්ල කොල්ලගේ විදියට හිතන්නේ නෑ කියන එකයි.
6.දවස පුරා වෙනත් කෙල්ලෝ එක්ක ඉගි බිගි පෑවත් රෑ නිද ගන්න කලින් තමන් ඇත්තටම ආදරේ කරන කෙල්ල ගැන කොල්ලෝ හිතනවා.
7.කොල්ලෝ තමන්ගේ අම්මාට ගොඩාක් ආදරෙයි.
8.කෙල්ලෝ තමන්ගේ කලින් පෙම්වතුන් ගැන කතා කරනවාට කොල්ලෝ කැමතිම නැත.
9.කෙල්ලත් එක්ක කියන්න ගොඩක් දේවල් හිතේ තිබුනත් ඒවා කියා ගන්න කොල්ලොන්ට බෑ,නමුත් ඒවා කියා ගන්න ධෛර්ය ගන්න පුලුවන් පොඩි ෂොට් එකක් දා ගත්තම.
10.කොල්ලොන් ගේ හැගීම් ඇවිස්සෙන විදියේ කතා විහිලුවටවත් කියන්න එපා.
11.කෙල්ලෝ තරම් කොල්ලෝ සිහින මවන්නේවත් හිතේ බලාපොරොත්තු තියාගෙන ඉන්නේවත් නෑ. 
12.තමාව ප්‍රතික්‍ෂේප කල කෙල්ලව කෙසේ හෝ ලබා ගැනීමට කොල්ලෝ උත්සාහ කරයි එනම් කෙල්ලෙක් වෙතින් වන පරාජය පිලි ගැනීමට කොල්ලෙක් කැමති නැත.
13.තමන් කැමති කෙල්ලගෙන් ලැබෙන සිනහවක් වෙනුවෙන් කොල්ලෙක් නොකරන දෙයක් නැත. 
14.අනෙක් කෙල්ලන් සමග ඉගි බිගි පෑමේදී ඉතා මුඛරි වන මුත් තමා සැබෑවටම කැමති කෙල්ල සමග කතා කිරීමේදී කොල්ලෝ ගොත ගසයි.
15.කොල්ලෙකුගෙ න් කෙල්ලෙක් උදව්වක් ඉල්ලීමේදී "ම්ම්ම්....." ලෙස පවසන්නේ නම් හෝ වෙන්ත් නිදහසට කරුනක් කියන්නේ නම් ඉන් අදහස් වන්නේ ඔහු ඇයට අකමැති බවයි.
16.කෙල්ලෙක් "බෑ" කී විට කොල්ලෙක්ට එය ඇසෙන්නේ "හෙටත් අහන්න" කියන්නාක් මෙනි. 
17.කොල්ලෙකුගෙන් යමක් ඉල්ලීමේදී වෙනත් දෙයක් තේරුම් ගැනීමට පෙර කෙල්ලට අවශ්‍ය කුමක්දැයි හරියටම කීම අවශ්‍ය වේ.
18.කෙල්ලට සුලු තෑග්ගක් මිලදී ගැනීමට තම දිවා ආහාරය සදහා වන මුදල් වියදම් කිරීම කොල්ලෙකුට පහසු දෙයකි.
19.කොල්ලෙකුට සවන් නොදී ඔහුව තේරුම් ගැනීමට නොහැක.
20.ප්‍රවේශම් වන්න..කෙල්ලන්ට වඩා සිය දහස් ගුණයක් වේගයෙන් ආරංචි පැතිරවීමේ හැකියාව කොල්ලන් සතුය.
21.කොල්ලන් ගේ දුර්වල ස්ථානය කෙල්ලන්‍ ය. 
22.තමන් ගැන කොල්ලන් බෙහෙවින් විවෘතය.
23.කොල්ලෙක්ව විශ්වාස කිරීමට පෙර ඔහුව පරීක්ශා කිරීම සුදුසු නමුත් වැඩි කාලයක් ඔහුව ප්‍රමාද කිරීම නොකල යුතුයි.
24.සැබෑ ලෙසම ආදරය කරන විට කිසිම කොල්ලෙක් නරක නොවේ.
25.තමන් කැමති කෙල්ල ලස්සන නොවූවත් කොල්ලන් ඇයව වර්ණනා කරයි.
