Tuesday, November 5, 2013

Posted by ChAbhi |


                       ආදරය යනු පුදුමාකාර දෙයකි, එය කිසි ලෙසකින් වත් යම් දෙයකට සම කල නොහැක.  ආදරයෙන්   එකිනෙකා  බැදෙන්නේ නොදැනුවත්වමයි. එසේ ඇතිවෙන සබදතා සියල්ලම කෙලවර වෙන්නේ විවාහ වෙලාද ? නැතිනම් ඒ ආදරය නොලැබීම තුලින් ඒ ආදරවන්තයින් සදාකාලිකවම තනිකඩ ජිවිත ගතකරනවාද? ඒක වෙනම කතාවක් . එහෙත් ඔය කියන ආදරය ලෝකයේ කා තුලත් ඇතිවන්නේ නොදනුවත්වමයි කියන කතාවනම් ඇත්තක් . සමහර වෙලාවට ඔහුට හෝ ඇයට ඇතිවී ඇත්තේ ආදරයක් බව සමීපතමයකු ඔහුට කියන තෙක්  එය ඔහුට හෝ ඇයට දැනෙන්නේ නෑ. ඒක ඔයාලත් ඇතැම් වෙලාවට අත්විදලා ඇති. කොහොමින් කොහොම උනත් එසේ ඇතිවෙන සත්‍යම ආදරය විවාහයෙන් පසු අවසාන මොහොත දක්වාත් පවතිනවා.  නොදැනුවත්වම ඇතිවෙන සත්‍ය ආදරයට මුල්ම පියවර තබන්නේ ඔබේ දෙනෙත බව ඔබට මොහොතකටවත් සිතුනාද?



                   දෙදෙනකු අතර අදහස් හුවමාරු     කරගන්නා ප්‍රධානම මාධ්‍ය තමන්ගේ හඬ වුවත්, හඬ වඩා වැඩි දෙයක්  කතා කරනා පුද්ගලයාගේ   අංග චලන මගින් හදුනා ගන්න පුළුවන්. කෙනෙකුගේ බාහිර ස්වරුපය මගින් තවකෙනෙකු හදුනා ගන්නා විදි නවීන විද්‍යාවේ දැක්වෙනවා. හඩට වඩා හදවත් තව තවත් ලං කරන ප්‍රධානතම සන්නිවේදන අවයවය වන්නේ ඇසයි. නමුත් බොහෝදෙනෙක් තම අදහස් හුවමාරුවේදී ඉන්ද්‍රියන් වන ඇස් ගැන සැලකිල්ලක් දක්වන්නේ නම් නෑ.ඉරියව් තුලින් බොහොමයක් දේ කරන්න පුළුවන්. 


                 වචන මගින් අදහස් ප්‍රකෂවෙන්නේ 7% වගේ සුළු ප්‍රමාණයක් ඉතිරි 93% ම සිදුවන්නේ ඉරියව් තුලින්. ඉරියව් තුලිනුත් වැඩි අදහස් ප්‍රමාණයක් ප්‍රකාශ වන්නේ ඇස් වලින් . ආදරය තුල තම ඇස් බාවිත කරමින් කොල්ලන්ව වසගයට ගන්නට උපන් හපන්කම් ඇත්තේ කෙල්ලන්ට කිව්වොත් ඔයාල කවුරුත් ඒකට විරුද්ධ වෙන එකක් නෑ . මොකද කෙල්ලන්ට ඒ වැඩේ හොදට පුළුවන් කියල කොල්ලෝ විතරක් නෙමෙයි කෙල්ලෝ වෙන එයාලත් දන්නවා. ලස්සනට ඇදගෙන ඇවිල්ල ඇස්වලින් කතාකරල කොල්ලෝ අල්ලගන්න කෙල්ලෝ ඒ කොල්ලව සුද්දම කරලා යනවා ඕනේ තරම් ඔයාල දැකල ඇති. ඇත්තටම ආදරය කරන කෙල්ලෝ නැතුවම නෙමෙයි මම කිව්වේ ගොඩක් වෙන දේවල් .  හැබැයි ඉතින් දන්න කොල්ල දන්නවා මේ ඇස් කතා කරන්නේ බොරු ආදරයකටද , නැතිනම් බොරු ආදරයකට ද කියලා. කොහොම උනත් කවියන් තමන්ගේ කාව්‍ය වලට තරුණිය කතාකරන ඇස් තුලින් තම ආදරය ප්‍රකාෂ කරන බව පැවසුවෙත් මේ නිසාමයි.





