Saturday, April 25, 2020

Posted by ChAbhi | File under :

මහ මුහුදෙ කිසි දෙයක් නැතුව අපිව අතරමං උනොත්....



Monday, July 9, 2018

Posted by ChAbhi | File under :
                    ඔන්න කස්ටියට අද තවත් මුහුදු මංකොල්ල කාරයන්ගේ ගේම් එකක් ගැන ගෙනවා. මේ #BlackWake ගේම් එක.
                    ගේම් එක ගැන කිව්වොත් x box ගේම් එකක් උන sea of thives pc එකෙ ගහන්න පුලුවන් උනත් හැමෝටම එක ගහන්න උනෙ නෑ. ඒත් මේක ඒ වගෙ අයට පට්ට. Steam එකෙ $8ක් තමයි වෙන්නෙ. තාම early access game එකක්. ඉස්සරහට තවත් පට්ට වෙලා තවත් ගාන වැඩි වෙවී.
මෙන්න විඩියෝ එක. ගේම් ප්ලේ එකෙන් ගේම් එක ගැන හොදට තෙරුම් ගන්න පුලුවන්. 
                      Gameplay : https://youtu.be/XYzfEyHZJHE
                    විශෙසෙන් කියන්න තියෙන්නෙ එක පැත්තට 25 ගානෙ එක සර්වර් එකක 50කට කෙල ගන්න පුලුවන් එක. හිතහල්ලකො එක 😍✌🏻
#ChAbhiGaming #Steam #Pirates

Monday, May 7, 2018

Posted by ChAbhi | File under :
ඔන්න අපෙ සෙට් එක #GTA එකෙ ගත්තු තවත් ආතල් එකක්.

.
මෙකෙදි වෙන්නෙ කට්ටිය සෙට් වෙලා වහන වලින් එකට කොහෙ හරි තැනකට පාරෙන් රියල් ලයිෆ් එකෙ අපෙ අය යනවා වගෙ සිරා අරන් යන එක. මෙතනදි යන්නෙ පොඩි වාහනෙකටවත් හරියකට යන්න බැරි පාරක පත සයිස් (Mobile Oparations Center)හරියටම කිව්වොත් GTA එකෙ ලොකුම ground vehicles එකෙන් යන එක. එකක් නෙමෙයි 3ක්.
.
බලමු අපෙ අය මේකට කොහොමද මූන දුන්නෙ කියලා. 👍🏻
#LINK: Road Trip S01E01
.
හැමදාම මිශන්ම නෙමෙයි. ගේම් එකක් ගහනකොට එකෙන් අපිට තව දේවල් කරලා සතුටක් ලබන්න 😂😂 පුලුවන් කියන එක මතක් කරමින් ආයෙ දවසක මෙහෙම වැඩකින් සෙට් වෙමු.

Friday, July 21, 2017

Posted by ChAbhi |
  1. From Start, search for msconfig.
  2. Select System Configuration from the search results.

    Search result - System Configuration
     
  3. On the Services tab of the System Configuration dialog box, tap or click to select the Hide all Microsoft services check box, and then tap or click Disable all.

    System Configuration dialog box
     
  4. On the Startup tab of the System Configuration dialog box, tap or click Open Task Manager.

    System Configuration - Startup tab
     
  5. On the Startup tab in Task Manager, for each startup item, select the item and then click Disable.

    Task Manager - Startup tab
     
  6. Close Task Manager.
  7. On the Startup tab of the System Configuration dialog box, tap or click OK, and then restart the computer.

