Saturday, March 1, 2014

Posted by ChAbhi | File under :

                                                  ආදරය ගැන කතා කිරිමේදි අපට කතා කල නොහැක්කක් නැත. කිමද යත් ආදරය යනු ජිවිතය නොවේ ද? එබැවින් මෙදෙස නරක සිතින් නොබලා, මෙහි ඇති දෑ මගින් ජිවිතයට විය හැකි වැරදි කල් තියා දැන ඇදින නිවැරදි කල ගමු!


කන්‍යාබාවය යනු කුමක්ද? ඒ පිළිබඳ ඔබ දරනු ලබන මතය

කන්‍යාබාවයේ ඇති වැදගත්කම?

කන්‍යාපටලයේ පිහිටීම...?

කන්‍යාබාවය පරීක්ෂා කරන්නේ කෙසේද?
කන්‍යාබාවය නැති විය හැක්කේ කෙසේද?
ඒ සඳහා ක්‍රීඩාවල ඇති බලපෑම?
ජීවිතයේ යම් අවස්ථාවක වැරදීමට ලක් වූ පුද්ගලයකු ඔබේ සහකාරයා කර ගැනීමට          සිදුවුවහොත්...ඔබේ තීරණය කන්‍යාබාවය මත රඳා පවතීද?
විවාහයකට පෙර මේ ගැන දැනුවත් විය හැකිද?
විවාහයට පෙර හා පසු මේ ගැන විපරම් කිරීමේ වැදගත් කමක් තිබේද? නොතිබේද?

කිසිම දිනක ලිංගිකව හැසිරීමකට,ලිංගිකව එක්වීමක් සිදු නොවී සිටිනා ගැහැනියක හෝ පිරිමියකු සතුව කන්‍යාභාවය කියන අවස්ථාව පවතිනවා..
ඉතින් ගොඩ දෙනෙක් මේ කන්‍යාභාවය පිරිමින්ට වැලිඩ් කියලා මීට කලින් දැනන් හිටියද?  කොහොමද පිරිමින්ව අදාල වෙන්නේ!!! පිරිමින්ට කන්‍යාපලයක් නෑනේ... 
ඔව්.පිරිමින්ට නෑ තමයි.. 
කන්‍යාභාවය, කන්‍යාපටයක් පැවතීම යන සාධකය මත තීරණය වෙන්නේ නෑ..(එකඟද නැද්ද?? මේ කතාවට එකඟ අය ගැන මට සතු‍ටුයි..ඔක්කොමලම අග වෙනකන් කියවන්න...)

ඉතින් අද සමාජයේ බොහොමයක්ම ආසියානුවන් මේ කාන්තාවන්ගේ "පතිවත" කන්‍යාපටලයක් මත තීරණය කිරීමට පෙළඹී සිටිනවා.ඒ කාරණය යුක්ති යුත්කම නෑ යාලුවනේ.. ඇයි එහෙම කියන්නේ..
මේ ත්‍රෙඩ් එකේ යම් බලාපොරොත්තුවක් වෙන්නේ දකින එක්කෙනෙක් හරි කියවලා ඒ දේවල් එහෙම නෑ කියලා හිතට පොඩිම හරි අදහසක් ගන්න එක..
දිගටම කියවන් යමු..
ඉතින් මේ 
කන්‍යාභාවය,පටලය මත තීරණය කරන සාමජයක අපි ඉන්න නිසා...ඒ අවස්ථාවේ වැදගත්කමක් ගෑනු පාර්ශ්වයට තියෙනවා.ඒ ඇරෙන්නනම් වෙන වැදගම්මක්ම නෑ...
මොකද හඳ දිහා බලලා, ඒකට වෙන මොකක් හරි කියන මිනිස්සු ඉන්න තැනක,කෙනෙක් " නෑ.. නෑ.. ඒක එහෙම නෑ" කියල හඳට ගිහින් ඇවිත් කියුවත් මිනිස්සු පිලිගන්නේ නෑ ඒක විදියක්..