                    බොහෝ තරුණියන් තම ඇස් විශාල කරමින් තම අවධානය ගන්නා තරුණයන් හට  පෙන්වීමට උත්සහ කරන්නේ තමන් පුදුමයට පත් වූ බවක් . එසේම කුඩා ළමුන් අසලදී ඈ හින් නෙත් කැල්මන් පාමින් අහිංසක බවක් නිරුපනය කරයි. සමහර තරුණියන් තම ආදරය කරනා තරුණයා කෙරෙහි වන කැමැත්ත මතු කරන්නේද ඔහු වෙනතක් බලාසිටින විට හොරැහින් බලමිනි. පිරිමියා මේ සියල්ලම වටහාගැනීමට තරම් සියුම් ලෙස කෙල්ලන් දෙස බැලිය යුතුය. ආදරය කිරීමට කෙල්ලන්ගේ කතාකරන දෑස් නිතරම පෙන්නනේද නැත. ඇය එය පෙන්නනේ තමාට ආදරයට සුදුසු යැයි සිතින කොල්ලෙකුට පමණි.




                       රුසියානු ඔත්තු සේවය මේ හැකියාව අතීතයේ තේරුම් ගෙන තම සතුරන්ගේ ඔත්තු බැලීමට ඔත්තුකරියන් යොදාගෙන ඇත්තෙත් මේ නිසාමයි. ඔත්තුකරියන් තම නෙත් වලින් කරනා බැල්මට රැවටුන ජමානු සොල්දාදුවන් බොහොමයක් මරණය වැලදගත්තා. කෙල්ලන්ගේ ආදරබර බැල්ම සත්‍ය ආදරයට මෙන්ම ව්‍යාජ බලපෑම් වලට යොදාගත්තේද එසේයි. එහෙත් අවංකව ආදරය කරන පුද්ගලයාගේ  නෙත් දෙස ස්වල්ප වෙලාවක් බලාසිටින විට එය අවංක ආදරයක් බව හදුනා ගන්න පුළුවනි. ආදරය තුල එකිනෙකාගේ හැගීම් හදවත් වල කාවැද්දීමට දෙනෙත් සහය වෙයි. ආදරවන්තියක තම ආදරවන්තයා කෙරෙහිත් ආදරවන්තයා ආදරවන්තිය කෙරෙහිත් වන හැගීම් ඔවුන්ගේ නෙත් වලින් ගලා ආවත් එය වෙනකකුට තේරුම් ගත නොහැකි වන්නේ, ඒ හැගීම් හදුනා ගත හැක්කේ ඔවුන්ගේම නෙත් වලට බැවිනි. 




           මිනිසා දෙස බලාසිටීමෙන් ඔවුන් හදුනාගැනීමේ හැකියාව ඇතිවෙයි. පුද්ගලයන් හොදින් හැදෑරීම තුලින් ඇස් භාෂාව නිවැරදිව තෝරාබේර ගැනීමටත් හැකියාව ඇතිවෙයි. ගැහැණියකගේ නෙත් දෙස බලා සිටීම භාවනාවකට සම කරන මිනිසා ගැහැණියක්  තරම් අපුරුවට ආදරය සදහා නෙත් බාවිත නොකරයි. පුදුමයට කරුන නම් ඔවුන් කරන්නේ තමන් සිත් ගත් යුවතියට ආදරයට ආරාධනා කිරීමක් ලෙස ඇයට (ඇසක්)ඇහැක් ගැසීම පමණි.



Posted by ChAbhi |

       මේ ලෝකයේ ජීවත් වෙන මිනිස්සු හිතන පතන විදිය එකිනෙකට වෙනස් . එක එක අය හිතන්නේ එක එක විදියට. කෙනෙක්ට තෑග්ගක් ලැබුනම එක ගැන හිතන විදියත් වෙනස්. මෙතැනින් කෙල්ලෝ කොල්ලෝ ගත්තම ඒක තවත් වෙනස් වෙනවා . ඒත් කෙල්ලන්ගේ ඒ තෑගි ගැන දක්වන ආකල්පය ගොඩාක් වෙනස්. ඒ වගේම තමා හැම කෙල්ලම එක වගේ නෑ කියලත් අනිවාරෙන්ම මතක තියා ගන්න ඕනි, 

මේත් එක්තරා විදියක ගැහැණු ළමයෙක්ගෙ කතාවක්......



