Sunday, November 8, 2015

Posted by ChAbhi |
හේයි යාලුවනේ. ඔන්න මම Clash of Clans ගැන කියන්නයි යන්නේ,
Clash of Clash ගේම් ඒක hack කොරන්න බෑ. try කොරන්නත් ඒපා. ඕක කියලම එපා වෙලා තියෙන්නේ. 

ඔව් ඔව් you tube එකේ තියෙනවා තමා. ඒව බොරු දේවල්

දැන් ඔයාල google play එකෙන් coc දාගත්තා. මුල් පියවරවල් ටික මෙයාලා කියල දෙනවා. 
මුලින්ම කල යුතු දේ තමයි settings ගිහින් google play sign-in වෙන්න. 


මොකද sign-in උනාම බය වෙන්න එපා ගේම් එක ගැන. fb වගේ acc එකට මේක save වෙනවා. ‍ඔයාට 
phone 2 ක් තියෙනව නම් 2න්ම log වෙන්න පුලුවන්. එකක බැටරි low උනොත් අනෙකින්. එක පාරනම් බෑ.
ආ දැන් fb එක‍ට set වෙමු. 
google play sign-in එකට උඩින් තියෙන්නෙ ඒක. නිකන් click කලාට සමහරුන්ට log වෙන්න බැරි වේවි. මේකට ඔයාල මුලින්ම Puffin Web Browser  එක install කර ගන්න. 


මේකෙන් fb  log වෙන්න. පස්සෙ ආයිත් coc ගිහින් කලින් වගේ කරල බලන්න. හරිනේ වැඩ්.
දැන් ඕනනම් cup එක ක්ලික් කරන්න. 


friends ක්ලික් කරන්න. ආ දැක්කනේ යාලුවො set එක. මම ChAbhi කියල ඇති. මම ඔයාලගෙ friend කෙනෙක් නම් විතරයි පෙන්නන්නේ. 

(Chathura Abesiriwardhana)



අලුත් players ල නිතර අහන්න‍ව ඇයි එයාලට
clan එකක‍ට join වෙන්න බැරි කියලා. ඒ එයාලගෙ clan castle එක කුඩු වෙලා (broken) තියෙන නිසා. මේක ග‍ොඩක් අලුත් bases ගැන නඩුවක්. clan එක අනිව ඉක්මන‍ට හදා ගන්න.


උඩ තියෙන්න pot එක‍ේ clan castle එක game එකකේ තියෙන්නේ. එක gold 40,000ක් දීල හදා ගන්න.
ඊ්‍ට පස්සෙ මේන් මෙහෙම ඇති.
දැන් මේක ක්ලික් කරලා හොද clan එකක‍ට set වෙන්න. ආ තනියම clan එකක් දැන්මම හදන් දගලන්න එපා. ඒව‍ට තා කල් තියෙනව. sri lankan clan එකකටම join වෙන්න මේ මම වගේ 

දැන් town hall  (th) එක‍ට යමු. 






දැනට ඇති. copy paste නම් එපා ඈ.

Friday, July 10, 2015

Posted by ChAbhi |
මංගල රාත්‍රීය එහෙමත් නැත්නම් හනි මූන් එක අපි හැමදෙනාම වගේ ගත කරන්න ආසාවෙන් ඉන්න බලාපොරොත්තුවෙන් ඉන්න දවසක් නේ.අන්න ඒ දවස සාර්ථකව ගත කරන්නේ කොහොමද?අද අපි කතා කරන්න යන්නේ ඒ පිළිබඳව.

සැහැල්ලුවෙන් එයට මුහුණ දීම
පළවෙනිම දේ තමයි මේක වැඩිය ඇගට ගන්නේ නැතුව ඉන්න එක. මංගල රාත්‍රිය කියන එක මහා ලොකුවට ඔලුවට අරන් අමුතුම හැගීමකින් වැඩේට බැස්සොත්
එකේ රසය නැතිවෙලා යනවා. ඔබත් ඉන්දියානු චිත්‍රපට වල , හින්දි නාට්‍ය වල පෙම්වතුන් මංගල රාත්‍රිය සමරන ආකාරය හිතේ පැල පදියම් වුන කෙනෙක් නම් ඒ සිහින ලොවින් මිදිලා සැහැල්ලුවෙන් හා යථාර්තවාදී ලෙස මේ දෙස බැලීම වැදගත්. ඒ මංගල රාත්‍රීය ගත කිරීමට පෙර දෙන්නා අතර හොද සන්නිවේදනයක් තිබීම අත්‍යවශයයි. ඔබගේ සිතේ තිබේ බිය හා ආශාවන් ගැන ඔබේ සහකරු/සහකාරිය දැනුවත් කර තබන්න. ඒ විට ඒවා ගැන සිතමින් අනවශ්‍ය ලෙස සිත කලබල කරගෙන මංගල යහනට ගොඩ වදින්න ඔබට සිද්ද වෙන එකක් නෑ.