26.කොල්ලෙක් ඔහුගේ ප්‍රශ්ණ ගැන කෙල්ලෙක් සමග කියනවා නම් ඔහුට අවශ්‍ය ඔහුගේ ප්‍රශ්ණ වලට නිහඩව සවන් දීම මිස උපදෙස් නොවේ.
27.කොට ඇදුම් අදින කෙල්ලන්ට වඩා නුවනැති කෙල්ලන්ට කොල්ලන් කැමතිය.
28.කෙල්ලන් පවසන රහස් රැකීමට කොල්ලන්ට නොහැකිය. 
29.කොල්ලන් ගොඩක් ගැඹුරට සිතයි.
30.කෙල්ලෙකුගේ උස කොල්ලෙකුට ප්‍රශ්ණයක් නොවන නමුත් ඇයගේ බර ඔහුට ලොකු ප්‍රශ්ණයක වේ. 
31.තම මිතුරන් සමග සිටින විට කොටියෙක් වැනි නමුත් තම පෙම්වතිය සමග සිටින විට බොහෝ කොල්ලන් පූස් පැටියන් මෙනි.
32.කොල්ලන්ට අවසන් තීරණ නොමැත.
33.කොල්ලෙක් බැරෑරුම් ලෙස කතා කරනවා නම් ඔහුට හොදින් සවන් දෙන්න.
34.කෙල්ලෙක් තමන්ට කැමති බව දැන ගත්තත් එය ඇය ඔහුට කියන තෙක් ඔහු එය විශ්වාස නොකරයි. 
35.කොල්ලන් පරිඝණක ක්‍රීඩා සහ ක්‍රිකට් තරග වලට කාලය වැය කරන්නේ කෙල්ලන් ආදරණීය නවකතා කියවීමට සහ රූපලාවන්‍ය කටයුතු සදහා කාලය වැය කරනවා මෙනි.
36.ඉවුම් පිහුම් කටයුතු දන්න කෙල්ලන්ට කොල්ලන් කැමතිය.
37.ඔබට පිටතින් පෙනෙනවාට වඩා ප්‍රශ්ණ රාශියක් කොල්ලෙකුට ඇත.
38.කොල්ලෙකු පිලිබද සියලුම දේ ඔහුගේ හොදම යහලුවා දනී.
39.මාතෘකාව කෙල්ලන් ගැන නම් කොල්ලන් කෙල්ලන්ට වඩා මුඛරිය.
40.ප්‍රශ්ණයක් පැමිනි කල කොල්ලෙකු නිශ්ශබ්ද වන අතර ප්‍රශ්ණයට විසදුමක් නිහඩව කල්පනා කරයි. 
41.කොල්ලෙක් පලමු වර කෙල්ලෙකුට වංචා කර සසු වූ විට තව වාරයක් ඉල්ලයි නම් එය ලබා දෙන්න ඔහු දෙවන වරටත් වංචා කල හසු වූ විට තවත් වාරයක් ඉල්ලයි නම් ඔහුව අත් හරින්න.
42.කොල්ලන් ඉගෙන ගන්නේ සැබෑ අත්දැකීම් වලිනි...කෙල්ලන් මෙන් තමා නරඹන ආදරණීය චිත්‍රපටි සහ කියවන ආදරණීය නවකතා තම අත්දැකීම් වල මූලය කර ගන්නේ නැත.
43.කෙල්ලෙකු ඉදිරියේ කොල්ලෙකු අඩනවා නම් ඉන් අදහස් වන්නේ ඔහු සත්‍ය වශයෙන්ම දුකෙන් සහ සිත් වේදනාවෙන් සිටින බවයි.
44.කොල්ලෙක් ආදර සම්බන්ධයක් පවත්වන්නේ සැබෑවටම නම් කෙල්ලට වඩා කොල්ලා කෙල්ලට ආදරය කරයි.
45.කොල්ලන් එකතු වූ විට වැඩියෙන්ම කතා කරන මාතෘකා නම් පරිඝණක,ක්‍රීඩා,දේශපාලනය සහ කෙල්ලන්.
46.පිටතට කදුලු නොගැලුවත් කොල්ලන් හදවතින් කෙල්ලන් තරමටම හඩයි.
47.කෙල්ලෙක් කොල්ලෙක්ට බොරුවක් පවසා එය හසු වූ විට යලි කවරදාවත් ඔහු ඇයව විශ්වාස නොකරයි.
48.කෙල්ල තමාව අගය කරනවාට කොල්ලන් බෙහෙවින් කැමති වේ.
