Wednesday, March 5, 2014

Posted by ChAbhi | File under :

ඔන්න එකෝමත් එක රටක එකෝමත් එක දවසක කොල්ලෙක් ට එයාගේ ආදරණිය මාමණ්ඩිව මුණ ගැහිලා. මාමණ්ඩි කොල්ලට කාරුණිකව තර්ජනය කරලා දුවත් එක්ක තියෙන සම්බන්දය නතර කරන්න කියලා. කොල්ලටත් ලාවට වගේ තරහ ගිහින් මෙන්න මේ ලියුම ලිව්වලු....

මගේ හිතේ ඔයා ගැන ඉස්සර දවසක ඉපදුනු ආදරේ 
ඉවරෙටම ඉවරයි. දැන් ඔයා ගැන මගේ හිතේ තියෙන්නේ පිළිකුලක්. ඒක
දවසින් දවසම වැඩි වෙනවා. ඔයාව මතක් වෙන හැම වෙලාවකදී ම
ආයේ කවමදාවත්ම ඔය මූණවත් දකින්න ලැබෙන්න එපා කියලයි පාර්ථනා කරන්නේ.
මම නිතරම හිතන්නේ, කල්පනා කරන්නේ,
වෙන කෙල්ලෙක එක්ක යාලු වෙන එක ගැන. මම හීනෙන්වත් හිතන්නේ නෑ
ඔයාව කසාද බදින එක ගැන. අපි අන්තිමට මුණගැහුණ දවසින් පස්සේ ඇති වෙන්නේ
මහම මහ එපාම කරපු හැගීමක්. මට නිකමටවත් හිතෙන්නේ නෑ 
ආයෙ ඔයාව දකින්න කැමැත්තක්. ඔයත් එක්ක කථා කරන්න ආසාවක්.
ඔයා හිතන්නේ ඔයා ගැන විතරයි. ඔයාගෙ පවුලේ අය ගැන විතරයි.
අපි විවාහ වුනොත් මම හොදටම දන්නවා මට
මුලු ජීවිතයම එපා වෙන බව. නිකමටවත් හිතන්නේ නෑ මට
සතුටින් ඉන්න පුලුවන් වෙයි කියලා. මට ඕනෙ මගේ හිත
කාට හරි පුද කරන්න. ඒත් මට කිසිම ඕනකමක් නැ මගේ හිත
ඔයාට පුද කරන්න. මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙකුට
මෝඩ කමෙන්, කුහක කමෙන් ඔයා දෙවෙනි වෙන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි, ඔයාට
පුලුවන් වුනේ නෑ මා ගැන හිතන්න, මට පිහිට වෙන්න.
ඇත්තටම ඔයා මේවා හොදට තේරුම් ගන්න.
මම මේ කියන්නෙ ඇත්ත. මට කරන උදව්වක් හැටියට
මේ සම්බන්දය නතර කරලා දාන්න. නිකම්වත් හිතන්න එපා
මේකට උත්තරයක් ලියන්න. ඔයා දිපු හැම ලියුමකම තිබුනේ
මට වමනෙට එන දේවල්. ඔයාගේ හිතේ අහලකවත් නෑ
මා ගැන ආදරයක්. මම එහෙම නම් නවතිනවා. මාව විස්වාස කරන්න,
මගේ හිතේ ඔයා ගැන කිසිම ආදරයක් නෑ. ආයේ කවදාවත් එපා
මම තවමත් ඔයාගේ පෙම්වතා කියල හිතන්න.




කොල්ල කෙල්ලට ලියුම යැව්වේ මාමණ්ඩිට අහුවෙන විදියට. මාමණ්ඩිත් මේ ලියුම බලලා අම්බානෙකට සතුටු උණා ඒ කොල්ලගෙන් ගැලවුණා කියල හිතලා.  කෙල්ලටත් ලියුම දුන්න බලන්න. හැබැයි කෙල්ලට  මේ කොල්ල කලින් කියලා තිබුණා ලියුම බලද්දි පේලියක් ඇර පේලියක් බලන්න කියලා.........





Posted by ChAbhi | File under :



                                ඇත්තටම කෙල්ලො මොනවද බලාපොරොත්තු වෙන්නේ.. 


1. තමන්ට, තමන්ගේ හැඟීම් වලට ගරු කරන සහකරුවෙක්.

2. තමන්ට අවංකවම ආදරය කරන සහකරුවෙක්.

3. තමන්ව ආරක්ෂා කල හැකි සහකරුවෙක්.

4. සරාඟී සහකරුවෙක්.

5. විශ්වාස කල හැකි සහ ඔහු තුලින් යමක් බලාපොරොත්තු විය හැකි සහකරුවෙක්.

6. කාරුණික සහකරුවෙක්.

