Thursday, February 14, 2013

Posted by ChAbhi | File under :
(ආදරේ කරනවනම්, කරන්න හිතන් ඉන්නවනම්,සෑම කොල්ලෙක්ම, කෙල්ලෙක්ම කියවිය යුතු ලිපියක්)


“ආදරේ” ගැන සමහර අය දකින්නේ වෙනස්ම ආකාර වලට.සමහර විට ඔබත් යොවුන් වියේ පසුවන විවිධ ආකාරයට ආදරේ ගැන හිතන,ආදරේ කරන කොල්ලෙක් කෙල්ලෙක් වෙන්න පුලුවන්.හැගීම් කියන ඒවා මිනිස්සු එක එක විදිහට මාකට් කරනවා.දැන් කාලේ හැම එකක්ම ව්කුණන එකේ ආදරේ විතරක් මාකට් කරන්නෙ නැතුව ඉන්නේ නෑනේ.කොහොම හරි කමක් නෑ.චුට්ටක් නැවතිලා මේ ලිපිය කියවන්න.ඔබ කොල්ලෙක්,කෙල්ලෙක් නම් මේකෙන් ඔබේ ජීවිතයට ගත්තු දෙයක් තියෙනවනම්, ඔයාලගේ යාලුවොන්ටත් පොඩ්ඩක් දෙන්න මේක කියවන්න කියලා.මේ ලිපිය කියවලා වෙනස් වුණු කට්ටිය ඉන්නවා,මාව විශ්වාස කරන්න…අනිවාර්යයෙන්ම කියවන්න.