49.කොල්ලන් වැනි කෙල්ලන්ට කොල්ලන් කැමතිම නැත.
50.තමන් කෙල්ලට දුන් තෑග්ගක් කෙල්ල අගය කරනවා දැකීමට කොල්ලන් බෙහෙවින් කැමති වේ.

සැ.යු. මෙය මගේම නිර්මානයක් නොවන අතර මෙය මා විසින් උපුටා ගන්නා ලද්දකි.  මෙහි ඇති කිසිවක් පිලිබදව ඕනැවට වඩා සිතට ගැනීමෙන් වලකින්න.  

Thursday, February 14, 2013

Posted by ChAbhi | File under :
(ආදරේ කරනවනම්, කරන්න හිතන් ඉන්නවනම්,සෑම කොල්ලෙක්ම, කෙල්ලෙක්ම කියවිය යුතු ලිපියක්)


“ආදරේ” ගැන සමහර අය දකින්නේ වෙනස්ම ආකාර වලට.සමහර විට ඔබත් යොවුන් වියේ පසුවන විවිධ ආකාරයට ආදරේ ගැන හිතන,ආදරේ කරන කොල්ලෙක් කෙල්ලෙක් වෙන්න පුලුවන්.හැගීම් කියන ඒවා මිනිස්සු එක එක විදිහට මාකට් කරනවා.දැන් කාලේ හැම එකක්ම ව්කුණන එකේ ආදරේ විතරක් මාකට් කරන්නෙ නැතුව ඉන්නේ නෑනේ.කොහොම හරි කමක් නෑ.චුට්ටක් නැවතිලා මේ ලිපිය කියවන්න.ඔබ කොල්ලෙක්,කෙල්ලෙක් නම් මේකෙන් ඔබේ ජීවිතයට ගත්තු දෙයක් තියෙනවනම්, ඔයාලගේ යාලුවොන්ටත් පොඩ්ඩක් දෙන්න මේක කියවන්න කියලා.මේ ලිපිය කියවලා වෙනස් වුණු කට්ටිය ඉන්නවා,මාව විශ්වාස කරන්න…අනිවාර්යයෙන්ම කියවන්න.

1. “ලිංගික  සම්බන්ධතා ගැන අද ලෝකයේ හුගක් අය බණ දෙසනවා.ඒ වගේම හුගක් අය ඒවා වලට නැඹුරු වෙනවා.සමහරු අන්ධකාරේ -තවත් සමහරු එළිපිටම..ඉතින් ඔය කියන තරම්ම විවාහයට පෙර ලිංගික  සම්බන්ධතා ඇතිකර ගැනීම හානිකරනම්, අපි ගොඩාක් මේ දේට ආස කරන්නේ.ඇයි ඒකට ඔච්චර නැඹුරුවක්…?
* අපේ ජීවිතේ යම් යම් කඩඉම් තියෙනවා. ළදරු අවධිය  – පාසැල් අවධිය – තරුණ අවධිය – පවුල් ජීවිතය – වැඩිමහල් අවධිය යන ආකාරයට පිළිවෙලක් තියෙනවා.තරුණ අවධිය කියන්නේ තමන්ගේ අධ්‍යාපන ජීවිතය අවසන් කරලා, එහි ප්‍රථිපල අනුව හොද රැකියාවක් හොයාගෙන පවුල් ජීවිතයට ඇතුළුවීමට සූදානම් වන කාලයයි.මා ප්‍රේම සම්බන්ධතා හෙළා දකින්නේ නැහැ.නමුත්, තරුණ අවධියේ ඇතිකරගන්නාවූ ප්‍රේම සම්බන්ධතා නිසා තම අනාගත – පවුල් ජීවිත කාලයම අවුල් නොකරගත යුතුයි.ඒ කියන්නේ, තරුණ කාලේ කියන්නේ පවුල් වුනාට පස්සේ, ජීවත්වෙන විදිහ ඊට කලින් අත්හදා බලන කාල පරිච්ඡේදයක් නොවේ.
2. මේක ලෝක ස්වාභාවය.තරුණ කාලෙදි ලිංගික  සම්බන්ධකම්වලට තියෙන නැඹුරුව වැඩියි.ඉතින් විවාහයට පෙර ලිංගික  සබදතා ඇතිකරගන්න එක ගැන මහ ලොකුවට හිතන්න ඕනේ නැහැ.එහෙම කියන කතාත් ඔබ ඕනෑ තරම් අසා ඇති..මේකත් මතක තියා ගන්න..!!!