Saturday, May 28, 2016


ආදරේ කියන්නෙ මොකක්ද බන්
අපේ උන් පටලවගෙන ඉන්නෙ ඔතනනෙ ඒකනෙ අවුල
අවංක කෙල්ලො ඉන්නවද බම් දැන් 
ඉන්නවා අතරින් පතර ටිකම ටික දෙනෙක්
හුගක් උන් ඩබල් ගේම් ගහන්නෙ.ඔෆිස් එකේ එකයි
පිට එකයි බුකියෙ 2යි 3යි ඕවා සාමාන්‍ය දේවල් බම් දැන්
හුගක් කොල්ලො සල්ලාලයො ඇයි ඒ
ටික දෙනෙක් උපතින්ම මානසික ලෙඩ්ඩු හැබැයි
පොඩ්ඩක් හොයල බලුවොත් හුගක් වෙලාවට හුගක් කොල්ලො
කාලෙකට කලින් බොක්කෙන් කෙල්ලක්ට
ලව් කරලා.ඒකි බුට් එක තියලා
ඉතින් අවසානෙ කෙල්ලො සෙල්ලම් බඩුවක් විතරයි
ඒ චරිතෙට.ඕකයි තිත්ත ඇත්ත
ඒ වගේම
ගමේ කෙල්ලො පොෂ් කෙල්ලො
දුප්පත් කොල්ලො පෝසත් කොල්ලො
කියල ආදරේ මනින්න බෑ
මොකද ආදරේ තියෙන්නෙ හදවතේ
එක හිතයි වැදගත්
හැබැයි හුගක් වෙලාවට ලොකු සල්ලිකාරයො පෝසත් කොල්ලො
ආදරේ කරන්නෙ ෆන් එකට
රිදෙයි හැබැයි ඇත්ත තිත්තයි
ඇත්තටම ආදරේ කරන කෙනෙක් උඹ දුප්පත්ද
ජොබ් එක මොකක්ද අදාල නෑ
උඹ එක්ක ආදරෙන් ඉන්නවා.උඹ ගැන හොයල බලනව නිතරම
අපි හිතමු සාමාන්‍යෙයන් සල්ලි තියන කෙල්ලක් කියල
අනිවා ඒකි උඹට උදව් කරනවා ගොඩයන්න
උඹේ අතේ තියන පිච්චියට වැරදිලාවත් කෙලින් නෑ
කථා කරන්න ඕන නම් ඒකිම රිලෝඩ් දාලා උඹටත් දාල
කථාකරනවා හැබැයි එහෙම කෙල්ලක් හම්බවුනොත්
වැරදිලාවත් නැති කරගන්නවනම් උඹ තරම් මෝඩයෙක්
මේ ලෝකෙ තවත් නෑ බම්
ඒ වගේම කෙල්ලොන්ට කියන්නෙ
හොදයි කියල දන්න ඇත්තටම හොද
කොල්ලෙක්ව නම් නැති කරගන්න එපා.
සුරනංගනා කථා කිය කිය උඹව හුරතල් කරන්නෙ නෑ
නිති දාල උඹව රැකගන්න බලනවා
මතක තියාගන්න නීති නැත්තන් එතන ආදරේකුත් නෑ
කවුරු කොහොම කිව්වත් තිත්ත ඇත්ත ඒකයි
හැබැයි හුගක් කෙල්ලො නැති කරගන්නෙත් ඒ වගේ
රත්තරන් කොල්ලන්ව
හැබැයි ඉතින් උඹ බොක්කෙන් ලව් උනාට අනිත් කෙනා
කරන්නෙ බොරුවක්නම් මොකෝ කරන්නෙ
දුක් වෙලා වැඩක් නෑ.ඒක උඹෙ වරදක් නෙවෙයි
නියම ආදරයක් ලබන්නත් පින තියෙන්න ඕන
අතැරල දාහන් බම්
අම්මා තාත්තා උඹ එක්ක තාම
ඔය කිව්වට කියන තරම් ලේසියෙන් කොහමද
අමතක කරන්නෙ
බැ කියල බැ බම් උඹ වෙනුවෙන් කරන්න ඕන ඒක
දාල ගියත් ඒ කෙනාටම ආදරේ කරන එක තමා සැබෑ ආදරය
හැබැයි ඉතින් ලෝකෙ තියන ලොකුම ගොන් කමත් ඒක තමයි
මොකටද බම් දාල ගිය උන් ගැන හිතන්නෙ
උන්ට පින නෑ බම් ඒකයි ඇත්ත
අනික උට නැති වෙන්න ආදරේ කරපු කෙනෙක්
උඹට නැති වෙන්නෙ ආදරේ නැති කෙනෙක්
මේ ටික අපේ කොල්ලන්ට . . .
මතක තියාගනින් ඇත්තටම ආදරේ කරන කෙල්ලෙක්
උඹව කිසිම හේතුවකට දාල යන්නෙ නෑ
ජීවිතේ කියන්නෙ සල්ලි නෙවෙයි කියන උන්
මුලින්ම ඇත් කරපන් බම්
සල්ලි නැත්තන් මුකුත්ම කරන්න බෑ බම්
වර්තමානෙ සමාජෙ දුවන්නෙ සල්ලි වලින්
නැති එකා කොන් වෙනවා
මුලින්ම තැනකට වරෙන්
අහක බලපු ඇස් උඹ දිහා හැරිල බලයි හැබැයි උන්ව නම්
සතේකට ගනන් ගන්න එපා
ඒ වගේම උඹට උදව් කරපු හැමෝටම උදව් කරපන්
උඹට වරදින්නෙ නැ එතකොට
උඹට නැති වුන හැමදේම සල්ලි එක්ක උඹ ලගට එයි
දාල ගිය කෙනා ගැන හිත හිතා ඉන්න එපා මචන්
ඒ වගේම මහන්සියි කියල නතර වෙන්නත් එපා බම්
එතකොට අපි පරාදයි
කැල්ල කරගනින් උඹ කැමතිම වාහනේ
ජීවිතේට හින හදාගනින්
ඒ හීන වලට වැඩ කරපන්
ජිවිතේ දිහා ආපස්සට හැරිල බලයි බම් උඹ දවසක
එදාට උඹට උඹ ගැන සතුටු හිතෙනවා නම්
උඹ ජීවිතේ දිනල බම්
උඹලට ජය . . .

Sunday, November 8, 2015

Posted by ChAbhi |
හේයි යාලුවනේ. ඔන්න මම Clash of Clans ගැන කියන්නයි යන්නේ,
Clash of Clash ගේම් ඒක hack කොරන්න බෑ. try කොරන්නත් ඒපා. ඕක කියලම එපා වෙලා තියෙන්නේ. 

ඔව් ඔව් you tube එකේ තියෙනවා තමා. ඒව බොරු දේවල්

දැන් ඔයාල google play එකෙන් coc දාගත්තා. මුල් පියවරවල් ටික මෙයාලා කියල දෙනවා. 
මුලින්ම කල යුතු දේ තමයි settings ගිහින් google play sign-in වෙන්න. 


මොකද sign-in උනාම බය වෙන්න එපා ගේම් එක ගැන. fb වගේ acc එකට මේක save වෙනවා. ‍ඔයාට 
phone 2 ක් තියෙනව නම් 2න්ම log වෙන්න පුලුවන්. එකක බැටරි low උනොත් අනෙකින්. එක පාරනම් බෑ.
ආ දැන් fb එක‍ට set වෙමු. 
google play sign-in එකට උඩින් තියෙන්නෙ ඒක. නිකන් click කලාට සමහරුන්ට log වෙන්න බැරි වේවි. මේකට ඔයාල මුලින්ම Puffin Web Browser  එක install කර ගන්න. 


මේකෙන් fb  log වෙන්න. පස්සෙ ආයිත් coc ගිහින් කලින් වගේ කරල බලන්න. හරිනේ වැඩ්.
දැන් ඕනනම් cup එක ක්ලික් කරන්න. 


friends ක්ලික් කරන්න. ආ දැක්කනේ යාලුවො set එක. මම ChAbhi කියල ඇති. මම ඔයාලගෙ friend කෙනෙක් නම් විතරයි පෙන්නන්නේ. 

(Chathura Abesiriwardhana)



අලුත් players ල නිතර අහන්න‍ව ඇයි එයාලට
clan එකක‍ට join වෙන්න බැරි කියලා. ඒ එයාලගෙ clan castle එක කුඩු වෙලා (broken) තියෙන නිසා. මේක ග‍ොඩක් අලුත් bases ගැන නඩුවක්. clan එක අනිව ඉක්මන‍ට හදා ගන්න.


උඩ තියෙන්න pot එක‍ේ clan castle එක game එකකේ තියෙන්නේ. එක gold 40,000ක් දීල හදා ගන්න.
ඊ්‍ට පස්සෙ මේන් මෙහෙම ඇති.
දැන් මේක ක්ලික් කරලා හොද clan එකක‍ට set වෙන්න. ආ තනියම clan එකක් දැන්මම හදන් දගලන්න එපා. ඒව‍ට තා කල් තියෙනව. sri lankan clan එකකටම join වෙන්න මේ මම වගේ 

දැන් town hall  (th) එක‍ට යමු. 