7. ජීවිතේ ගැන අරමුණක් ඇති සහකරුවෙක්.

8. ඇයත් සමග සිහින දැකිය හැකි සහකරුවෙක්.



තව තව සෑහෙන්න ඒවා තියෙනවා.
ඒවා ඔක්කොම ලියන්න ගියොත් ඉතින් මේ පෝස්ට් එක ඉවර කරන්න වෙන්නෙත් නෑ.ගෑහැණු ළයින්ට ඕන කරන්නේ මොනාද කියලා හොදාකාරවම දන්නේ එයාලම තමයි.ඒ හිත් වලට එබිලා ඒවා හරියට හොයා ගන්න එක ලේසි වැඩක් නොවුනත් හොද සහකරුවෙක් වෙනවනම් කොල්ලට ඒක කරන්නම වෙනවා. අඩුම ගානේ හැම දේම නැතත් එ බලාපොරොත්තු වලින් කීපයක් හරි ඉටු කරන්න. ආදරේ වෙනුවෙන් කරන්න බැරි දෙයක් නැ මේ ලෝකේ.
හරි, දැන් අපි කාරණාවට බහිමු.
  එතකොට කෙල්ලො කොල්ලන්ට බැන්නට කොල්ලෝ විතරද එයාලගේ හිත් තේරුම් නොගන්නේ. හරියට බැළුවොත් එයාලටත් බෑ කොල්ලන්ව හරියට තේරුම් ගන්න. ඒත් පොඩි වෙනසකට ඔතන තියෙන්නේ ඉතින් කොල්ලන් කෙල්ලන් වගේ හංඟගෙන ඉන්නේ නැති එක. ඒ හන්දා කොල්ලෝ හිතන කරන හුඟක් දේවල් වල තේරුම කෙල්ලො දන්නවා. හැබැයි ඒත් ඒක හැම වෙලාවකම සාර්ථකම නැහැ. ඒ මොකද කියනවනම් කොල්ලෝ එයාලා දැන ගන්න ඕනමයි කියලා හිතන් ඉන්නම දේවල් කවමදාවත්ම ගැහැණු ළමුන් තේරුම් නොගැනීමයි.
දැන් එතකොට එහෙම දේවල් තියෙනවද? ඔවු තියෙනවා.පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන හුඟ්ක් දේවල් තියෙනවා. ඒත් ඉතින් ඒ හැම දේම මෙතන කතා කරන එක තේරුමක් නැති හන්දා පොදු කාරණා ටික විතරක් මෙතන දක්වන්නම්!
1.    කොල්ලන්ට වෙන අගෞරවයටත් වඩා වැඩියෙන් ආදරයේ මදි කම හොදින්ම දැනීම.
මේක මෙහෙමයි වෙන්නේ. ඕනම පිරිමියෙක් කැමතියි තමන්ගේ සහකාරිය තමන් සමග සිටිද්දී හෝ වෙනත් තැනක සිටිද්දී තමන්ට ගෞරව කරන බව දැන ගන්න. තමන්ගේ සහකාරිය තමන් ගැන තියන විශ්වාසය සහ තමන්ව අගය කරන බව දැන ගැනීමම ඇති ඒ සම්බණ්දයේදි පිරිමියෙක්ට ශක්තිමත් වෙන්න. Shaunti Feldhahn's ගේ සමික්ෂණ වාර්ථාවකින් කියනවා පිරිමින්ට ලැබෙන ආදරය මදි කම ඇය තමන්ට කරන අගෞරවයන්ට වඩා හුඟක් තදින් දැනෙන බව. ඒකනේ කොල්ලන්ට ඕන තරම් බැන්නත් අහන් ඉන්න පුළුවන් වෙලා පොඩ්ඩක් තරහා වුන ගමන් ඉන්න බැරි වෙන්නේ. තේරුණාද?
2.    කොල්ලන්ගෙ කේන්තිය බොහෝ විට ඇය අප කෙරෙහි දක්වන අගෞරවය නිසා වීම.
දැන් හිතන්න එපා කොල්ලෝ බනින්නේ, කෑ ගහන්නේ, තියෙන ආදරේ අඩු කමටවත් සම්බණ්දේ නවත්තන්න තියෙන ඕනකමකටවත් කියලා. නෑ ඇත්තටම ඒක එහෙම නෙමෙයි. හුඟක් වෙලාවට කොල්ලන්ට කේන්ති යන්නේ හිතන්නේ නැති වෙලාවල් වල කරන අගෞරවයන් නිසා. ඒ වෙලාවට ඉතින් ලගට ඇවිත් " ඔයා මට අගෞරව කරනවා " කියලා කොල්ලො කියන්නේ නෑ. ඒත් හිතේ තියෙන ආදරේ නිසා හැම දේම ඉවසනවා. මේ දේ හැම කොල්ලටම කරන්න බෑ.
3.    පවුලක වැඩි බර තමන් කෙරෙහි ඇති බව දැනීම.
මේක ගොඩක් දුරට අදාල වෙන්නේ විවාහ වුන අය වුනත්, ආදර සම්බන්දයකදි වුනත්, තම සහකාරිය ගැන වැඩි වඟකීමක් තමන්ට තියෙනවා කියන එක කොල්ලට දැනෙන දෙයක්. මෙතනදි පවුලක් පැත්තෙන් ගත්තම තමන්ට කොතරම් මුදලක් ලැබෙනවද, එහෙමත් නැත්නම් ඇය මුදල් උපයනවද නැද්ද කියන කාරණය වැදගත් වෙන්නේ නෑ. පවුලේ බර හැම දෙයක්ම වැඩියෙන්ම තියෙන්නේ පිරිමින්ට. ඒ හන්දම හුඟක් වෙලාවට පිරිමින් ඉන්නේ මේ ගැන හිතන ගමන්.  ඒ හන්දම පිරිමින් ඉන්නේ තමන්ගේ බොහොමයක් සිතුවිළි වල සිරවෙලා. ගැහැණිය මේ හැඟීම තේරුම් ගැනීම සහ ඒ පීඩනයෙන් තරමක් හෝ නිදහස් වීමට උදවු කිරීම වැදගත් වෙනවා.
4.      සෙක්ස්.