“හැගීම්” කියන එක සුලු මොහොතකින් වෙනස් වෙන්න පුලුවන්.ඒත් ඒ මත අපේ මුලු ජීවිතේම තීරණය කරන්න පුලුවන්.
සුලු මොහොතක වින්දනයක් ලබලා මුලු ජිවිතකාලේම විදවන්න ඔබ කැමතිද…?
ලිංගිකත්වය නිසා තමයි ඕනෑම ජිවිතයක් ඇතිවන්නෙත්,බොහෝ තරුණ ජීවිත නැතිවෙන්නෙත්.. ලිංගිකත්වය හරියට නිකන් කඩුවක් වගෙයි.හරියට පාවිච්චි කළොත් ඕනෑම යුද්ධෙකදි ජය ලබන්නත් පුලුවන්..කොස් කෙටුවොත් එහෙම අවශ්‍යය වෙලාවට මොට්ටවෙලා තියෙන්නත් පුලුවන්…විවාහය කියන්නේ ඕනෑම තරුණ ජීවිතයක පූජනීය කඩඉමක්..
මේ පූජනීයත්වය ඊට පෙර කෙළෙසගෙනතමන්ගේ ශුද්ධවන්ත ශරීරය යක්ෂ දේවාලයක් බවට පත් කරගත්තොත්,ඒවාට මුලු ජීවිත කාලේදිම වන්දි ගෙවන්නට සිද්ධ වේවි.
3. “ලිංගික  ඇසුරේ සැබෑ සතුට විදින්නට විවාහ දිනය වෙනකල් බලාගෙන ඉන්නේ මොකටද..? ඒ විතරක් නෙමෙයි, ජිවිතේ අතරමගදි මුණගැහුණු කෙනෙක් සමග පවුල් කන්නට හදන එක මොන තරම විහිලුවක්ද.? තරුණ කාලේ ඕනෑම කෙනෙක්ව ඇදලා ගන්න පුලුවන් ආකර්ෂණ හැකියාවක් කෙල්ලෙක්ට,කොල්ලෙක්ට තියෙද්දි එක මලකට විතරක් නහින්නේ මොකටද..?
* ආදරය කියන්නේ ලිංගික  ආශ්‍රය නොවෙයි.ඇත්තටම ආදරය කියන්නේ, විවාහයට පෙර ඇතිවන ලිංගිකත්වයේ ප්‍රතිවිරුද්ධ පැත්තයි.
ආදරය යනු, ජීවිත පරිත්‍යාගය,තේරුම් ගැනීම,එකිනෙකාගේ ගෞරවය රැකීම සහ තවත් බොහෝ දේයි.නමුත් විවාහයට පෙර ලිංගික  ඇසුවරක් කියන්නේ තම කෙටි කාලීන සැප සංසිදුවා ගැනීම සදහා අනෙකාගේ ජීවිතය පාවිච්චි කිරීමත්,අනෙකාගේ ජීවිතයට හා ශරීරයට අගෞරව කිරීමත් සහ එකිනෙකා තේරුම් නොගැනීමයි. කෙටියෙන්ම කිව්වත් එකිනෙකාගේ ගෞරවය කෙළෙස ගැනීමයි.විවාහයට පෙර ලිංගික ඇසුර විදින්නට පුරුදුව සිටි කිසිවෙක් විවාහයේ සැබෑ රසය දන්නේ නෑ.කොටින්ම කිව්වොත්, එවන් අයගේ ජීවිත ක්‍රියා කලාපයන් විවාහයෙන් පසුවත් පවුල් කඩාකප්පල් කරවමින්,ආරවුල් ඇතිකරවන්නට පුලුවන්.සීලාචාර ජිවිතයකට පිටුපාන ඕනෑම අයෙකුගේ ජීවිතය තුළ ඇතිවන අවිශ්වාසය සහා සැකය නිසා ඕනෑම ලස්සන පවුලක් කඩාකප්පල් වෙන්නත් පුලුවන්.ඒ විතරක් නෙමෙයි, කිසිදු හික්මීමක් නැතිකෙල්ලෙක්,කොල්ලෙක් සමග යුග දිවියේ විවාහ පොරොන්දු රකිමින් තමන් සමග ජීවිතාන්තය දක්වා ඉදිවී කියා සහතිකකල හැකිද..ඔබ ඔබෙන්ම විමසා බලන්න  ගැන.