දැනට ඇති. copy paste නම් එපා ඈ.

Friday, July 10, 2015

Posted by ChAbhi |
මංගල රාත්‍රීය එහෙමත් නැත්නම් හනි මූන් එක අපි හැමදෙනාම වගේ ගත කරන්න ආසාවෙන් ඉන්න බලාපොරොත්තුවෙන් ඉන්න දවසක් නේ.අන්න ඒ දවස සාර්ථකව ගත කරන්නේ කොහොමද?අද අපි කතා කරන්න යන්නේ ඒ පිළිබඳව.

සැහැල්ලුවෙන් එයට මුහුණ දීම
පළවෙනිම දේ තමයි මේක වැඩිය ඇගට ගන්නේ නැතුව ඉන්න එක. මංගල රාත්‍රිය කියන එක මහා ලොකුවට ඔලුවට අරන් අමුතුම හැගීමකින් වැඩේට බැස්සොත්
එකේ රසය නැතිවෙලා යනවා. ඔබත් ඉන්දියානු චිත්‍රපට වල , හින්දි නාට්‍ය වල පෙම්වතුන් මංගල රාත්‍රිය සමරන ආකාරය හිතේ පැල පදියම් වුන කෙනෙක් නම් ඒ සිහින ලොවින් මිදිලා සැහැල්ලුවෙන් හා යථාර්තවාදී ලෙස මේ දෙස බැලීම වැදගත්. ඒ මංගල රාත්‍රීය ගත කිරීමට පෙර දෙන්නා අතර හොද සන්නිවේදනයක් තිබීම අත්‍යවශයයි. ඔබගේ සිතේ තිබේ බිය හා ආශාවන් ගැන ඔබේ සහකරු/සහකාරිය දැනුවත් කර තබන්න. ඒ විට ඒවා ගැන සිතමින් අනවශ්‍ය ලෙස සිත කලබල කරගෙන මංගල යහනට ගොඩ වදින්න ඔබට සිද්ද වෙන එකක් නෑ.

මංගල රැයින් පසුව එළඹෙන දිනය නිදහස් එකක් කර ගන්න
මංගල රාත්‍රිය ගත කල පසු එළඹෙන ඊලග දිනය නිදහස්ව ගත කරන්න සිහි තබා ගන්න. ඒ කියන්නේ ඒදාට ලොකු ලොකු වැඩ දාගන්න එපා. දෙන්නත් එක්ක හොටෙල් එකේ හෝ මංගල රාත්‍රිය ගත කල ස්ථානය සතුටු සාමිව්යේ යෙදෙමින් බොහොම ආදරබර ලෙස නිදහසේ ගත කරන්න පුලුවන් දින සැලැස්මක් හදා ගන්න

මංගල රාත්‍රීය හැමදාටම මතක් වෙන එකක් කර ගන්න
ඔබට පුලුවන් මංගල රාත්‍රිය දවසට ඔබේ සහකරුට හෝ සහකාරියට ලස්සන තෑග්ගක් දෙන්න. හැබැයි මේ තෑග්ග ජිවිත කාලයක් පවතින , ලස්සන තෑග්ගක් වෙන්න ඕනේ. එතකොට ඔබේ සහකරුට හෝ සහකාරියට මේ තෑග්ග දකින දකින සෑම වාරයක් පාසාම ඒ ලස්සන මංගල රාත්‍රිය මතක් වේවි. ඒ වගේම මේ සෙනෙහෙබර තෑග්ග ඔබේ පවුල් ජිවිතය ශක්තිමත් එකක් බවට කරාවී.ඊලග කරුණ තමයි මංගල රාත්‍රිය ගත කිරීමට කාමරේ ඇතුලට ගිය ගමන් වැඩ අල්ලන්න ඒපා. දෙන්නා එක්ක ඇදට ගිහින් ගුලි වෙලා බොහොම සෙනෙහෙබර ආදර කතාවක් ආරම්හ කරන්න. බාධක මැදින් විවාහය දක්වා මේ ආපු ගමන හා අනාගතය මොන වගේ වේවි ද කියලා ආරම්භ කරන ආදර බර සංවාදයක් ඔබ දෙදෙනාම නොසිතන මොහොතකදී foreplay එක පටන් ගන්න උත්තේජනය සපයාවි.ඒ වගේම foreplay එක පුලුවන් තරම් දික් කරගන්න උත්සහ කරන්න

අනවශ්‍ය බිය ඇති කර ගන්න එපා
විශේෂයෙන්ම කායිකව එකතු වීමෙදී මනාලියගේ සිදු වන ලේ ගැලීම් වගේ දේවල් ගැන සිතින් අනවශ්‍ය ලෙස බියක් ඇති කර ගත යුතු නෑ. ඒ දේවල් බොහොම මෘදු හා ඉක්මනින් වේදනාව නැති වී යන දේවල්. ඔබට මේ ගැන අසීමිත ලෙස බය නම් මංගල රාත්‍රියට යාමට පෙර ඔබේ දැනටමත් විවාහ වී ඉන්න හොදම යෙහෙළියකගෙන් ඒ ගැන විමසා බිය පහ කර ගන්න.

ඔබේ ශරීරයේ අඩු පාඩු ගැන හිතන්න එපා
මේ ප්‍රස්නේ ගොඩක්ම තියෙන්නේ අපේ කෙල්ලොන්ට තමයි. ඔබ ටිකක් මහත් උනා කියලා ටයර් එකක් දෙකක් තිබුනා කියලා ඒ ගැන දුක් වේවි මංගල යහනට ගොඩ වදින්න එපා. ශරීරය ගැන සිතනවාට වඩා කරන්න යන කටයුත්ත ගැන වැඩි අවධානය යොමු කරන්න.ලිංගිකව කරන්න කැමති දේවල් අකැමති දේවල් ගැන දෙදෙනාම එකීනෙකා එක්ක දැනුවත් වෙන්න. එය ඔබේ මුළු ජිවිත කාලෙදිම දෙන්නාටම හොදින් මතක තියේවි.