මංගල රැයින් පසුව එළඹෙන දිනය නිදහස් එකක් කර ගන්න
මංගල රාත්‍රිය ගත කල පසු එළඹෙන ඊලග දිනය නිදහස්ව ගත කරන්න සිහි තබා ගන්න. ඒ කියන්නේ ඒදාට ලොකු ලොකු වැඩ දාගන්න එපා. දෙන්නත් එක්ක හොටෙල් එකේ හෝ මංගල රාත්‍රිය ගත කල ස්ථානය සතුටු සාමිව්යේ යෙදෙමින් බොහොම ආදරබර ලෙස නිදහසේ ගත කරන්න පුලුවන් දින සැලැස්මක් හදා ගන්න

මංගල රාත්‍රීය හැමදාටම මතක් වෙන එකක් කර ගන්න
ඔබට පුලුවන් මංගල රාත්‍රිය දවසට ඔබේ සහකරුට හෝ සහකාරියට ලස්සන තෑග්ගක් දෙන්න. හැබැයි මේ තෑග්ග ජිවිත කාලයක් පවතින , ලස්සන තෑග්ගක් වෙන්න ඕනේ. එතකොට ඔබේ සහකරුට හෝ සහකාරියට මේ තෑග්ග දකින දකින සෑම වාරයක් පාසාම ඒ ලස්සන මංගල රාත්‍රිය මතක් වේවි. ඒ වගේම මේ සෙනෙහෙබර තෑග්ග ඔබේ පවුල් ජිවිතය ශක්තිමත් එකක් බවට කරාවී.ඊලග කරුණ තමයි මංගල රාත්‍රිය ගත කිරීමට කාමරේ ඇතුලට ගිය ගමන් වැඩ අල්ලන්න ඒපා. දෙන්නා එක්ක ඇදට ගිහින් ගුලි වෙලා බොහොම සෙනෙහෙබර ආදර කතාවක් ආරම්හ කරන්න. බාධක මැදින් විවාහය දක්වා මේ ආපු ගමන හා අනාගතය මොන වගේ වේවි ද කියලා ආරම්භ කරන ආදර බර සංවාදයක් ඔබ දෙදෙනාම නොසිතන මොහොතකදී foreplay එක පටන් ගන්න උත්තේජනය සපයාවි.ඒ වගේම foreplay එක පුලුවන් තරම් දික් කරගන්න උත්සහ කරන්න

අනවශ්‍ය බිය ඇති කර ගන්න එපා
විශේෂයෙන්ම කායිකව එකතු වීමෙදී මනාලියගේ සිදු වන ලේ ගැලීම් වගේ දේවල් ගැන සිතින් අනවශ්‍ය ලෙස බියක් ඇති කර ගත යුතු නෑ. ඒ දේවල් බොහොම මෘදු හා ඉක්මනින් වේදනාව නැති වී යන දේවල්. ඔබට මේ ගැන අසීමිත ලෙස බය නම් මංගල රාත්‍රියට යාමට පෙර ඔබේ දැනටමත් විවාහ වී ඉන්න හොදම යෙහෙළියකගෙන් ඒ ගැන විමසා බිය පහ කර ගන්න.

ඔබේ ශරීරයේ අඩු පාඩු ගැන හිතන්න එපා
මේ ප්‍රස්නේ ගොඩක්ම තියෙන්නේ අපේ කෙල්ලොන්ට තමයි. ඔබ ටිකක් මහත් උනා කියලා ටයර් එකක් දෙකක් තිබුනා කියලා ඒ ගැන දුක් වේවි මංගල යහනට ගොඩ වදින්න එපා. ශරීරය ගැන සිතනවාට වඩා කරන්න යන කටයුත්ත ගැන වැඩි අවධානය යොමු කරන්න.ලිංගිකව කරන්න කැමති දේවල් අකැමති දේවල් ගැන දෙදෙනාම එකීනෙකා එක්ක දැනුවත් වෙන්න. එය ඔබේ මුළු ජිවිත කාලෙදිම දෙන්නාටම හොදින් මතක තියේවි.

ලිංගිකව එකතුවීම අවශ්‍යම නෑ
ඒ වගේම ඔබ මතක් තබා ගත යුතු වැදගත්ම කරුණක් අවසානයට කියන්නම්. මංගල රාත්‍රියේදීම බොහෝ පෙම්වතුන් ලිංගිකව එක වීම කරන්නේ නෑ.ඒ නිසා ඔබට ඒ දේ කර ගන්න නොහැකි වුව හොත් කිසි ලෙසකින් ඒ ගැන දුක් විය යුතු නෑ. එක සාමාන්‍ය දෙයක් පමනයි.