4. විවාහයට පෙර ඇතිවිය හැකි ලිංගික සම්බන්ධතා ගැන කතා කරද්දී, තරුණ තරුණියන් අතරේ පොදුවේ පිළිගන්න න්‍යායක් තමයි..”හොරෙක්ට ගහලා හිර්ට දැම්මත් එකයි.හිරේ දාලා ගැහුවත් එකයි..” කියන අදහස.මේ ගැන මොනවද හිතෙන්නේ…?
* විවාහයට පෙර ඇතිවන ලිංගික සම්බන්ධතා,හැසිරීම් නිසා විවාහයක් සිදුවෙනවා කියන එක නම් ලොකු බොරුවක්.එහෙම ඇති වුණත් “උඩින් ඔපේ – යටින් හපේ” වගේ නිකම්ම නිකන් හැගීමෙන් ඇවිස්සිලා කරගන්න විවාහයක් වේවි.ඒවායේ තත්ව සහතික ගැන කවුරු වග කිව්වත් එවැනි විවාහ හරිම භයානකයි.නමුත් අනිත් අතට බැලුවොත්, යහපත් විවාහයක් තුළින් යහපත් ලිංගික සබන්ධයකට මග පෑදෙන බවනම් සහතිකයි.
*ඒ වගේම, “ආදරය” කියන්නේ “ලිංගිකත්වයට” නොවෙයිආදරේ කියන්නේ ලිංගිකත්වයටනම්අපට අපේදෙමව්පියන්ට,සහෝදර සහෝදරියන්ට ආදරේ කරන්න අප නොහැකියි.නමුත් ආදරය බාල්දුවට ලක් කරන යොවුන් වයසේ හැගීම් පිළිබදව ප්‍රවේශම් වෙන්න ඕනේ.
ආදරය කියන්නේ, හැගීමක් නොවෙයි, “ජීවිතය ජීවත් කරවන ක්‍රියාවලියක්.. – හරියට හුස්ම ගන්නවා වගෙයි.ආශ්වාස ප්‍රාශ්වාස කරනවා කියන්නේ හැගීමක් නොවෙයි, ජීවිතය ජීවත් කරවන ක්‍රියාවලියක්.මේ නිසා අවංක ආදරය ගැන හරි හැටි දැනගෙන, තමන්ගේ කාඩ් එක ආරක්ෂා කරගෙන  කටයුතු කරන ඕනෑම අයෙකුට මුළු සමාජයේම කීර්තිය හිමි වෙනව. අනිත් පැත්තෙන් බලඩ්දී, විවාහයට – පෙරදීම විවාහයෙන් පසුව සිදුවිය යුතු දෑ සිදු වී ඇත්නම්, ඒ අයගේ චරිතයේකැළැල් කොච්චර හැංගුවත් එය කෙදිනක හෝ කෙසේ හෝ එළියට ඒවි.
5. වෙද්‍ය විද්‍යාව මෙතරම් දියුණුවෙලා තියෙද්දි, අපි මොකටද ලිංගිකව සම්බන්ධවෙන්නට බය වෙන්නේ…?
  • බලාපොරොත්තු රහිත ලෙස ගර්භනීභාවයට ලක්වීම හා වෙනත් ආසාධන රෝග වැළදීම නැවැත්වීමට වෙද්‍ය විද්‍යාව දියුණු බව ඇත්ත.නමුත්, මේ කිසිම ප්‍රතිකර්මයක් සියයට සියයක්ම සාර්ථක නැතිබව ඕනෑම වෙද්‍යවරයෙකුගෙන් ඔබට දැනගන්නට පුළුවන්.ඔබ බිය විය යුතු කාරණාව නම් එය නොවෙයි.විවාහයට පෙර ලිංගික සබදතා පවත්වලා, මොන හිතකින් ඊට පස්සේ තම පවුල් ජීවිතය ආරම්භ කරන්නද…? තම මාතෘ පදවියට බොරු කරලා වෙද්‍යවිද්‍යාවට මුවා වෙන්නට උත්සහ කරන්නේ ඇයි..?