ලිංගිකව එකතුවීම අවශ්‍යම නෑ
ඒ වගේම ඔබ මතක් තබා ගත යුතු වැදගත්ම කරුණක් අවසානයට කියන්නම්. මංගල රාත්‍රියේදීම බොහෝ පෙම්වතුන් ලිංගිකව එක වීම කරන්නේ නෑ.ඒ නිසා ඔබට ඒ දේ කර ගන්න නොහැකි වුව හොත් කිසි ලෙසකින් ඒ ගැන දුක් විය යුතු නෑ. එක සාමාන්‍ය දෙයක් පමනයි.

Saturday, April 4, 2015

 
               
                             සූත්‍ර පිටකයෙහි අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ එන සත්තභරියා සූත්‍රය ඉතා අගනා සමාජ දර්ශනයක් ඉදිරිපත් කරයි. එම සූත්‍රය මනුෂ්‍ය සමාජයේ ගෘහ ජීවිත සම්බන්ධයෙන් අමිල වටිනාකමක් ඇති භාර්යා වර්ගීකරණයක් (Classfication of wives) සහ ඔවුනගේ චරිත ලක්‍ෂණ විවරණයක් (Interpretation of Characteristices) ද ගෙනහැර දක්වයි.සූත්‍රයේ අන්තර්ගතය හා කථා පුවත මෙසේ ය.

                 එක් කලෙක බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වාසය කරන කල්හි අනාථපිණ්ඩික සිටුතුමාගේ නිවසට වඩියි. සුදුසු ලෙස පැන වූ ආසනයෙහි බුදුරදුන් වැඩ සිටියහ. එම අවස්ථාවෙහි සිටුතුමාගේ නිවසෙහි මිනිස්සු උස් හඬින් මහහඬින් කථා කරමින් සිටියහ.

එවිට අනේපිඬු සිටුතුමා බුදුරදුන් වෙත පැමිණ වැඳ එකත්පසෙක වාඩි විය. එම අවස්ථාවේදි බුදුරදුන් සිටුතුමාගෙන් මෙසේ විචාළේය.
“ ගෘහපතියෙනි, කුමක් හෙයින් ද ඔබගේ නිවසේ මිනිස්සු මසුන් මරන්නන් මාළු ගොඩගත් තැන ඇතිවනවා මෙන් උස් හඩින් ඝෝෂා කරන්නේ?”
“ ස්වාමීනි , සුජාතා නම් කුල දුවණියක් ආඪ්‍ය කුලයකින් (From a wealthy family)ගෙන ආවා. ඇය මේ මාගේ නැන්දණිය කියා හෝ මේ මාගේ මාමණ්ඩිය කියා හෝ නොසලකයි. මේ මාගේ ස්වාමියා නේද කියා හෝ නොතකයි. භාග්‍යවතුන් වහන්සේට හෝ සත්කාර ගරුකාර නොකරයි.
නො පුදයි. “ මේ මහා ශබ්දය ඇය සේවකයන්ට අමතන ශබ්දය හා ඒ අය අමතන ශබ්දයි. (මෙහි සුජාතා යනු විශාඛාවන්ගේ බාල නැගණියයි. එසේම ඇය ධනඤ්ජය සිටුතුමාගේ දුවණිය යි) මෙම පුවත බුදුරදුන්ට සැල කරන අවස්ථාවේදී පවා ඇය එම නුදුරෙහි සිටගෙන, සිටුවරයා තමාගේ ගුණ කියනවා ද අගුණ කියනවාද යැයි අසාගෙන සිටියාය.
එවිට බුදුරදුන් “ සුජාතාවනි මෙහි එව” යැයි ඇමතු සේක.
සුජාතාව බුදුරදුන් වෙත පැමිණ වැඳ එකත්පසෙක වාඩි වූ අතර බුදුරදුන් ඇයට ලොවෙහි භාර්යාවන් පිළිබඳ ධර්ම දේශනයක් කළහ.
මේ සූත්‍රයට අනුව ලෝකයේ භාර්යාවරුන් සත්දෙනෙක් වෙති. එනම්.

වධකසමා – වධක වැනි භාර්යාව
චොරිසමා - සොර භාර්යාව
අය්‍යසමා – ආර්ය්‍යා භාර්යාව (ස්වාමියා මැඩගෙන සිටීම)
මාතුසමා – මව හා සමාන භාර්යාව
භගිනි සමා - සොයුරිය හා සමාන භාර්යාව
සඛීසමා – යෙහෙළියක බඳු භාර්යාව
දාසිසමා – දාසි භාර්යාව ය

