Thursday, September 25, 2014

Skin Types

ඔබ දැනටමත් ඔබේ සම ආරක්ෂා කරගැනීමට විවිධ නිෂ්පාදන භාවිතා කරනවා විය හැකියි. නමුත් ඒ සියල්ලම ඔබෙ සමට ගැලපෙනවාදැයි ඔබ සොයා බැලුවාද? නොගැලපෙන නිෂ්පාදනයන භාවිතයෙන් අනපේක්ෂිත ප්‍රථිඵල ලැබීමට පුළුවනි.
අපේ සම විවිධයි. කෙනෙකුට ගැලපෙන නිෂ්පාදනයක් තවකෙකුට නොගැලපීමට පුළුවන්. මිනිස් සම වර්ග 5 කට වෙන් කල හැකියි.
  1. Normal – සාමාන්‍ය
  2. Oily – තෙල් සහිත
  3. Dry – වියළි
  4. Sensitive – සංවේදී
  5. Combinational – මිශ්‍ර ලක්ෂණ සහිත
ඔබේ සම කාලය, ශරීරය, ප්‍රදේශය, කාලගුණය හෝ ජානමය ලක්ෂණ නිසා වෙනස් වෙන්න පුළුවන්. මේ ගැන හොද අවබෝධයක් තිබීම ඉතාම වැදගත්.
උදා : බොහෝ තරුණ ගැහැණු ළමයින්ට සාමාන්‍ය වර්ගයේ සමක් තිබෙන අතර වයස් ගත වන විට මෙම ලක්ෂණය වෙනස් වේ
මේ සමේ ස්භාවයේ වෙනසට ප්‍රධාන වශයෙන්,
  • ශරීරයේ අඩංගු ජල ප්‍රමාණය (සිනිදු බව සහ නම්‍යශීලීභවයට ඍජුවම බලපායි)
  • තෙල් අන්තර්ගතය මත සමේ මෘදු භාවය රදා පවතියි
  • සංවේදී ස්භාවය
යන කරුණු බලපායි.

සාමාන්‍ය සම (Normal Skin)


සාමාන්‍ය සම මුළුමනින්ම වියලි හෝ තෙල් සහිත නොවේ.
  • කැළැල් (imperfections) අඩු හෝ නොමැත.
  • රළු නොවේ.
  • කඩතොලු (pores) ඉතා අවමයි.
  • කාන්තිමත් ස්වභාවයක් ඇත.

තෙල් සහිත සම (Oily Skin)

  • තරමක විශාල කඩතොලු (pores) ඇත.
  • අඳුරු (dull) දිලිසෙන (shiny) ස්භාවයක් ගනී.
  • Blackheads, කුරුලෑ, කැළැල් දක්නට ඇත.Blackheads
වසරේ විවිධ කාලවල හෝ කාළගුණය අනුව සමේ තෙල් ස්වභාවය වෙනස් විය හැකියි. හෝමෝන විපර්යාස සිදුවන කාල වල තෙල් සහිත සමක තත්ත්වය තදබල ලෙස වෙනස් වේ. මීට අමතරව සමේ අධික තෙල් බව ඇතිවීමට මානසික ආතතියද බලපාන බව සොයාගෙන ඇත. තද  අව් රශ්මියට නිරාවරණය වීම හෝ අධි ආර්ද්‍රතාව ද මීට බලපායි.

තෙල් සහිත සම රැක ගැනීම

  • අධිකව දහඩිය දමන අවස්ථාවකට පසු වැඩි වාරගණනක් මුහුණ සේදීමෙන් වැළකිය යුතුයි.
  • මෘදු පවිත්‍රකාරක භාවිත කල යුතුයි. සම සෝදන අවස්ථාවල තදින් ඇතිල්ලීම නොකල යුතුයි.
  • කුරුලෑ කෘත්‍රිම ලෙස ඉවත් නොකල යුතුයි. කුරුලෑ කැඩීමෙන් සුව වීමට ගතවන කාලය තවත් වැඩිවේ.
  • තෙල් සමකට “noncomedogenic” ලෙස ලේබල් කර ඇති නිෂ්පාදන සුදුසු වේ. මේවා කැළැල් දුරු කිරීමට උපකාරී වෙයි.