Saturday, April 4, 2015

 
               
                             සූත්‍ර පිටකයෙහි අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ එන සත්තභරියා සූත්‍රය ඉතා අගනා සමාජ දර්ශනයක් ඉදිරිපත් කරයි. එම සූත්‍රය මනුෂ්‍ය සමාජයේ ගෘහ ජීවිත සම්බන්ධයෙන් අමිල වටිනාකමක් ඇති භාර්යා වර්ගීකරණයක් (Classfication of wives) සහ ඔවුනගේ චරිත ලක්‍ෂණ විවරණයක් (Interpretation of Characteristices) ද ගෙනහැර දක්වයි.සූත්‍රයේ අන්තර්ගතය හා කථා පුවත මෙසේ ය.

                 එක් කලෙක බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වාසය කරන කල්හි අනාථපිණ්ඩික සිටුතුමාගේ නිවසට වඩියි. සුදුසු ලෙස පැන වූ ආසනයෙහි බුදුරදුන් වැඩ සිටියහ. එම අවස්ථාවෙහි සිටුතුමාගේ නිවසෙහි මිනිස්සු උස් හඬින් මහහඬින් කථා කරමින් සිටියහ.

එවිට අනේපිඬු සිටුතුමා බුදුරදුන් වෙත පැමිණ වැඳ එකත්පසෙක වාඩි විය. එම අවස්ථාවේදි බුදුරදුන් සිටුතුමාගෙන් මෙසේ විචාළේය.
“ ගෘහපතියෙනි, කුමක් හෙයින් ද ඔබගේ නිවසේ මිනිස්සු මසුන් මරන්නන් මාළු ගොඩගත් තැන ඇතිවනවා මෙන් උස් හඩින් ඝෝෂා කරන්නේ?”
“ ස්වාමීනි , සුජාතා නම් කුල දුවණියක් ආඪ්‍ය කුලයකින් (From a wealthy family)ගෙන ආවා. ඇය මේ මාගේ නැන්දණිය කියා හෝ මේ මාගේ මාමණ්ඩිය කියා හෝ නොසලකයි. මේ මාගේ ස්වාමියා නේද කියා හෝ නොතකයි. භාග්‍යවතුන් වහන්සේට හෝ සත්කාර ගරුකාර නොකරයි.
නො පුදයි. “ මේ මහා ශබ්දය ඇය සේවකයන්ට අමතන ශබ්දය හා ඒ අය අමතන ශබ්දයි. (මෙහි සුජාතා යනු විශාඛාවන්ගේ බාල නැගණියයි. එසේම ඇය ධනඤ්ජය සිටුතුමාගේ දුවණිය යි) මෙම පුවත බුදුරදුන්ට සැල කරන අවස්ථාවේදී පවා ඇය එම නුදුරෙහි සිටගෙන, සිටුවරයා තමාගේ ගුණ කියනවා ද අගුණ කියනවාද යැයි අසාගෙන සිටියාය.
එවිට බුදුරදුන් “ සුජාතාවනි මෙහි එව” යැයි ඇමතු සේක.
සුජාතාව බුදුරදුන් වෙත පැමිණ වැඳ එකත්පසෙක වාඩි වූ අතර බුදුරදුන් ඇයට ලොවෙහි භාර්යාවන් පිළිබඳ ධර්ම දේශනයක් කළහ.
මේ සූත්‍රයට අනුව ලෝකයේ භාර්යාවරුන් සත්දෙනෙක් වෙති. එනම්.

වධකසමා – වධක වැනි භාර්යාව
චොරිසමා - සොර භාර්යාව
අය්‍යසමා – ආර්ය්‍යා භාර්යාව (ස්වාමියා මැඩගෙන සිටීම)
මාතුසමා – මව හා සමාන භාර්යාව
භගිනි සමා - සොයුරිය හා සමාන භාර්යාව
සඛීසමා – යෙහෙළියක බඳු භාර්යාව
දාසිසමා – දාසි භාර්යාව ය