භාර්යාවරු සත්දෙනා හඳුන්වා දී ඔවුන් අතුරෙන් ඔබ කවරෙක් වෙහි ද? විචාළ සේක.
එවිට ඇය “ ස්වාමීනී , එම දේශනාවේ අර්ථය මම නොදනිමි” යි ද එය සවිස්තරාත්මකව දේශනා කරනු මැනවි යයි ද කීවා ය. එවිට බුදුරදුන් සත්ත භාර්යාවන්ගේ ගුණ අගුණ ප්‍රකාශ කළ හ. ඒ අනුව භාර්යාවරුන්ගේ ලක්‍ෂණ මෙසේය.
1. වධක භාර්යාව
1. ප්‍රදුෂ්ට සිත් ඇතිවීම
2. හිතානුකම්පී නැතිවීම
3. පරපුරුෂයන් කෙරෙහි ඇලීම
4. සැමියා ඉක්මවා සිතීම
5. වධ කිරීමට උත්සුක වීම
2. චෞර භාර්යාව
1. ශිල්ප ශාස්ත්‍ර වෙළහෙළදාම් හෝ ගොවිකම් කටයුතු ආදියෙන් සැමියා උපයන ධනය අල්පයක් හෝ පැහැර ගැනීමේ සිතින් කටයුතු කිරීම
3. ආර්ය්‍යා භාර්යාව
1. කළ යුතු දේ නොරුස්සයි
2. අලස වීම
3. බොහෝකොට අනුභව කිරීම
4. රළුවීම
5. සැඩවීම
6. කැකුළු වචන (කර්කශ වචන) කීම
7. ස්වාමියා මැඩගෙන සිටීම
4. මාතු භාර්යාව
1. හිතානුකම්පී ඇතිවීම
2. මවක් පුතකු රක්නා සෙයින් සැමියා රැකීම
3. උපයන ලද ධනය රැකීම
5. භගිනි භාර්යාව
1. ස්වාමියා කෙරෙහි ගෞරව සහිත වීම
2. ජ්‍යෙෂ්ඨ සහෝදරයා කෙරෙහි කනිෂ්ට සොයුරිය සේ කටයුතු කිරීම
3. ලජ්ජා සිත් ඇතිවීම
4. ස්වාමියාගේ වශයෙහි අනුව පැවතීම
6. සඛී භාර්යාව
1. ස්වාමියා දැකීමෙන් ප්‍රමුදිත වීම
2. කුල සපන් වූවා වීම
3. සිල්වත් වීම
4. පතිව්‍රතාව රක්‍ෂා කිරීම
7. දාසි භාර්යාව1. දඬු ගෙණ තර්ජනය කළ ද නොකිරීම
2. දුෂ්ට සිත් නැතිවීම
3. ස්වාමියා හට ක්‍ෂමා කිරීම
4. නොකිපෙන සුලුවීම
5. ස්වාමියා වශයෙහි පැවතීම
                                                                  මේ ලෝකයේ වධක භාර්යාවරු ද, චොර භාර්යාවරුද, ආය¸ා භාර්යාවරු ද, දුස්සීල හෙයින් මරණින් මතු අපාගත වෙති. මේ ලෝකයේ මාතෘ භාර්යාවරු ද භගිනි භාර්යාවරු ද සඛී භාර්යාවරු ද දාසි භාර්යාවරු ද සිල්වත් බැවින් මරණින් මතු සුගතියට යති.
මෙම ලක්‍ෂණ පැහැදිලි කිරීමෙන් පසු බුදුරදුන් යළිත්, “ඔබ කවරෙක් වෙයි ද? “ සුජාතාවගෙන් විමසූ කල්හි ඇය මෙසේ කීවාය.
“ස්වාමීනී, මම අද පටන් මාගේ සැමියාගේ දාසියක හා සම වූ භාර්යාවක් වෙමි ” සත්තභරියා සූත්‍ර දේශනාව අවසානයේ අතිශින්ම ප්‍රගල්භ ගති ඇති ව සිටි සුජාතා ගෘහපති දියණිය නිහතමානි ගති ඇති දාසි භාර්යාවක් බවට පත්වීමට අදිටන් කර ගත්තාය. වර්තමාන සමාජය තුළ දුර්ගුණ ගති ඇති කාන්තාවන්ගේ හැසිරීම විමසා බලන කල්හි වධක චෞරී අර්ය්‍යා භාර්යාවරු ඒ අතර සිටින බව ඉතා පැහැදිලිය.
     එසේම මාතු භගිනි, සඛී , දාසි භාර්යාවරු ද අප සමාජයේ සමාජ ප්‍රගමනයට , සමාජ සදාචාරයට උතුම් කාර්යභාරයක් ඉටුකරති. විෂම ගති ඇති, බිඳ වැටුණු පවුල් පරිසරයක් නිමැවෙන්නේ දුර්ගුණ ගති ඇති කාන්තාවන්ගෙනි.
උතුම් ගති ඇති භාර්යාවරු සැමවිටෙක ම උදාර ශිෂ්ටාචාරයක නිර්මාණාත්මක බලවේගය නියෝජනය කරති.

අන්තර්ජාලය ඇසුරෙනි

Wednesday, November 26, 2014



                                                            එක මිනිහෙක් අවුරුද්දකට හීන 1500ත් 2000ත් අතර ගානක් දකිනවා. ඒත් අපි හීන ගැන දන්නේ නැති විස්තර තමයි මේ...



1. හීන පාලනය කරන්න පුලුවන්.

මේකට කියන්නේ ‘ලුසිඩ් ඩ්‍රීමින්’ කියලා. මේ ක්‍රමයෙන් ඔයාගේ හීනේ ඊලගට මොකක්ද වෙන්නේ කියලා ඔයාට තීරණය කරන්න පුලුවන්.

2. හීනෙන් කියවන්නවත් වෙලාව බලන්නවත් බැහැ.

හීනෙන්ද නැද්ද කියලා බලාගන්න හොඳ විදිහක් තමයි මේ.

3. සත්තුන්ටත් හීන පේනවා.

මේ ලෝකේ ඉන්න ගොඩක් සත්තුන්ට හීන දකින්න පුලුවන්. මේකට හොදම උදාහරණය තමයි බල්ලා.

3. හීන දකිනකොට සමහර වෙලාවට මුලු ඇඟම පණ නැති වෙනවා.

අපි නිදාගත්තට පස්සේ එක වෙලාවක අපේ ඇග පැරලයිස් වෙනවා. සමහර වෙලාවට හීනෙකින් නැගිට්ට ගමන් ටික වෙලාවකට හෙලවෙන්න බැරි ඒකයි. භයානක හීනයක් දකින වෙලාවකට අපි කොච්චර උත්සාහ කරත් එකපාර නැගිටින්න බැරි ඒකයි.

4. අන්ධ අයත් හීන දකිනවා.

උපතින්ම අන්ධ අයට ඒ අයගේ අනිත් හැගීම්, ඒ කියන්නේ ගඳ/සුවඳ, ඇහීම වගේම ස්පර්ශය පාවිච්චි කරලා හීන දකින්න පුලුවන්.
5. හීන 90%ක් අපි නැගිටලා මිනිත්තුවක් ඇතුලත අපිට අමතක වෙනවා.

6. අපිට හීනෙන් පෙනෙනේ අපි දන්න අඳුරන මූනවල් විතරයි.

7. අපිට පේන හීන ගොඩක තියෙන්නේ දුක, භය සහ තරහා.

8. හීන ගොඩක් අලුත් දේවල් හදන්නත් උදව් වෙලා තියෙනවා.


ලැරී පේජ් ගේ ගූගල්, ටෙල්සාගේ අලුත් ජෙනරේටර් එක, එලියස් හෝව්ගේ මහන මැශිම, ඩිමිත්‍රිගේ ආවර්තිකා චක්‍රය.

9. සමහර හීන වලින් අනාගතයත් පෙනිලා තියෙනවා.

ඒබ්‍රැහම් ලින්කන් එයාගේ මරණය දැක්කා, 9/11 ඇමරිකාවට බෝම්බ දාපු එක හීනෙන් දැකපු අය, ටයිටෑනික් එක ගිලීම හීනෙන් හරියටම දැකපු 19 දෙනෙක් හිටියා.