ඒ වගේම තමයි මේ ගැන සෑහෙන්න හොයන විස්වාස කරන මිනිස්සුන්ගෙන "හරි කොහෙද ඔය කියන කන්‍යාපටලය තියෙන්නේ" කියලා ඇහුවම බහුතරයක් මිනිස්සුන්ට දෙන්න උත්තරත් නෑ. ඉතින් මේ කන්‍යාපටලය නොහොත් කුමරිච්ඡදය පිහිටා තියෙන්නේ, හරියම කුඩා තොල් සඟලට (කනිය අධරයට) පිටිපස්සෙන්.නැත්තම් යෝනි මාර්ගයේ බාහිරට විවෘත වන ස්ථානයට ඉතාමත් ආසන්නයේ... කන්‍යාපටලය/කුමරිච්ඡදය(Hymen)


හරි...ඊළඟට මේ කියන කන්‍යාපටලය පිරිමින්ට නෑ කියලා ඔබ දන්නවා.ගැනැනුන් තුළ පමනයි දැක බලා ගත හැකි වන්නේ..ඉතින් ගැහැනු අයගෙත්   සියලුමදෙනාට කන්‍යාපටලය තියෙනවද....??? 
උත්තරය නැත.. 
මේ පටලය අත්‍යාවශ්‍ය දෙයක් නෙමෙයි.ඒ වගේම මේ පටලය හැමෝගෙම එක විදියක් වෙන්නෙත් නෑ.... Annular,Septate,Cribriform,Imperforate.....ආදී ආකාර කීපයක් ගන්නවා. 
තේරුනේ නැති උනාට කමක් නෑ..
මං රූප සටහන් මගින් කිසිවක් පැහැදිලි කිරිමට යන්නේ නෑ.  ඒ කාගෙත් හිත සුව පිණිසයි! 


ඒ වගේම තමයි මේ පටලයේ ඝනකමත් එකිනෙකාගෙන් වෙනස් වෙනවා. ඉතාමත් තුනීම පටලයක ඉඳන් මහපටගිල්ලත් දබරඟිල්ලත් දෙපසට කල විට ඇඟිල අතර සමේ ඝනකම තරම් ප්‍රමාණයක් දක්වා 
(ඇඟිලි කරු අතර සම) මේ අගය වෙනස් වෙනවා..
ඉතින් මේ ඝනකම ඉතාමක් අඩු පටලයක් තියෙන කාන්තාවකගේ ලිංගික එක්වීමකදී රුධිර වහනයක් වෙන්නෙනම නෑ වගේ. ඒ වගේම සමහර දෙනෙක්ගේ මේ පටලය නැති වෙන්න පුලුවන්..එතකොට කොහොමවත් රුධිර වහනයක් නෑ... සෑහෙන්නම ඝනකමක් තියෙන කෙනෙක්ගෙන් තමයි රුධිර වහනයක් වෙන්නේ.
දැන් ආයෙත් ප්‍රශ්නේ කොහොමද බලන්නේ කියන එක නම්..ඇත්තටම දොස්තර කෙනෙක් ගාවට දෙන්නටම මේ ගැන එකඟතාවයකට ඇවිත් යන්න පුලුවන්..මතක තියා ගන්න. 
ඒ සඳහා දෙන්නම අනිවා සහභාගි විය යුතුමයි.. 
 
නැත්තම් "වෙන්න නැන්දම්මා" වගේ එක්ක යනව නම් සෑහෙන්නම හොඳයි...විහිලුවක නෙමෙයි කියුවේ හොඳේ. අද මේ වෙද්දි මේ දේ වෙනවා. ඇත්තටම ඒක හොඳයි.පවුල් අවුල් දාගෙන ඉන්නවට වඩා.
ඉතින් මේ කියන කන්‍යාපටලය බිඳී ගිය හැකි ආකාර තමයි,

ප්‍රධානවම ලිංගික එක්වීම

සමහරු ඉන්නවා එයාලගේ එහෙම උනා කියලත් පටලය බිඳී යන්නේ නෑ.ඒක ඇදීමකට ලක් වී ක්‍රියාවලිය අවසානයේ තිබුන ආකාරම ගන්නවා.

  • තව කට්ටිය කියනවා කකුල් ඇදෙන ක්‍රීඩා කිරීම
විශේෂයෙන්ම ජිම්නාස්ටික්,කික්බොක්සින් වගේ .එහෙම නෑ.ගෑනු ළමයි එහෙම නම් ඒ ක්‍රීඩාවල යෙදෙන එකකුත් නෑ.අන්තිමට වැ‍රැද්ද කල කෙනෙක්ටත් කියන්න පුලුවන් මම ජිම්නාස්ටිස් කලා නේ ඒ කාලේ.ඒ නිසා තමයි ඕක වෙන්න ඇත්තේ කියලා.  ඒහෙම නොවෙන්න වග බලාගන්න.