භාර්යාවරු සත්දෙනා හඳුන්වා දී ඔවුන් අතුරෙන් ඔබ කවරෙක් වෙහි ද? විචාළ සේක.
එවිට ඇය “ ස්වාමීනී , එම දේශනාවේ අර්ථය මම නොදනිමි” යි ද එය සවිස්තරාත්මකව දේශනා කරනු මැනවි යයි ද කීවා ය. එවිට බුදුරදුන් සත්ත භාර්යාවන්ගේ ගුණ අගුණ ප්‍රකාශ කළ හ. ඒ අනුව භාර්යාවරුන්ගේ ලක්‍ෂණ මෙසේය.
1. වධක භාර්යාව
1. ප්‍රදුෂ්ට සිත් ඇතිවීම
2. හිතානුකම්පී නැතිවීම
3. පරපුරුෂයන් කෙරෙහි ඇලීම
4. සැමියා ඉක්මවා සිතීම
5. වධ කිරීමට උත්සුක වීම
2. චෞර භාර්යාව
1. ශිල්ප ශාස්ත්‍ර වෙළහෙළදාම් හෝ ගොවිකම් කටයුතු ආදියෙන් සැමියා උපයන ධනය අල්පයක් හෝ පැහැර ගැනීමේ සිතින් කටයුතු කිරීම
3. ආර්ය්‍යා භාර්යාව
1. කළ යුතු දේ නොරුස්සයි
2. අලස වීම
3. බොහෝකොට අනුභව කිරීම
4. රළුවීම
5. සැඩවීම
6. කැකුළු වචන (කර්කශ වචන) කීම
7. ස්වාමියා මැඩගෙන සිටීම
4. මාතු භාර්යාව
1. හිතානුකම්පී ඇතිවීම
2. මවක් පුතකු රක්නා සෙයින් සැමියා රැකීම
3. උපයන ලද ධනය රැකීම
5. භගිනි භාර්යාව
1. ස්වාමියා කෙරෙහි ගෞරව සහිත වීම
2. ජ්‍යෙෂ්ඨ සහෝදරයා කෙරෙහි කනිෂ්ට සොයුරිය සේ කටයුතු කිරීම
3. ලජ්ජා සිත් ඇතිවීම
4. ස්වාමියාගේ වශයෙහි අනුව පැවතීම
6. සඛී භාර්යාව
1. ස්වාමියා දැකීමෙන් ප්‍රමුදිත වීම
2. කුල සපන් වූවා වීම
3. සිල්වත් වීම
4. පතිව්‍රතාව රක්‍ෂා කිරීම
7. දාසි භාර්යාව1. දඬු ගෙණ තර්ජනය කළ ද නොකිරීම
2. දුෂ්ට සිත් නැතිවීම
3. ස්වාමියා හට ක්‍ෂමා කිරීම
4. නොකිපෙන සුලුවීම
5. ස්වාමියා වශයෙහි පැවතීම
                                                                  මේ ලෝකයේ වධක භාර්යාවරු ද, චොර භාර්යාවරුද, ආය¸ා භාර්යාවරු ද, දුස්සීල හෙයින් මරණින් මතු අපාගත වෙති. මේ ලෝකයේ මාතෘ භාර්යාවරු ද භගිනි භාර්යාවරු ද සඛී භාර්යාවරු ද දාසි භාර්යාවරු ද සිල්වත් බැවින් මරණින් මතු සුගතියට යති.
මෙම ලක්‍ෂණ පැහැදිලි කිරීමෙන් පසු බුදුරදුන් යළිත්, “ඔබ කවරෙක් වෙයි ද? “ සුජාතාවගෙන් විමසූ කල්හි ඇය මෙසේ කීවාය.
“ස්වාමීනී, මම අද පටන් මාගේ සැමියාගේ දාසියක හා සම වූ භාර්යාවක් වෙමි ” සත්තභරියා සූත්‍ර දේශනාව අවසානයේ අතිශින්ම ප්‍රගල්භ ගති ඇති ව සිටි සුජාතා ගෘහපති දියණිය නිහතමානි ගති ඇති දාසි භාර්යාවක් බවට පත්වීමට අදිටන් කර ගත්තාය. වර්තමාන සමාජය තුළ දුර්ගුණ ගති ඇති කාන්තාවන්ගේ හැසිරීම විමසා බලන කල්හි වධක චෞරී අර්ය්‍යා භාර්යාවරු ඒ අතර සිටින බව ඉතා පැහැදිලිය.
     එසේම මාතු භගිනි, සඛී , දාසි භාර්යාවරු ද අප සමාජයේ සමාජ ප්‍රගමනයට , සමාජ සදාචාරයට උතුම් කාර්යභාරයක් ඉටුකරති. විෂම ගති ඇති, බිඳ වැටුණු පවුල් පරිසරයක් නිමැවෙන්නේ දුර්ගුණ ගති ඇති කාන්තාවන්ගෙනි.
උතුම් ගති ඇති භාර්යාවරු සැමවිටෙක ම උදාර ශිෂ්ටාචාරයක නිර්මාණාත්මක බලවේගය නියෝජනය කරති.

අන්තර්ජාලය ඇසුරෙනි