10. පිරිමි අයගේ හීන 70%කම ඉන්නේ පිරිමි අය.

ගැහැනු අයගේ හීන වල දෙගොල්ලම සමානව ඉන්නවා.

අපි නින්ද ගැන හිතන්නේ මොලයට ගොඩක් විවේක දෙයක් හැටියට උනත්, අපි නිදාගන්න කොට අපේ මොලේ හීන බලලා මහන්සි වෙනවා වගේ තමයි ඉතින්..

Sunday, November 2, 2014

ස්ත්‍රී දත් 


01) යම් ස්‌ත්‍රියකගේ දත් උල්ව පිහිටයි නම් එවන් ස්‌ත්‍රීන් තම සැමියාව නිතර සැක කරයි. සැමියාව පිට මිනිසුන් ඉදිරියේ විවේචනය කරයි. පුද්ගලයන් ඉදිරියේ තම සැමියාව හාස්‍යයට ලක්‌ කරයි. සැමියා කරන කටයුතු අවඥවට ලක්‌ කරයි. නිතර සැමියාට විරුද්ධව ක්‍රියා කරයි. මොවුන්ගේ විවාහ ජීවිතය ගැටලු, ප්‍රශ්න රණ්‌ඩු වලින් පිරුණු එකකි. මෙවන් ස්‌ත්‍රීන් බොහෝ ධනවත් වේ.

02) උඩු ඇන්දේ පමණක්‌ දත් දුරින් පිහිටි ස්‌ත්‍රිය තම සැමියාව නිතර වරදෙන් මුදා ගැනීමට උත්සාහ කරයි. නමුත් මෙවන් ස්‌ත්‍රීන්ගේ සැමියන් වරදට පෙළඹෙන නැති නාස්‌ති කරන අයෙකි. ගේ දොර සාමය බිඳ වැටී සමාජයෙන් අපහාස අපවාද විඳීමට සිදුවේ. නමුත් ජීවිතයේ අගභාගය සැප සහිතව ජීවත්වේ.

03) මනාව පිහිටි දත් දෙපළක්‌ මතින් නල දත් තිබීම, ස්‌ත්‍රියකට ඉතා වාසනාවන්ත පිහිටීමකි. මෙවන් ස්‌ත්‍රීන්ට යස ඉසුරු ලැබී. සමාජයෙන් ගෞරව, ප්‍රශංසා ලැබීම සිදුවේ. අනුන්ව තමන්ගේ බසට නතු කර ගත හැකි මෙවන් ස්‌ත්‍රීන් දූ දරුවන්ගේ ආදර ගෞරවයට නොඅඩුව පාත්‍ර වේ.

04) යටි ඇන්දේ දත් පළල්ව පිහිටි ස්‌ත්‍රිය අත්තනෝමතිකව ක්‍රියාකරන මුරණ්‌ඩු ගති බහුල කලහකාරී ස්‌ත්‍රියකි. මෙවන් ස්‌ත්‍රීන් නිවස තුළ සිය ආධිපත්‍යය පතුරනවා මෙන්ම තමා සැමියාවද කටින් බයකර ගනී. විලිබිය නැතිකම මෙවන් ස්‌ත්‍රීන්ගේ කැපී පෙනෙන අංගයකි.

05) පැළ ඉනි සිටෙව්වා මෙන් දත් අතර හිඩැස්‌ ඇති ස්‌ත්‍රිය, අනාචාරයේ හැසිරෙන කාමාධික ස්‌ත්‍රියකි. කුඩා කලම විලිබිය නැතිකර ගන්නා මොවුන් නිදහස උපරිම වශයෙන් භුක්‌ති විඳියි. මෙවන් ස්‌ත්‍රීන්ගේ විවාහය අනිවාර්යයෙන් අසාර්ථක වේ. සැමියා හැරගොස්‌ හුදෙකලාවේ ජීවත්වීමට සිදුවේ. චර්යා රටාවේ ඇති නරක නිසා දෙමාපිය නෑ හිතමිතුරන්ගේ දෝෂාරෝපණ වලට ලක්‌වේ.

06) උඩු ඇන්දේ දත් පළල්ව පිහිටන ස්‌ත්‍රීන් බුද්ධියෙන් අඩුය. මොවුනට ආර්ථික අපහසුතා ජීවිතය පුරාවටම ඇති වේ. සැමියාගෙන් ආදරය කරුණාව නොලබන මොවුන්ගේ නිවස අඩදබර වලින් පිරි එකකි. තම මවට අගුණ ගෙන දෙන පිහිටීමකි.

07) උපතින්ම දත් කහපාට හෝ රන්වන් පාට නම් මුළු ජීවිතේම නොයෙකුත් ප්‍රශ්න වලට මුහුණ දෙන අයවේ. පොහොසත් තැනක උපත ලැබුවද දිනෙන් දින දිළිඳු වේ.

08) දත් කෑලි සහිත නම් බොහෝ අග හිඟකම් ඇති අයවේ. දිළිඳු කමේ උපරිමයටම යන අය වේ.

09) දත් 32 කම මනාව පිහිටි ස්‌ත්‍රියගේ ජීවිතය වාසනාවෙන් පිරි එකකි. යස ඉසුරු හිමිවන පෙර පින් ඵලදෙන මුළු ජීවිතේම සතුටින් කල් ගෙවන ස්‌ත්‍රියකි.

10) දත් තොල් වලින් ඉවතට පැමිණි ස්‌ත්‍රිය (බොල්ලෑ ස්‌ත්‍රිය)ජීවිත කරදර වලින් පිරි එකකි.මොවුන්ට දරුවන්ගෙන්ද සහනයක්‌ නැත. දරුවන්ද කරදරකාරී අය වේ.

11) ඉදිරිපෙළ දත් අතරමැද හිඩැස්‌ ඇති ස්‌ත්‍රිය බොහෝ විට දුක්‌ කම්කටොලු වලට මුහුණ දෙයි. සැමියා ඵල නොදෙන පිsහිටීමකි. සැමියාටද බොහෝ කරදර බාධක ඇතිවේ. මොවුන්ගේ විවාහය අසාර්ථකය.

12) යටි ඇන්දේ දත් වැඩියෙන් පිහිටි ස්‌ත්‍රියගේ මවට ඉතා අපලය. මෙවන් ස්‌ත්‍රීන්ගේ මව මිය ගොස්‌ හෝ හැරගොස්‌ය. යම් හෙයකින් සිටියද මැයට සලකන්නේ පිට දරුවකුට මෙනි.