බයිසිකල් පැදීමෙදී 

(පැද්දා කියලා වෙන දෙයක් නෑ...)
ඔයාලා දැකලා ඇති ගැනු අයට ,පිරිමි අයට වෙනම ම බයිසිකල් ජාති දෙකක් තියෙනවා.මොකද්ද ඒ බයිසිකල් දෙකේ වෙනස. අර මැද තියෙන පොල්ල. ආන්න ඒක ගැහැනු බයිසිකල් වල තියෙන විදිය වෙනස්.
මේ බලන්න



ඉතින් " පිරිමි බයිසිකලයක් පැදන් යන ගෑනු ළමයෙක්,හදිසි අනතුරක් නිසා හිඳ සිටින ආසනයෙන් ඒ පොල්ල මතට අදාල ප්‍රදේශය ස්ථාන ගත වන විදියට ඇදන් වැ‍ටුනොත් මේ පටලය,ඒ විතරක් නෙමෙයි. මූත්‍රාශ විවරයට පවා තුවාල සිදුවිය හැකියි. 

ඉතින් ඔය ඔක්කොම එකට පෙල ගැහිලා සිදු වෙන්න පුලුවන් අනුපාතය සෑහෙන්නම අඩුයි. තම තමුන්ගේ කරුමෙට උනොත් ඇරෙන්න.
(උන අවස්ථා තියෙනවාලු. ඒ නිසාලු දෙගොල්ලන්ට දෙවිදියකට බයිසිකල් නිර්මාණය කරන්නේ.)


හරි දැන් ඇයි මේ දේ ගැන මෙච්චරටම කතාකලේ......  

අපේ සමාජයේ මේ දේ ගැන තවමත් 90%ක්ම මේ කන්‍යාභාවය කන්‍යාපටලයේ පැවතීම, බිඳීම යන කරුන මත තීරනය වන නිසා.
ඇත්තටම යාලුවනේ.උපදේශනය දී
 (Counseling) සෑහෙන්නම විවාහක යුවල වල් අතර ඇති වෙලා තියෙන ප්‍රශ්න වල මූලාරම්භය ලු මේ කරුන.
(එයාලා එන්නේ නෑ..මෙයා ගේ එහෙම එකක් එදා උනා කියාගෙන..ඒත් අන්තිමට නවතින්නේ එතනින්..)
ඔයාලට පුදුමත් ඇති. 
 
ඇත්ත..හනිමූන් එකේදි  (මංගල රාත්‍රියේ ) රුධිර වහනයක් සිදු වීම/නොවීම කියන දේ.මෙච්චරම ඇයි කට්ටිය වැදගත් කර ගන්නේ.
නරකම වැඩේ කියන්නේ සමහරු මේ අවුල අදින්න ගන්නේ බැඳලා ළමයි දෙන්නෙක් තුන්දෙනෙකුත් හදා ගත්තට පස්සේ.එතකොට සෑහෙන්නම ගේමක් දෙන්න ඕන මේ අවුල් ගොඩ දාන්න.තේරුම් කරලා දෙන්න...සමහරවිට එයාලා දන්නෙත් නෑ.
ඒ මංගල රාත්‍රී සිදුවීම හිතේ තියාගෙන ඊට පස්සේ වැඩකරපු පිරිමි ඉන්නවා.

ඒත් ඒ නිසා ප්‍රශ්න හට ගන්නවා ඔහුටවත් නොදැනී..විශේෂයෙන්ම මේ ලෙඩේ ගොඩක් වෙලාවට අදින්නේ තම තමන්ගේ නැන්දම්මලා.
 
ඉතින් ඒ නිසා යාලුවෙන දෙන්නෙක්ගෙන්.පිරිමි ළමයා හෝ එයාගේ පවුලේ උදවිය විශේෂයෙන් නැන්දම්මා මේ ගැන වොරීඩ් කියල දැනෙනවා නම් විතරක් ඒ වගේම තමන් කලින් ලිංගිකව එක්වෙලත් නැත්තම්.ගෑනු ළමයට බය නැතුව පුලුවන් ඒ පිරිමි ළමයත් එක්ක ගිහින් Medical Certify කර ගන්න.