ගොඩක් දෙනෙක් මේක දිහා බලන්නේ වැරදි විදිහට. සමහරු හිතන්නේ,
පිරිමිට ඕන ඕක විතරමද කියලා. වුවමනායි! ඒත් ඒ වුවමනාව තුල තියෙන්නේ ශාරීරික එකමුතුවක්. එකිකෙනාගේ හැඟීම් තේරුම් ගන්න, තමන්ගේ අවශ්‍යතාවයන් තේරුම් ගන්න මෙන්න මේ වගේ දේවල් නිසා සෙක්ස් කියන දේ වැදගත් වෙනවා.. Shaunti Feldhahn's ගේ වාර්ථාවක කියවෙනවා පිරිමින්ට වැඩියෙන් සෙක්ස් වුවමනා වෙන්නේ තමන්ගේ හිතේ බොහෝ කල් ඉදන් තිබුන ගැඟීම තම සහකරුවාගෙන් ලබා ගන්න පිරිමින්ට ඕනෑ කරන නිසා කියලා. ඒ වගේම හැම දේකම සීමක් තිබෙන බව සියල්ලෝම සිමියේ තබාගත යුතුයි. සෙක්ස් මෙය විවාහ වෙන තෙක්ම නොවිය යුතුයි. මේ පිළිබදව මම ආදරය සහ ලිංගිකත්වය ලිපියෙන් සදහන් කර ඇත.


ආදරේ = ලිංගිකත්වයවත්

ලිංගිකත්වය = ආදරේවත් නොවේ
5.      දෘශ්‍ය පෙලඹුම සමග අරගල කරන බව.

ටිකක් තේරුනා මදිනේ. හරි සරළව පැහැදිළි කරන්නම්කෝ. ඒ කියන්නේ  අති බහුතරයක් පිරිමින් තමන් දකින දේවල් අනුව විශේෂයෙන් කාන්තාවන් දිහා ඕනෑකමකින් බලනාවා කියන එක. හුඟක් හොද අවංක සැමියන්ට පවා ශරීරය නිරාවර්ණ වෙන විදිහට අදින කාන්තාවන් දිහා එක පාරක් හරි බලන එක නවත්තන්න විදිහක් නෑ. මේ මොළයේ සටහන් වෙන දෘශ්‍ය සටහන් තමන් කැමති ඕන වෙලාවක ඒවා මකලා දාන්න පුළුවන් වුනාට පිරිමි කාටවත් ඒවා දකින් වෙලාවට මොළේ සටහන් වෙන එකනම් නතර කරන්න බැහැලු.  ඒත් ඒ දේ නොකර ඉන්න බැරි කමක් නැ. ඒක ඒ ඒ පුද්ගලයා අනුව වෙනස් වෙනවා. මන් මේ කතාකරේ පොදුවෙ ගත් කරුනු අනුවයි.




6.      පිරිමි ආදර කරන්න ආසයි, ඒත් තමන්ගේ හැකියාවන් ගැන ඉන්නේ සැකයෙන්.