    6. විවාහයට පෙර ලිංගිකව හැරීම වරදක් කියලා අපි දන්නවා…නමුත්,මේකේ තවත් පැත්තක් තියෙනවා.සමහරවිට පෙම්වතා පෙම්වතියට කියනවා ඇති, “ඔයා මාව විශ්වාසකරනවනම් මට ඒක ඔප්පු කරන්න” කියලා..එහෙම නැත්නම්, විවාහයට පෙර ලිංගික ඇසුරක් පෙම්වතිය ප්‍රතික්ෂේප කළොත් පෙම්වතා අහනවා, “ඔයාට මාව සැකද..? කියලා.පෙම්වතුන් අතරේ මේ වගේ දෙබස් කියවෙද්දී, පෙම්වතිය කොහොම මෙවන් ලිංගික හැසිරීමකට පිටුපාන්නද කියලා..
* අද ලෝකය දිහා බලද්දී, මෙවන් දෙබස් පෙම්වතියගෙන් පෙම්වතාට කියන්නත් පුලුවන්,පෙම්වතා පෙම්වතිය කියන්නත් පුලුවන්,කවුරු කොහොම කිව්වත් ලිංගික ඇසුරකට යන මොහොතේදී දෙපාර්ශවය තුළම එකිනෙකා කෙරෙහි ලොකු විශ්වාසයක් තියෙනවා.නමුත් සියල්ලටම හේතුව මේ විශ්වාසයම නෙවෙයි. ඒ කෙටිකාලීන සතුටක් සදහා දෙදෙනාගේම හදවත තුළ දැවෙන ආශාවයි.නමුත් මේ ආශාවටම වසග වෙලා පෙම්වතුන් කතා වෙන්නේ විශ්වාසය ආදරය ගැන විතරයි.ඇත්තටම, කෙල්ලෙක් මෙසේ තම පිරිසිදුභාවය කොල්ලෙක්ට පූජා කරන්නේ පුදුමාකාර විදිහට විශ්වාස කරලයි.
මෙහිදී අපි ඇත්තම අපිට නොපෙනෙන පැත්ත දිහා බලන්න ඕනේ.

1. පළමු කාරණාව තමයි, ඉහත කී ආකාරයේ රසබර හෝ කපටි දෙබස් කියලා පෙම්වතා තම විවාහයට පෙරම මේ ආකාරයේ ශරීර ඇපයක් ඉල්ලනව නම්කොහොමද
දෙයියනේ  ආදරය සැබෑ ආදරයක් වෙන්නේ..? කොන්දේසි රැසක් සහිතව පිදෙන එවන් ආදරයක්, අවංක ආදරයක් කියලා කියන්න පුලුවන් කාටද..?
2. ස්ථීර විවාහ සම්බන්ධයකට එන්නත් පෙර, මේ ආකාරයට තමන්ගේ ශරීරය බාල්දු කරන කෙල්ලෙක්ව කොහොමද කොල්ලෙක් 100%ක්ම විශ්වාස කරන්නේ..?
3.  අනාගතයේදී තම දරුවන්ගේ තාත්තා” තම දරුවන්ගේ අම්මා” මේ විදිහට ( එක්තරා ආකාරයක ) කිසිදු වගතුවක් නැති ගණිකා සේවනයේ යෙදෙනවා නම්,
අනාගත දරුවෝ ගැන තව මොන කතාද..?
මෙය වරදක්..සිය දිවිහානිකරගන්නවටත් වඩා බරපතල මහා අපරාධයක්..
“බූරු ගැහුවත් එකයි – බලන් හිටියත් එකයි..වගේ,
මේ ආකාරයට ලිංගිකත්වය කේන්ද්‍රකරගෙන මව් පදවිය – පිය පදවිය කෙළෙසන ආකාරයේ
ඕනෑම පාපයන් වලට සම්බන්ධවන අයට අදටත් සමහර රටවල් වල දෙන දඩුවම නම්,
“ගල්ගසා මරා දැමීමයි..!!!
නමුත් සැබෑ දඩුවම නම්, “මෙවන් පාපයන් වලට මුළු ජීවිත කාලය පුරාවටම වන්දි ගෙවීමට සිද්ධ වීමයි…!!

ආදරේ = ලිංගිකත්වයවත්
ලිංගිකත්වය = ආදරේවත් නොවේ එය වටහාගෙන ආදරේට ආදරේ කරන්න..
තෙරුවන් සරණයි!
ඔබේ අදහස් චෝදනා ගල්මුල් සියල්ල කොමෙන්ට් කරන්න