                          

                                                          “  මේ අවුද්දෙත් anniversary එක ලග ලගම එනවා.ළග    එන anniversary එකට මට හිතාගන්නවත් බැරි තෑග්ගක් දෙනවා කියල ඔයා කිව්වේ ගිය අවුරුද්දේ හරියටම මෙන්න මේ කාලෙදිමයි.මට ඔයාගෙන් කොච්චරනම් තෑගි ලැබිල ඇතිද. ඒ උනත් මේ තෑග්ග නම් ගොඩක් විශේෂයි.ඒ මම ඔයාට දෙන තෑග්ගත් ඔයා  මට දෙන තෑග්ගත් එකම නිසා.එදා මෙදා තුර ඔය මට දීපු හැම තෑග්ගක්ම මම පරිස්සමට අරන් තියල තියනවා මගේ අල්මාරියේ උඩ තට්ටුවේ. ලියුම්, card , සෙල්ලම්බඩු , jewelery’s ඇදුම් වගේ ගොඩක් දේවල් එතන තියනවා. මේ හැම තෑග්ගක්මඅතට ගන්න කොට ඒකට හදුනා ගැනීමක් ඇමිනිලා තියනවා.. 


          මගේ අතට අහු වුනේ ඔයා මට මුලින්ම දුන්නු valentine day card එක. ඒ හරියම කියනවා නම් අපි A/L   කරන කලේ.ඔයා මගේ යාලුවෙක් අතේ ඒක එවල බලන් හිටිය මට මතකයි.මාත් දුන්නු ගමන්ම card එක අතට ගත්ත හරියට බලන් උන්න වගේ.කවරේ ඇරලා බැලුවට මම එක කියෙව්වේ නෑ...මොකද මම එතකොටත් ලජ්ජාවෙන් රතුවෙලා හිටියේ.පන්තියේ පොත් අස්සේ හගවාගෙන මම හොරෙන් හොරෙන් කියෙව්වා.එකේ ලොකු දෙයක් ලියලා තිබුනේ නෑ. 

 
                                     ඒකෙ තිබුනේ
I LOVE YOU කියල විතරයි..

 

                ඒත් ඒ අකුරු ටික හැමදාම අතගාල බැලුවා. මට හොදට මතකයි එතකොට මම ඔයාට ආදරේ කලේ නෑ.ඒත් මගේ හිත අමුතුම හැගීමකින් පිරිලා තිබුනා.මම ඒ හැගීම කොච්චර කාලයක් ඇත වින්දද කියල මට මතක නෑ.ඒත් ඔයා මගේ  birthday එකට ඊලග තෑග්ග දෙනකම්ම මම ඒ දේ අත් වින්ඳා.


                                     මගේ birthday එකට ඔයා  දුන්නේ ලස්සන ටෙඩි බෙයාර් කෙනෙක්. ඒත් මේ ටෙඩිට තිබුනේ නපුරු පෙනුමක්.මම ඒක ගෙදර ගෙනත් ඌ දිහා බලන ගොඩක් වෙලා කල්පනා කළා.අපේ අක්ක නම් කිව්වේ කළුවරේ දැක්කොත් බයවෙයි කියලා.ඒත් මම ඒ ටෙඩිට ගොඩක් කැමතියි.මොකද ඒක දැක්කම මට ඔයාව මතක් වෙන නිසා.


              ඔහොම කාලය ගතවුණා. ඒ කාලය ඇතුලත මට ඔයා මට ගොඩක් තෑගි දුන්න. ඒත් අරවගේ මතකයක් මට ඒවායින් ලැබෙන්නේ නෑ.මේ කලදී මම job එකක් කරන්න කොළඹ ආවා. මම වැඩ කලේ බැංකුවක ඉතින් මට salary එකත් හොදට ලැබුණා.මම යාළුවොත් එක්ක fashion bug , house of fashion ,ODEL  වගේතැන්වලින් ඇතිවෙනකම් බඩු ගත්තා. ඊට පස්සේ Mac Donald එකෙන් හරි KFC එකෙන් හරි කාල තමයි බෝඩිමට ගියේ.මට හැමදේම තිබුනා .හැම ඇදුමකටම match වෙන විදිහේ jewelers ,shoes ,handbag වගේ දේවල් හැමදේම.ඉතින් ඔයා දෙන තෑගි මට ඒ තරම් වැදගත් උනේ නැත්තේ ඒක නිසා වෙන්න ඇති. 