1. “ලිංගික  සම්බන්ධතා ගැන අද ලෝකයේ හුගක් අය බණ දෙසනවා.ඒ වගේම හුගක් අය ඒවා වලට නැඹුරු වෙනවා.සමහරු අන්ධකාරේ -තවත් සමහරු එළිපිටම..ඉතින් ඔය කියන තරම්ම විවාහයට පෙර ලිංගික  සම්බන්ධතා ඇතිකර ගැනීම හානිකරනම්, අපි ගොඩාක් මේ දේට ආස කරන්නේ.ඇයි ඒකට ඔච්චර නැඹුරුවක්…?
* අපේ ජීවිතේ යම් යම් කඩඉම් තියෙනවා. ළදරු අවධිය  – පාසැල් අවධිය – තරුණ අවධිය – පවුල් ජීවිතය – වැඩිමහල් අවධිය යන ආකාරයට පිළිවෙලක් තියෙනවා.තරුණ අවධිය කියන්නේ තමන්ගේ අධ්‍යාපන ජීවිතය අවසන් කරලා, එහි ප්‍රථිපල අනුව හොද රැකියාවක් හොයාගෙන පවුල් ජීවිතයට ඇතුළුවීමට සූදානම් වන කාලයයි.මා ප්‍රේම සම්බන්ධතා හෙළා දකින්නේ නැහැ.නමුත්, තරුණ අවධියේ ඇතිකරගන්නාවූ ප්‍රේම සම්බන්ධතා නිසා තම අනාගත – පවුල් ජීවිත කාලයම අවුල් නොකරගත යුතුයි.ඒ කියන්නේ, තරුණ කාලේ කියන්නේ පවුල් වුනාට පස්සේ, ජීවත්වෙන විදිහ ඊට කලින් අත්හදා බලන කාල පරිච්ඡේදයක් නොවේ.
2. මේක ලෝක ස්වාභාවය.තරුණ කාලෙදි ලිංගික  සම්බන්ධකම්වලට තියෙන නැඹුරුව වැඩියි.ඉතින් විවාහයට පෙර ලිංගික  සබදතා ඇතිකරගන්න එක ගැන මහ ලොකුවට හිතන්න ඕනේ නැහැ.එහෙම කියන කතාත් ඔබ ඕනෑ තරම් අසා ඇති..මේකත් මතක තියා ගන්න..!!!
“හැගීම්” කියන එක සුලු මොහොතකින් වෙනස් වෙන්න පුලුවන්.ඒත් ඒ මත අපේ මුලු ජීවිතේම තීරණය කරන්න පුලුවන්.
සුලු මොහොතක වින්දනයක් ලබලා මුලු ජිවිතකාලේම විදවන්න ඔබ කැමතිද…?
ලිංගිකත්වය නිසා තමයි ඕනෑම ජිවිතයක් ඇතිවන්නෙත්,බොහෝ තරුණ ජීවිත නැතිවෙන්නෙත්.. ලිංගිකත්වය හරියට නිකන් කඩුවක් වගෙයි.හරියට පාවිච්චි කළොත් ඕනෑම යුද්ධෙකදි ජය ලබන්නත් පුලුවන්..කොස් කෙටුවොත් එහෙම අවශ්‍යය වෙලාවට මොට්ටවෙලා තියෙන්නත් පුලුවන්…විවාහය කියන්නේ ඕනෑම තරුණ ජීවිතයක පූජනීය කඩඉමක්..
මේ පූජනීයත්වය ඊට පෙර කෙළෙසගෙනතමන්ගේ ශුද්ධවන්ත ශරීරය යක්ෂ දේවාලයක් බවට පත් කරගත්තොත්,ඒවාට මුලු ජීවිත කාලේදිම වන්දි ගෙවන්නට සිද්ධ වේවි.
3. “ලිංගික  ඇසුරේ සැබෑ සතුට විදින්නට විවාහ දිනය වෙනකල් බලාගෙන ඉන්නේ මොකටද..? ඒ විතරක් නෙමෙයි, ජිවිතේ අතරමගදි මුණගැහුණු කෙනෙක් සමග පවුල් කන්නට හදන එක මොන තරම විහිලුවක්ද.? තරුණ කාලේ ඕනෑම කෙනෙක්ව ඇදලා ගන්න පුලුවන් ආකර්ෂණ හැකියාවක් කෙල්ලෙක්ට,කොල්ලෙක්ට තියෙද්දි එක මලකට විතරක් නහින්නේ මොකටද..?
* ආදරය කියන්නේ ලිංගික  ආශ්‍රය නොවෙයි.ඇත්තටම ආදරය කියන්නේ, විවාහයට පෙර ඇතිවන ලිංගිකත්වයේ ප්‍රතිවිරුද්ධ පැත්තයි.
ආදරය යනු, ජීවිත පරිත්‍යාගය,තේරුම් ගැනීම,එකිනෙකාගේ ගෞරවය රැකීම සහ තවත් බොහෝ දේයි.නමුත් විවාහයට පෙර ලිංගික  ඇසුවරක් කියන්නේ තම කෙටි කාලීන සැප සංසිදුවා ගැනීම සදහා අනෙකාගේ ජීවිතය පාවිච්චි කිරීමත්,අනෙකාගේ ජීවිතයට හා ශරීරයට අගෞරව කිරීමත් සහ එකිනෙකා තේරුම් නොගැනීමයි. කෙටියෙන්ම කිව්වත් එකිනෙකාගේ ගෞරවය කෙළෙස ගැනීමයි.විවාහයට පෙර ලිංගික ඇසුර විදින්නට පුරුදුව සිටි කිසිවෙක් විවාහයේ සැබෑ රසය දන්නේ නෑ.කොටින්ම කිව්වොත්, එවන් අයගේ ජීවිත ක්‍රියා කලාපයන් විවාහයෙන් පසුවත් පවුල් කඩාකප්පල් කරවමින්,ආරවුල් ඇතිකරවන්නට පුලුවන්.සීලාචාර ජිවිතයකට පිටුපාන ඕනෑම අයෙකුගේ ජීවිතය තුළ ඇතිවන අවිශ්වාසය සහා සැකය නිසා ඕනෑම ලස්සන පවුලක් කඩාකප්පල් වෙන්නත් පුලුවන්.ඒ විතරක් නෙමෙයි, කිසිදු හික්මීමක් නැතිකෙල්ලෙක්,කොල්ලෙක් සමග යුග දිවියේ විවාහ පොරොන්දු රකිමින් තමන් සමග ජීවිතාන්තය දක්වා ඉදිවී කියා සහතිකකල හැකිද..ඔබ ඔබෙන්ම විමසා බලන්න  ගැන.