වියළි සම (Dry Skin)

  • නොපෙනන තරමේ කඩතොලු (pores) ඇත.
  • අඳුරු (dull) රළු (rough) ස්වභාවයක් ගනී.
  • රතු ලප (red patches) තිබේ.
  • ඇදෙන සුළු බව අඩුයි.
  • සමේ රේඛා බහුලයි.
බොහෝ වියළි පරිසරවලට නිරාවරණය වීමෙන් සමේ පැලීම් හෝ පොතු ගැලවීම් සිදුවේ. කසන ස්වභාවයක්, දැවිල්ල ගතියක්ද ඇතිවිය හැකියි. ඔබේ සම තදබල ලෙස වියලි නම් ඉහත පරිසර තත්ත්ව තුල ඔබේ යටි අල්ල ප්‍රදේශයේ, අත් වල සහ කකුල් වල රළු වීම් හෝ කොරපොතු මතු වීම් සිදුවේ.
වයසට යාම, හෝමෝන විපර්යාස, දැඩි සුළග, අවු රශ්මිය හෝ ශීත තත්ත්ව, හිරු රැස් සහිත දිනවල මුහුදු වෙරළ ආශ්‍රිත පරිසරයේ, රස්නය අධික දිනවල ගෘහස්ථ පරිසරයේ වුවද වියළි සමේ තත්ත්වය නරක අතර පත්වේ. මීට අමතරව උණු වතුර නෑම, සමහර බෙහෙත් වර්ග, ව්ලවුන් හෝ සබන් වර්ගද මීට බලපායි.
වියලි සම රැක ගැනීම
  • නෑමට බොහෝ වේලා ගත නොකිරීම වඩාත් හොදයි.
  • හැකිතාක් මෘදු සබන් වර්ගයක් භාවිත යෝග්‍යයි.
  • Deodorants (දුගන්ද නාශක) භාවිත කිරීමෙන් වැලකිය යුතුයි.
  • හොද වර්ගයේ තෙත්කාරකයක් (moisturizer) භාවිතා කිරීමත් ලෝෂන් වර්ග වෙනුවට ක්‍රීම් ආදේශන භාවිතයට ගැනීමත් වඩා සුදුසුයි.
  • නිවස තුල රස්නය පාලනය කිරීමට

සංවේදී සම (Sensitive Skin)

ඔබේ සම සංවේදී වර්ගයේ එකක් නම් එය ඔබ දැනටමත් දන්නවා විය හැකියි. සංවේදී සමක් ඇති අය ඊට විසදුම් සෙවීමට ප්‍රථමයෙන් සංවේදී භාවයේ ස්වභාවය හඳුනාගත යුතුයි.
  • සම රතු වීම
  • කසන සුළු ස්වභාවය
  • දැවෙන සුළු ස්වභාවය
  • වියළීම
සංවේදී සමකට නිශ්චිත පිලියම් නැත. සංවේදී ස්වභාවය අනුව නිෂ්පාදන හෝ සත්කාර කල යුතු වේ.

මිශ්‍ර සම (Combination  Skin)

මිශ්‍ර වර්ගයේ සමක සාමාන්‍ය හෝ වියළි තත්ත්වයන්ද බොහෝ විට  සිරුරේ T-කලාප (T-Zones) (නාසය, නළල, නිකට) වල තෙල් සහිත සමක ලක්ෂණ වලින්ද යුත්ක වේ. බොහෝ පුද්ගලයින්ට ඇත්තේ මිශ්‍ර සමකි. සමේ විවිධත්වය මත ඔබට විවිධ නිෂ්පාදන භාවිත කරන්නට සිදුවේවි.
මිශ්‍ර සම පහත ලක්ෂණ දක්නට ඇත
  • වඩා පැතිරුණු කැළැල්
  • Blackheads
  • දිලිසෙන ස්වභාවයක්

පොදුවේ සම රැක ගැනීමට උපදෙස්

ඔබේ සමට නියම ප්‍රතිකාර ලැබීමට නම් එහි ස්වභාවය අනුව සුදුසුම සත්කාර තෝරාගත යුතුයි. පොදුවේ සම රැක ගැනීමට උපදෙස් කිහිපයක් පහත දැක්වේ.
  • හැකිතාක් පාරජම්බුල ආලෝක ඍජුවම සමට වැටීමට වැලකිය යුතුය. තොප්පියක් හෝ හිරු ආරක්ෂණ ආලේපනයක් (suncream) භාවිත කිරීම මේ සදහා හොඳම පිළියමයි.
  • දුම් බීම හෝ දුම් සහිත ස්ථානවල සිටීම නොකල යුතුයි.
  • හැකිතාක් සජලව සිටීමට වගබලා ගත යුතුයි. අවශ්‍ය වතුර පානය කිරීම ඉතා වැදගත් සාධකයකි.
  • ඔබේ සම සෑම දිනකම සේදීම අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තකි.
  • මේකප් සහිතව නින්දට යාම කිසිසේත් නොකල යුතුයි.

0 comments:

Post a Comment