සමහරක් පිරිමි පෙනුමෙන් ආදරයක් ගෑවිලාවත් නැති අය කියලා සමහරු කියනවා අහලා ඇතිනේ. ඒත් ඇත්ත ඒක නෙමෙයි. මුහුණේ හැඟීම් ඒ වගේ වුනත් ඔවුන් ආදරණිය අය වෙන්න කැමති. ඒත් තමන්ගේ ආදරය ගැන තියෙන හැඟීම් එකතු කරලා පිට කරන්න ඔවුන් තුල තියෙන්නේ සැකයක්. මෙතනදි සහකාරියට පුළුවන් තමන්ගේ සහකරුගේ ඒ සැගවුන ආදරය එලියට එන්න ඔවුන්ගේ ආකල්ප වර්ධනය කරන එක වැදගත් වෙනවා. සමහර විට සහකාරිය කිසිසේත්ම අකමැති දෙයක් තියෙන තැනක ඔහු තනිව යන්න කතා කරන්න ඉඩ තියෙනවා. ඒතනදි තමන් අකමැති දේ ගැන හිතනවට වැඩිය ඔහුත් එක්ක තනිව ඉන්න ලැබෙන කාලය ගැන හිතන එක වැදගත්. මොකද ඒක ආදරණිය මොහොතක් කර ගන්න බැරි වෙන්නේ නෑ. 
7.      තම සහකාරියගේ පෙනුම ගැන සැලකිළිමත් වීම.
මෙතනදි කියන්නේ නැහැ පිරිමින් තමන්ගේ සහකාරිය මොස්තර නිරූපිකාවක් වගේ සුන්දරව ඉන්නවා දක්කින්න ආසයි කියන එක. නමුත් තම සහකාරිය තමුන් සමග ඉන්න වෙලාවට සුන්දරව ඉන්නවා දකින එක හැම පිරිමියෙකුගේම කැමැත්තක්. පිරිමින් කැමති නැහැ ඒ කැමැත්ත බිද වැටෙනවට. මොකද එය ඔවුන්ටත් බලපාන නිසා.පිරිමින් නිතරම වචනයෙන් නොකිවුවත් සහකාරිය තමන් සමග ඉද්දී ලස්සනට ඉන්න ගන්න උත්සාහ නිතරම අගය කරන බව කාන්තාවන් දැන ගෙන සිටිය යුතුම කාරණාවක්. 
8.      පිරිමි කැමතියි තමන්ගේ සහකාරිය තමන් ඇයට කොතරම් ආදරේද කියලා දැන ගන්නවට.



ඒක තමයි හුඟක්ම වැදගත් කාරණාව. පිරිමින් තමන් ඒ ආදරය හරිහැටි ප්‍රකාශ වෙනවද කියන එක  ගැන විශ්වාස නැහැ. ඒත් ඔවුන් තමන්ගේ සහකාරියට හුඟක්ම ආදරෙයි. ඒ ගැන වැඩි කල් නොගෙනම තමන්ගේ සහකාරිය තේරුම් ගන්න එක ගැන පිරිමි ගොඩක් දුරට හිතනවා. හැමෝම එහෙමයි කියල මම කියන්නේ නැ. ඒත් අවන්ක ආදරයක් තියෙනවනම් කෙල්ල වෙනුවෙන් කොල්ල පණ උණත් දෙනවා.
වැදගත් වෙයි කියලා හිතෙන කරුණු කාරනානම් ඔන්න ඔහොමයි. මේක ලියන්න මෙච්චර පරක්කු වුනේ අන්තර්ජාලේ රවුමක් දාලා කියවලා විස්තර හොයන්න වුන හන්දා. 
හරි ඒ වගේම හැමදෙනාම මේ කරුණු වලට සීමා කරන්න අමාරුයි. අමාරුයි කියන්නෙ බැ කියන එකයි. පුද්ගලයෝ එකිනෙකාගෙන් වෙනස්, ඒ අය ආදරය කරන විදිහ වෙනස්. තියෙන එකම දේ තමන් ආදරය කරන කෙනාව, එයාගේ හැසිරීම් රටාව හොදින් බලන එක. අන්න එතකොට ඔය තේරුම් ගන්න බෑ කියන දේවල්  තේරුම් ගන්න එක ලොකු අමාරුවක් වෙන්නේ නෑ. 
කෝකටත් කියලා මේ ටික පොඩ්ඩක් ඔළුවේ තියා ගන්න, එතකොට ප්‍රශ්ණ ටිකක් අඩු වෙයි! 


තෙරුවන් සරණයි!
ඔබේ අදහස් චෝදනා ගල්මුල් සියල්ල කොමෙන්ට් කරන්න

Tuesday, March 4, 2014

Posted by ChAbhi | File under :
1


2


3


4


5


6


7


8


9


10


11


12


13


14


15



16


17


18


19


20


21


22


23


24


25


26


27


28


29


30


31


32


33


34


35


36


37


38


39


40


41


42


43


44


45


46


47


48


49


50