13) යටි ඇන්දේ දත් අක්‍රමවත්ව පිහිටි ස්‌ත්‍රිය කිසි දිනක විශ්වාස කළ නොහැක. දෙබිඩි චරිතයකි. මෙවන් ස්‌ත්‍රීන් බොහෝ විට වැන්දඹුවන් වේ. නොඑසේ නම් සැමියා හැරගොස්‌ ඇත.

14) දත් ඉතා තුනී වීම ස්‌ත්‍රීන් ඉතා හිතුවක්‌කාර ගති පෙන්නුම් කරයි. මොවුන් ඉතා මුරණ්‌ඩුය. ජීවිතය අවුල්කර ගනී.

15) නිදන විට දත්කූරු කන ස්‌ත්‍රිය සමාජයෙන් නින්දා අපහාස ලබන අතර තම සැමියාට නොසලකයි. වදහිංසා පමුණුවයි. අවස්‌ථාවන් ලද හොත් සැමියා නැසීමට වුවද පසුබට නොවේ.

ස්ත්‍රීන්ගේ දණහිස්



01) දණහිස්‌ ඇටයේ දෙපස මසින් පිරී ඇත්නම් බොහෝ යස ඉසුරු ලැබී ධනයෙන් බලයෙන් බැබලෙන කෙනෙක්‌ වේ. නමුත් මොවුන්ට තරහකාරයන්, ඊර්ෂියා කාරයන්ගේ බලපෑම් බහුල වේ.

02) දණහිසෙහි නහර හෝ අස්‌ථි පිටතට නෙරා නොයේ නම් (දණහිස මට්‌ටමට පවතී නම්) හිතුදේ හරි වැරදි නොබලා කරන, ස්‌ථීර අදහස්‌ ඇති, දුරදිග නොබලා වැඩ කරන අයවේ. මොවුන්ගේ විවාහයද අසාර්ථක වේ. නමුත් මොන නරක සිදු වූවත් කිසිදිනක ඒ ගැන සිතා නොතැවෙන ස්‌ත්‍රීන්ය.

03) ඇවිදින විට දණහිසෙන් ශබ්ද නැගේ නම්,එවන් ස්‌ත්‍රීන් ඉතා කපටිය, අනුන්ව මුලාවේ දමයි, තවද මොවුන් නරක ඇසුරට යොමු වූ අයවේ. තම බලාපොරොත්තු සිතැඟි ඉටුකර ගැනීම සඳහා හැට හතර මායම පාවිච්චි කරන ස්‌ත්‍රීන් වේ.

04) දකුණු දණහිසේ තඹ/ කළු පැහැ උපන් ලපයක්‌ ඇත්නම්, මෙවන් ස්‌ත්‍රීන් බොහෝ ධනවත්, යස ඉසුරු ඇත්තියන් වේ. නමුත් මොවුන් උපයන ධනය හොඳ, නරක ක්‍රම දෙකෙන්ම උපයයි.

06) වම් දණහිසේ තඹ/ කළු පැහැ උපන් ලපයක්‌ ඇත්නම්, මෙවන් ස්‌ත්‍රීන් දැහැමි ජීවිතයක්‌ ගත කරයි. මොවුන් බොහෝ කරුණාවන්ත, නිහතමානී, ආගමානුකූලව ජීවත් වන, චාම් ගති ඇති අය වේ.

06) විකෘති දණහිස්‌ පිහිටියේ නම්,මෙවන් ස්‌ත්‍රීන් ඉතා අවාසනාවන්තය, ජීවිතය, පුරාම දුක රැඳී පවතී. මොවුන් අධි උත්සාහවන්තය නමුත් උත්සාහයෙන් ලබන දෙයක්‌ද නැත. දිළිඳුව ජීවත් වේ.

07) දෙදණ එක සමානව පිහිටා ඇත්නම්, මොවුන් ඉතා වාසනාවන්තය, සිතන දේ සිතන පරිදිම සිදුවේ. මෙවන් ස්‌ත්‍රීන් ඥානවන්තය, නිහතමානීය, චාම් නිරහංකාර ජීවිතයක්‌ ගත කරයි.

08) නහර ඉලිප්පී දණහිස කෘශ වූයේ නම්,විවාහ ජීවිතය අසාර්ථක වන පිහිටීමකි. මෙවන් ස්‌ත්‍රීන් සැමියාගෙන් හෝ තම දරුවන්ගෙන් කිසිදු ආදරයක්‌ නොලබයි. බලාපොරොත්තු කඩ වී ජීවිතය බොහෝ පසුබෑම්වලට ගොදුරුවේ. තවද සමාජයෙන්ද නිතර දොස්‌ ඇසීමට සිදුවන ස්‌ත්‍රීයකි. ජීවිතයේ බලන බලන අත ප්‍රශ්න, කරදරවලින් පිරී මෙම ස්‌ත්‍රියගේ මානසික තත්ත්වයද කල්යත්ම වෙනස්‌ වී රෝගී වේ.

09) එකිනෙකට වෙනස්‌ දණහිස්‌ ඇත්නම්,මෙවන් ස්‌ත්‍රීන් නිතර තම අදහස්‌ වෙනස්‌ කරයි. තම ආත්ම ගෞරවය ගැන ද නොසිතයි. ආත්මාර්ථකාමීය. මොවුන්ගේද විවාහය අසාර්ථකය, මොවුන් යමක්‌ ලබා ගැනීමට පමණක්‌ යමක්‌ කරයි. නමුත් පිනට හෝ යුතුකමක්‌ වශයෙන් කිසිවක්‌ නොකරයි.

10) දෙදණ ඇවිදින විට දෙපසට චලනය වේ නම්,මෙවන් ස්‌ත්‍රීන් කාමාධිකය, විනෝදයෙන් කාලය ගත කරයි. බහු පුරුෂ සේවනයේ යෙදේ. මායම් භාවිතා කර පිරිමින් මුලාකර ඔවුන් සතු සියලු දේ ඩැහැගනී.

