Sunday, August 3, 2014


සිනහවෙන් ලැබෙන රෑකවරණය

ජීවිතයේ සෑම දුෂ්කර අවස්ථාවකදීම සිනාවෙන් මුව සරසාගෙන සිටිය හැකි නම් ආතතිය අඩු වී හදවතෙහි සුවය සුරෑකෙයි. සිනහව, ආතතියට සුවය ගෙනෙන හොඳම ඖෂධය බව පර්යේෂණ වාර්තා ද හෙළි කරයි.
සිනාවේ ආකාර දෙකකි. සාමන්‍ය සිනාවකදී මුව වටා ඇති මාංස පේෂින් භාවිත වේ. නිර්ව්‍යාජ, මුව පුරා නැගෙන සිනාවේදී මුව වටා මෙන්ම ඇස් වටා ඇති මාංස පේෂී ද ක්‍රියාකාරී වේ.
ඒ වගේම මාර්ග තදබදයේදී හෝ වෙනත් අසහනකාරී අත්දැකීමකදී මුවට සිනහවක් නංවා ගැනීම හිතට මෙන්ම හදවතට ද සුවය ගෙනෙන අත්දැකීමකි.


ආයු කාලය වැඩිකර ගන්න.

හදවත් රෝගවලින් බේරී දිගු කලක් ආරක්ෂා වීමට නම් කළ යුතු හොඳම දෙය අඩුවෙන් ආහාර ගැනීමයි. මේ අඩු ආහාර ප්‍රමාණය සමබල පොෂණයකින් යුක්ත වීමත් ඉතා වැදගත්ය. ජපානය හා ඇමරිකාව මේ රීතිය අකුරටම පිළිපදින්නන් වේ. විශේෂයෙන්ම ජපාන ජනතාව අතීතයේ සිට කුඩා කැලරි ප්‍රමාණයක් ඇති ආහාර ගන්නා අතර ඔවුන් ලෝකයේ දිගු ආයු කාලයකට හිමිකම් කියන ජනතාවක් ද වේ.


අතුරුපසට ද ඉඩක් දෙන්න.

වර්ථමානයේ දී ප්‍රධාන ආහාර වේල් තුනකට වඩා පෝෂණවේදීන් පවසන්නේ කෙටි ආහාර වේල් හයක ඇති වැදගත්කමයි. අඩු ප්‍රමාණයෙන් ආහාර ගැනීම හදවතට ගුණදායක නිසාත් අතුරුපස ගැනීම අත්‍යාවශ්‍ය නිසාත් ඔබේ ආහාර වේල් වලින් අතුරුපසටත් ප්‍රධාන තැනක් දීමෙන් සෞඛ්‍යට මෙන්ම ගතටත් මනා පිටුවහලක් වේවි.


සමාව දීමත් අමතක කිරීමත් නොකළොත් රුධිර පීඩනය ඉහළ යයි.

” වැරදි කිරීම මිනිස් ගතියකි. වරදට සමාව දීම දේව ගතියකි. මේ දේව ගතියේ ආශිර්වාදය වඩාත්ම බලපාන්නේ හදවතටයි.” 
                                         
මෙසේ පවසන්නේ කැලිෆෝනියාවේ සන්දියාගෝ සරසවියේ විද්‍යාඥයන් පිරිසකි.
දිගින් දිගටම කෝපයෙන් පසුවන්නන්ගේ රුධිර පීඩනය ද දිගටම ඉහළ යයි. සමාව දීමෙන් මානසිකව ආරක්ෂාවක් සැලසෙන බව මනෝ විද්‍යාඥයන්ගේ අදහසයි. මීට අමතරව අධික ලුනු භාවිතය, විශාල වශයෙන් කෝපි පානය හා වයස අවුරුදු 65 ඉක්ම වීම අධික රුධිර පීඩනය ඉහළ නංවන කරුණුයි.


Saturday, August 2, 2014


තමා ආදරය ගැන සියල්ල දත් අයෙකු ලෙස හැදින්වු මානසික විශේෂඥයෙක් දේශනයකදී මහලු පුද්ගලයෙකුගෙන් මෙසේ ඇසුවේය.
"ආදරය කිරිමද ආදරය ලැබිමද වඩා වැදගත්?"

මහලු පුද්ගලයා මදක් කල්පනා කර මෙසේ පිළිතුරු දිය.
"පියාඹන කුරුල්ලෙක්ට තම වම් අත්තටුවද දකුණු අත්තටුවද වඩා වැදගත්?"
මානසික විශේෂඥයා නිරුත්තර විය!