4. විවාහයට පෙර ඇතිවිය හැකි ලිංගික සම්බන්ධතා ගැන කතා කරද්දී, තරුණ තරුණියන් අතරේ පොදුවේ පිළිගන්න න්‍යායක් තමයි..”හොරෙක්ට ගහලා හිර්ට දැම්මත් එකයි.හිරේ දාලා ගැහුවත් එකයි..” කියන අදහස.මේ ගැන මොනවද හිතෙන්නේ…?
* විවාහයට පෙර ඇතිවන ලිංගික සම්බන්ධතා,හැසිරීම් නිසා විවාහයක් සිදුවෙනවා කියන එක නම් ලොකු බොරුවක්.එහෙම ඇති වුණත් “උඩින් ඔපේ – යටින් හපේ” වගේ නිකම්ම නිකන් හැගීමෙන් ඇවිස්සිලා කරගන්න විවාහයක් වේවි.ඒවායේ තත්ව සහතික ගැන කවුරු වග කිව්වත් එවැනි විවාහ හරිම භයානකයි.නමුත් අනිත් අතට බැලුවොත්, යහපත් විවාහයක් තුළින් යහපත් ලිංගික සබන්ධයකට මග පෑදෙන බවනම් සහතිකයි.
*ඒ වගේම, “ආදරය” කියන්නේ “ලිංගිකත්වයට” නොවෙයිආදරේ කියන්නේ ලිංගිකත්වයටනම්අපට අපේදෙමව්පියන්ට,සහෝදර සහෝදරියන්ට ආදරේ කරන්න අප නොහැකියි.නමුත් ආදරය බාල්දුවට ලක් කරන යොවුන් වයසේ හැගීම් පිළිබදව ප්‍රවේශම් වෙන්න ඕනේ.
ආදරය කියන්නේ, හැගීමක් නොවෙයි, “ජීවිතය ජීවත් කරවන ක්‍රියාවලියක්.. – හරියට හුස්ම ගන්නවා වගෙයි.ආශ්වාස ප්‍රාශ්වාස කරනවා කියන්නේ හැගීමක් නොවෙයි, ජීවිතය ජීවත් කරවන ක්‍රියාවලියක්.මේ නිසා අවංක ආදරය ගැන හරි හැටි දැනගෙන, තමන්ගේ කාඩ් එක ආරක්ෂා කරගෙන  කටයුතු කරන ඕනෑම අයෙකුට මුළු සමාජයේම කීර්තිය හිමි වෙනව. අනිත් පැත්තෙන් බලඩ්දී, විවාහයට – පෙරදීම විවාහයෙන් පසුව සිදුවිය යුතු දෑ සිදු වී ඇත්නම්, ඒ අයගේ චරිතයේකැළැල් කොච්චර හැංගුවත් එය කෙදිනක හෝ කෙසේ හෝ එළියට ඒවි.
5. වෙද්‍ය විද්‍යාව මෙතරම් දියුණුවෙලා තියෙද්දි, අපි මොකටද ලිංගිකව සම්බන්ධවෙන්නට බය වෙන්නේ…?
  • බලාපොරොත්තු රහිත ලෙස ගර්භනීභාවයට ලක්වීම හා වෙනත් ආසාධන රෝග වැළදීම නැවැත්වීමට වෙද්‍ය විද්‍යාව දියුණු බව ඇත්ත.නමුත්, මේ කිසිම ප්‍රතිකර්මයක් සියයට සියයක්ම සාර්ථක නැතිබව ඕනෑම වෙද්‍යවරයෙකුගෙන් ඔබට දැනගන්නට පුළුවන්.ඔබ බිය විය යුතු කාරණාව නම් එය නොවෙයි.විවාහයට පෙර ලිංගික සබදතා පවත්වලා, මොන හිතකින් ඊට පස්සේ තම පවුල් ජීවිතය ආරම්භ කරන්නද…? තම මාතෘ පදවියට බොරු කරලා වෙද්‍යවිද්‍යාවට මුවා වෙන්නට උත්සහ කරන්නේ ඇයි..?
    6. විවාහයට පෙර ලිංගිකව හැරීම වරදක් කියලා අපි දන්නවා…නමුත්,මේකේ තවත් පැත්තක් තියෙනවා.සමහරවිට පෙම්වතා පෙම්වතියට කියනවා ඇති, “ඔයා මාව විශ්වාසකරනවනම් මට ඒක ඔප්පු කරන්න” කියලා..එහෙම නැත්නම්, විවාහයට පෙර ලිංගික ඇසුරක් පෙම්වතිය ප්‍රතික්ෂේප කළොත් පෙම්වතා අහනවා, “ඔයාට මාව සැකද..? කියලා.පෙම්වතුන් අතරේ මේ වගේ දෙබස් කියවෙද්දී, පෙම්වතිය කොහොම මෙවන් ලිංගික හැසිරීමකට පිටුපාන්නද කියලා..
* අද ලෝකය දිහා බලද්දී, මෙවන් දෙබස් පෙම්වතියගෙන් පෙම්වතාට කියන්නත් පුලුවන්,පෙම්වතා පෙම්වතිය කියන්නත් පුලුවන්,කවුරු කොහොම කිව්වත් ලිංගික ඇසුරකට යන මොහොතේදී දෙපාර්ශවය තුළම එකිනෙකා කෙරෙහි ලොකු විශ්වාසයක් තියෙනවා.නමුත් සියල්ලටම හේතුව මේ විශ්වාසයම නෙවෙයි. ඒ කෙටිකාලීන සතුටක් සදහා දෙදෙනාගේම හදවත තුළ දැවෙන ආශාවයි.නමුත් මේ ආශාවටම වසග වෙලා පෙම්වතුන් කතා වෙන්නේ විශ්වාසය ආදරය ගැන විතරයි.ඇත්තටම, කෙල්ලෙක් මෙසේ තම පිරිසිදුභාවය කොල්ලෙක්ට පූජා කරන්නේ පුදුමාකාර විදිහට විශ්වාස කරලයි.
මෙහිදී අපි ඇත්තම අපිට නොපෙනෙන පැත්ත දිහා බලන්න ඕනේ.