                මම ඔයාට දුන්නේ මිල වැඩිම shirt , watches ඉතින් මම බලාපොරොත්තු වුනෙත් ඒ වගේ දේවල් ඔයා මට දෙයි කියල. ඔයා මට raping paper එකක ඔතල දෙන තෑගි ‘මට එපා’ කියල ඔයාගේ මුනටම කිව්වේ තරහින්.ඒ හින්දා තෑගි shop වලටම ගිහින් බලමු කියලා මම යෝජනා කළේ. මගේ හිත ගිය හැමදේකම මම ඉස්සලම බැලුවේ price tag එක දිහා. මට ඕනේ උනේ ලොකු බිලක් ඔයාට දාන්න කිව්වොත් හරි. ඒ මම ඒ කළේ ගතකරපු සින්තටික් ලෝකේ හැටි. මොකද අනිත් යාළුවන්ට නොදෙවෙනි තෑග්ගක් ගන්නයි මට ඕනේ කළේ.


               මම පොඩ්ඩක්වත් හිතුවේ නෑ ඒ ගැන ඔයා මට වියදම් කරන්නේ තව ඔයාගේ අවශ්‍යතා කියක් පස්සට දාලද කියල. දැන් මට  ඒ ගැන හිතනකොටත් දුකයි.ඒත් එහෙම ගත්තු කිසිම දෙයක් මට වටින්නේ නෑ.

              අවුරුදු 2 කට කලින් මම ඔයාව marry කළේ ඒ සින්තටික් ලෝකෙට සදහටම සමු දීලා.දැන් මම ආදරයත් විශ්වාසයත් එක්කම ඔයත් එක්ක ජීවත් වෙද්දි මගේ හිතට පුදුම නිදහසක් සැහැල්ලුවක් දැනෙනවා.හෙට අනිද්දා ම, මම ඔයාට පුදුම හිතෙන තෑග්ගක් දෙනවා.


 ඒ අපේම පුංචි කිරිකැටියා.ඒ තමයි අපිට ජීවිතේ ලබන්න පුළුවන් උතුම්ම තෑග්ග..




(සැ.යු. මෙම ලිපිය කිසිදු ආකාරයකින් මගේ ජීවිතයට සම්බන්ද නොවන අතර මෙය උපුටා ගැනීමකි)

Monday, November 4, 2013

Posted by ChAbhi | File under :
මේක ඇත්තම ඇත්ත කතාවක්.. 



අවමංගල්‍ය ශාලාවක තම විවාහ මංගල්‍ය සැමරූ අපූරු පෙම්වතෙකු ගැන චීනයෙන් වාර්තා වෙනවා. ඔහු හා අතිනත ගත් පෙම්වතිය වූයේ මල කදක්. 26 හැවිරිදි ෂුවාන් ග් හු ආගියු 21 හැවිරිදිව සිටි හුෂාඩ් නැමති පෙම්වතියගේ අත ගන්න සිතා සිටිය දවසට දින 8කට කලින් නිවසට කඩා පැන්න සොරුන් ගේ ප්‍රහාරයට ලක් වූ පෙම්වතිය මිය ගියා. 
නමුත් සැබෑ පෙම්වතෙකු වූ ඔහු නියමිත දිනයේ මංගල උත්සවය ගන්නට සිතුවා. ඔහු එදින නෑදෑ හිත මිතුරන්ට කියා මංගල ඇදුමින් සැරසී සිය පෙම්වතියට මුදු පලදවා ඇය තම බිරිද කර ගත්තා. පසුව ඔහු පෙම්වතියගේ ඡායාරූපයක්ද රැගෙන අවමංගල්‍ය ශාලාවේ ඉදිරියට පැමින නෑදෑ හිත මිතුරන් පිලි ගත්තා.ඒත් මේ අවස්ථාවේ විශේෂය වූයේ නෑදෑ හිත මිතුරනුත් මනාලයාත් සිනාව වෙනුවට කදුලින් බර වී මේ අවස්ථාවට සහභාගී විමයි.

අවංක ආදරය යනු මෙය නොවේද?
මේ වගේම "මගේ ආදරේ ඔයා වෙනුවෙන් හැමදාමත් අවංකයි පණ.. සත්තකින්ම අවංකයි"



එහේම කියන්න මේ පිරිම ළමයට මොකක්ද වුනේ ?