11) දෙදණ අධිකව මසින් පිරී බර වී ඇත්නම් මෙවන් ස්‌ත්‍රීන්ගේ විවාහ ජිවිතය වාසනාවන්ත එකක්‌ වේ. විවාහයට දිළිඳු සැමියෙක්‌ ලැබුවද ඉතා ඉක්‌මනින් පොහොසත් වේ. සැප සම්පත් භුක්‌ති විඳිමින් සැපසේ ජීවත් වේ.

ස්ත්‍රීන්ගේ උදරය




1. උදරය සිහින්වී නාභියෙන් පහත කොටස නැමී ගියේ නම් - මෙවන් පිහිටීමකට හිමිකම් කියන ස්‌ත්‍රීන් 
උපතින්ම උරුම කරගත් දක්‍ෂතාවලින් පිරිපුන්ය. ඔවුන් එම දක්‍ෂතා අවශ්‍ය පරිදි ජීවිතයට යොදා ගනී. මොවුන් ජනප්‍රිය වන චරිත වේ. සමාජයේ කැපී පෙනෙන, ප්‍රසිද්ධ තැනැත්තියකි. උපායශීලී මොවුන්ගේ කටහඬ ඉතා මිහිරිය.

2. නහර ඉලිප්පී කෘෂ වූ උදරයක්‌ පිහිටීම - මෙවන් ස්‌ත්‍රීන් ජීවිතයේ නොයෙක්‌ දුක්‌ කම්කටළුවලට මුහුණ දෙන අය වේ. බලාපොරොත්තු සිතුම් පැතුම් කඩ වී නිතර දුකෙන් පසුවේ. ජීවිතය ගොඩනගා ගැනීමට මහත් උත්සාහයක්‌ වෙහෙසක්‌ ගනී. මැයට ජීවිතය යුද්ධයකි.

3. යටිබඩ ප්‍රදේශය ඉදිරියට නෙරා ඒම - මොවුන් ඉතා අහංකාරය, අනුන්ගේ සිත් රිදවන කථා කියයි. අනුන්ට වඩා තමා උසස්‌ යෑයි කියයි. මුදල් ඉපයීමට ශූර කතක්‌ වන මැය තම සැමියාට අවනත නොවේ. උපායශීලීය. අති දක්‍ෂය. මොවුන් කාමාධිකය.

4. උදරයේ සිට නාභිය දක්‌වා රෝම වැලක්‌ වේ නම් - මෙවන් ස්‌ත්‍රීන් ඉතා වාසනාවන්තය. සැප සම්පත්, යස ඉසුරු ලබමින් මුළුÊජීවිතයම සතුටින් ගත කරයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මෙවන් ස්‌ත්‍රීන්ගේ ජීවිතය සතුටු සයුරකි.

5. උදරයේ රැලි තුනක්‌ පවතී නම් - මොවුන් ඉතා වාසනාවන්තය. විවිධ දේ ඉගෙනීමට දක්‍ෂය. මෙවැනි ස්‌ත්‍රීන් තම සැමියාව තමා විසින්ම තෝරා ගනු ලබයි. වාසනාවන්ත දරුවන් ලබන මැය ගෞරවනීය මවක්‌ වේ.

6. ගණ වූ රෝම සහිත උදරයක්‌ හිමි ස්‌ත්‍රිය - ඉතා ඉක්‌මණින් කිපේ. නිතර බොරු කියයි. මොවුන් හොඳ වැඩක්‌ හෝ හරි වැඩක්‌ කිසි විට නොකරයි. වටිනා කාලය නිකරුණේ කා දමන තැනැත්තියකි.

7. උදරය මහත්ව එල්ලා හැලෙන ස්‌වභාවයෙන් යුක්‌ත වේ නම් - මෙවන් ස්‌ත්‍රීන් නීතියට පටහැනි දේ කරයි. ආත්ම ගෞරවය ගැන සුළු මොහොතකටවත් නොසිතයි. නිතර දුකෙක්‌ හා දෝමනස්‌සයෙන් පසුවන අයෙකි. කාමාධික මොවුන් පවු සිතුවිලි වලින් පිරුණු අය වේ.

8. උදරය උස්‌ව රවුම්ව මනාව පැවතීම - මෙවන් ස්‌ත්‍රීය ඉතා රාගාධිකය. පිsරිමින් බොහෝ දෙනෙක්‌ ඇසුරු කරයි. විලිබිය අඩුය. ජීවිතේ මුල් කාලයේදී සැප සම්පත් භුක්‌ති වින්දද, අග භාගයේදී දුප්පත් වේ.

9. යටි බඩේ විසිරුණු උපන් ලප කිහිපයක්‌ තිබීම - මොවුන් බොහෝ පුරුෂයන් ඇසුරු කරයි. මොවුන් තම මායම් යොදා නොයෙක්‌ වැඩ කර ගනී. කාමාධිකය. මොවුන්ට හොඳ රූ සපුවක්‌ හා අභිමානවත් පෙනුමක්‌ ඇත.

10. උදරයේ රෝම වැල් කිහිපයක්‌ ඇත්නම් - මෙවන් සත්‍රීන් ඉතා වාසනාවන්තය. කරුණාවන්ත හදක්‌ ඇත. ඇයට ලැබෙන සැමියාද කරුණාවන්තය. කලාකාමී අයෙකි. මායම් පාමින් අනුන්ගේ සිත් වසඟයට ගනී.

11. උඩ බඩේ උපන් ලපයක්‌ වේ නම් - මෙවන් ස්‌ත්‍රීන් ඉතා වාසනාවන්තය. යහපත් දරුවන් ලබයි. සැමියාගේ ආදරය මෙන්ම යස ඉසුරුද ලබන ස්‌ත්‍රියකි.

12. උදරය මතුපිට මොලොක්‌ නම් - බොහෝ සැප සම්පත් ලබන ස්‌ත්‍රියකි. විවාහයෙන් පසු පිරිමි දරුවන් ලබයි.

13. උදරයේ සුළි ආකාරයේ රෝම ඇත්නම් - මෙවන් ස්ත්‍රීන් ජීවිතයේ දුක්‌ පීඩා විඳින අය වේ. කරදර කම්කටොලු වලට මුහුණ දෙන අවාසනාවන්ත අයෙකි.

14. බඩ පිටට ඇලී පිහිටියේ නම් - මෙවන් ස්‌ත්‍රීන් අනුන්ගේ බැල මෙහෙවර කරන දාසියක්‌ බඳු අයෙකි. බොහෝ දුක්‌ විඳියි.