1. පළමු කාරණාව තමයි, ඉහත කී ආකාරයේ රසබර හෝ කපටි දෙබස් කියලා පෙම්වතා තම විවාහයට පෙරම මේ ආකාරයේ ශරීර ඇපයක් ඉල්ලනව නම්කොහොමද
දෙයියනේ  ආදරය සැබෑ ආදරයක් වෙන්නේ..? කොන්දේසි රැසක් සහිතව පිදෙන එවන් ආදරයක්, අවංක ආදරයක් කියලා කියන්න පුලුවන් කාටද..?
2. ස්ථීර විවාහ සම්බන්ධයකට එන්නත් පෙර, මේ ආකාරයට තමන්ගේ ශරීරය බාල්දු කරන කෙල්ලෙක්ව කොහොමද කොල්ලෙක් 100%ක්ම විශ්වාස කරන්නේ..?
3.  අනාගතයේදී තම දරුවන්ගේ තාත්තා” තම දරුවන්ගේ අම්මා” මේ විදිහට ( එක්තරා ආකාරයක ) කිසිදු වගතුවක් නැති ගණිකා සේවනයේ යෙදෙනවා නම්,
අනාගත දරුවෝ ගැන තව මොන කතාද..?
මෙය වරදක්..සිය දිවිහානිකරගන්නවටත් වඩා බරපතල මහා අපරාධයක්..
“බූරු ගැහුවත් එකයි – බලන් හිටියත් එකයි..වගේ,
මේ ආකාරයට ලිංගිකත්වය කේන්ද්‍රකරගෙන මව් පදවිය – පිය පදවිය කෙළෙසන ආකාරයේ
ඕනෑම පාපයන් වලට සම්බන්ධවන අයට අදටත් සමහර රටවල් වල දෙන දඩුවම නම්,
“ගල්ගසා මරා දැමීමයි..!!!
නමුත් සැබෑ දඩුවම නම්, “මෙවන් පාපයන් වලට මුළු ජීවිත කාලය පුරාවටම වන්දි ගෙවීමට සිද්ධ වීමයි…!!