“ජුලී“ කියලා ලස්සන නමක් තිබුන මේ ගැහැණු ළමයා ගොඩාක්ම බය වුනා කාටහරි ආදරේ කරන්න. මොකද දන්නවද මේ බය? ජුලීට අවු.13 වෙද්දී එයාගේ තාත්තා නැතිවුනා. ඒ අධික ලෙස දුම්බීම නිසා හැදුනු පිළිකාවකින්. ඊට පස්සේ තනිවුනු අම්මා විඳින දුක් වේදනා මේ ජුලී හොදට දැක්කා. ඒ හින්දම ඇය දුම්බොන පිරිමි අයට වෛර කරන්න වුනා. පිරිමි ළමයින්ට ආදරේ කරන්නත් බය වුනා.

කාලයත් එක්ක ජූලී යාලුවුනා එයාගේ පන්තියේම හිටපු පිරිමි ළමයෙක් එක්ක. එයාගේ නම “මැක්කෝයි“ මේ පිරිමි ළමයත් දිගටම දුම් බොන්න පුරුදු වුනු කෙනෙක්. එයා එයාගේ යාලුවොත් එක්ක නිතරම වගේ මේ දේ කළා. ජුලී එයාගේ මැක්කෝයි මුණගැසුනු හැම වේලාවෙම තමන්ගේ පියාට දුම් බීම නිසා වුනු දේ කිව්වා. ඒ ඔහුව මේ පුරුද්දෙන් ගලවා ගන්න. ඒත් ඇය ඔහු යාලුවොත් එක්ක යන එක නතර කරන්න උත්සාහ කලෙත් නෑ. මොකද ඒක මැක්කෝයි ගේ සතුට නිසා. මේ සබඳතාවට මාස 3ක් වෙද්දීම මැක්කෝයි හොදටම ලෙඩ වුනා. ඒ සිගරට් නිසා පෙනහලු වල ඇති වෙච්ච Emphysema කියන රෝගයකින්. ඔහුගේ ජීවිතය ගැන කිසිම බලාපොරොත්තුවක් නැතිව, අවුරුදු දෙකක් ගත වෙද්දීත් වෛද්‍යවරු ඔහුට ප්‍රතිකාර කරනවා. ඒ අවුරුදු දෙක පුරාම ජුලී ඔහු ළඟටම වෙලා එදා තිබු ආදර සෙනෙහසින්ම ඉන්නවා. ඇයගේ පාසැල් ගමන නවත්තලා, ගෙදරින් එන බැනුම් වගේම අතේ තියෙන මුදලුත් වියදම් කරමින් තමා මෙහේම ඉන්නේ. ඇයගේ තිබුන පිවිතුරු ප්‍රේමය මේ මැක්කෝයි ව ජීවත් කරවනවා. මේ විධියට කාලය ගතවෙලා අවුරුදු දෙකක් ගතවෙද්දී ඔහු සුවය ලබනවා. සුවය ලබපු මේ කොල්ලා සිගරට් බීම නවත්වලාම දානවා. ඒ වගේම ඔහු “ජුලී“ විවාහ කරගෙන සතුටින් ජීවත් වෙනවා.

මේ පින්තුරයේ ඇත්තටම ඉන්නේ ඒ දෙන්නමයි.
ඒත් එක දෙයක් මේ මැක්කෝයිට නිතරම කරදර කරනවා. ඒ මොකක්ද? ඒ ඔහුගේ හදවත. එය නිතරම ඔහුගෙන් අහනවා ඔහු “ජුලීට“ ඇහුම්කන් දුන්නේ නැත්තේ ඇයි කියලා. අන්න ඒ හින්දම අර මුලින් ම කියපු කතාව ඔහු හැමෝටම කියන්න හිතාගත්තා. ඒ තමයි “ යාලුවෝ සියයක් දේ කිව්වත් කරන්න... ඒත් ඔබට ආදරය කරන කෙනෙක් එපා කියන දෙයක් ආපහු කිසිවිටකත් නොකරන්න...“

කතාව කියෙව්වට ''සිගරට් බොන්න එපා'' කියලා නම් මම කියන්නේ නෑ, මොකද ඉතින් ඒ සිගරට් පෙට්ටියේම ඒකේ විපාක ගැන සඳහන්ව තියෙන නිසා. ඒත් කවුරු හරිම ඔබට ආදරය කරන කෙනෙක් “ඔය දුම්බීම නවත්තන්න“ කියපු දවසක මේ කතාව ආපහු මතක් කරගන්න. ඊට පස්සේ තමන්ගේ හදවතින් අහන්න ඒ දේ තවත් කරනවද නැද්ද කියලා ..