ආදරේ = ලිංගිකත්වයවත්
ලිංගිකත්වය = ආදරේවත් නොවේ එය වටහාගෙන ආදරේට ආදරේ කරන්න..
තෙරුවන් සරණයි!
ඔබේ අදහස් චෝදනා ගල්මුල් සියල්ල කොමෙන්ට් කරන්න

Friday, February 1, 2013







1. කවදාවත් එයාගේ මුහුණ, හිසකෙස්, සිරුර, ඇඳුම් ගැන විහිළු කරන්න යන්න එපා.


2. එයාව අපහාසයට පත්වෙන කතා කියන්න එපා. මේ කියන්නේ විහිළු කරන එක ගැන නෙවෙයි, විහිළු අවුලක් නෑ.



3. වෙන කෙල්ලොන්ට පැණි හලන්න යන්න එපා. මෙහෙම කළාම කෙල්ලට ඔයාව වැඩිපුර ඕනේ වෙයි කියල හිතන්න එපා, ඒකෙන් වෙන්නේ එයාට ඔයව හොඳටම එපා වෙන එකයි.



4. කවදාවත් කෙල්ලට වංචා කරන්න එපා. කවදාවත් බේරෙන්න හම්බවෙන්නේ නෑ.


5. ඉටු කරන බැරි පොරොන්දු වෙන්න එපා. කරන්න බැරි නම් නොකියා ඉන්න එක වඩා හොඳයි.



6. ආදරෙයි කියනකොට අවංකවම කියන්න. ඔයා ආදරෙයි කියන්නේ ඇත්තටමද කියන එක එයාට හොඳට තේරෙනවා.



7. බොරු කියන්න එපා. කෙල්ලෙක්ට කවදාවත් අහුනොවෙන බොරුවක් කියන්න බෑ. ඔයාගේ මූණට නොකිව්වත් ඔයා කියන්නේ බොරුවක් කියල එයා දන්නව, ඒ නිසා බොරු කියන්න නම් හිතන්නවත් එපා.



8. වැරැද්දක් වුනොත් ඒක පිළිගන්න ලැජ්ජවෙන්නවත් ඒ වැරැද්ද ප්‍රතික්ශේප කරන්නවත් එපා.



9. එයාට බලකරන්න එපා. එයා එක්ක කරන්න ඕනේ දෙයක් එයා කැමති නම් කරාවි, ඒ දේ කරන්න කියල බලකරන්න එපා.



10. වෙන කෙල්ලෝ ගැන එයා එක්ක කියවන්න යන්න එපා. අනික් කෙල්ලෝ ගැන කිසිම වර්ණනාවක් තමන්ගේ කෙල්ල එක්ක කියන්න යන්න එපා.



11. පරණ පෙම්වතියෝ ගැන කියවන්න යන්න එපා. ඔයා එයාලගේ හොඳ කිව්වොත් කෙල්ල හිතන්නේ ඔය එයාලට තාම කැමතියි කියල, එයාලගේ නරක කිව්වොත් කෙල්ල හිතන්නේ එයාටත් කවදහරි අහන්න වෙන්නේ ඔය ටිකම තමයි කියලා.



12. කිසි දෙයක් එයාගෙන් හංගන්න හදන්න එපා. එයා අනිවා එක ගැන හොයගන්නව, ඒ  නිසා එයත් එක්ක රහස් තියගන්න එපා.



13. එයාගේ යාළුවෝ ඉස්සරහදි නරක විදියට හැසිරෙන්න එපා. කෙල්ලෙක් කවදාවත් තමුන්ගේ කොල්ල නරක කෙනෙක් කියල යාළුවන්ට හිතෙනවට කැමති නෑ.



14. ඔයාගේ අතින් වුන වැරද්දක් එයාගේ පිටට දාල ගැලවෙන්න හදන්න එපා. ඒක ප්‍රශ්න දෙගුණ කරාවි.



15. එයාට කේන්ති ගිහිල්ල ඉන්නව නම් ඇයි කියල හොයල බලන්න. ඔයාගෙන් වැරැද්දක් වෙල නම් වැරැද්ද පිලිගන්න.



16. එයාව අතහැරල දානව කියල විහිළු කරන්න එපා. ඒක විහිළුවක් කියල එයාට කියන්නත් කලින් එයා ඔයාව අතහැරල දමාවි.



17. එයා සාධාරණ හේතුවකට තරහ ගත්තම එයාට දොස් කියන්න එපා.



18. එයා නැති තැන්වලදි වෙන වෙන කෙල්ලන්ව ඕනවට වඩ ඇසුරු කරන්න යන්න එපා. එයා ඔයාව කොච්චර විශ්වාස කලත් එයාට දුක හිතේවි.



19. නිදහසට බොරු හේතු කියන්න එපා. වැරැද්දක් වුනා නම් කෙලින්ම වැරැද්ද පිළිගන්න, බොරු නිදහසට හේතු කියන්න යන්න එපා.




20. ඔයාට කේන්ති ගියා කියල එයාට කැත විදියට බනින්න එපා.

තෙරුවන් සරණයි!