  බය වෙන්න එපා.  
මේ වෙද්දි ලංකාවේ මේ දේ වෙනවා.ගිහින් Certificate එක එක්කො නැන්දම්මටම දෙන්න අරන් තියා ගන්න කියලා.
හරි! එහෙම ගිහින් බලනකොට නැති උනොත්...???

එතකොට දොස්තරට කියන්න පුලුවන් පටලය කැඩිලද!! මුල ඉඳන්ම නැතිද කියලා.ඉතින් ළමයි දෙන්නෙක් විතර හදාගත්තට පස්සේ ඕන උන කාලෙක කරගන්න බැරිද?? 
(කෝච්චිය ගිහින් ඉවරයි..කියලා තමයි එතකොට නම් කියන්න වෙන්නේ....)


සමහර කට්ටිය ඕක තියෙනවද? නැද්ද? කියලා බලන්න කලින් ලිංගිකව එක්වෙනවා.අසාර්ථකම පියවරක්.
බඳින්න කලින් ලිංගිකව එක්වීම.
 නොකල යුතුම දෙයක්   
අපිට හොඳනම් උඹට මොකද කියලා අහන කට්ටියත් ඉන්නවා,ඇත්තටම කියන්න වෙන්නේ කසාදයට කලින් ප්‍රෙග්නන්ට් උනාම ඇබෝෂන් කන්න දුවන කෙල්ලෝ විශේෂයෙන්ම උදව් ඉල්ලන් එක කොල්ලොන්ගෙන් තමයි..අහන්න ඕන.
"දැන් කොහොමද   කියලා.." 
සමහරවෙලාවට කසාදයට පෙර පිරිමි ළමයා ජීවිත හානියකට ලක් උනොත් අර කෙල්ලට යන කල. එහෙම දේවලුත් වෙලා තියෙනවා. ඒකයි මේව මේ තරම් කියන්නේ.
ඉතින් ජීවිතේ අපිට වරදින්න පුලුවන්.වැරදුන තැන් වැඩීයි  අද සමාජයේ.ඉතින් වරදක් උනා නම් ඒ ගැන විවාහයක් දක්වා දුරදිග යන්න කලින් තමන්ගේ පිරිමි ළමයට කියන්න ගෑණු ළමයට පුලුවන් වෙන්න ඕන.


සමහරු ඉන්නවා බැඳලා ළමයිත් හදලා ඒත් අවු 19දි විතර ජීවිතේ යම් වැ‍රැද්දක් වෙලා තියෙනවා.ඒ ගැන හිතේ සෑහෙන්නම මානසික පීඩනයක් තියෙනවා ළමයි ඉන්නකොට ඒක තවත් වැඩි වෙනවා.ස්වාමියා දැන ගත්තොත් මාව ළමයි එක්ක දාලා යයි.ළමයි මම ගැන මොනවා හිතයිද කියලා.හිතෙන් විඳවමින් Depression මට්ටමට ආපු අය සමහරවිට ඒ ගැනයම් අවස්ථාවක දැන ගත්තොත් ස්වාමියා.
ඉතින් කමක් නෑ...මම ඔයාට හැමදාමට ආදරෙයි මට අතීතය වැදගත් නෑ..."
ඉතින්
මෙච්චර කල් විඳවලා තියෙන්නේ විඳ නොවිය යුතු දෙයක් නේද?? 
 ඉතින් සම්බන්ධයක් පටන් ගන්න කලින්ම ඒ ගැන කියන්න.එයා අකමැති නම් ඒ දේ නැවතෙයි.
කැමති නම් ඔයාට ඇත්තටම ආදරෙයි නම් හැමදාටම ළඟින් ඉඳීවී.

ඊළඟ ප්‍රශ්නේ ඉතින් ඒ වගේ හිතන ආදරය ගැන විතරක් හිතලා, පටලයක් ගැන නොහිත තීරණ ගන්න කොල්ලො ඉන්නවද? කොහෙද ඉන්නේ.
.අපෝ ඉන්නවා.
සමාජයේ හැම එකාම නරක නෑඉතින් කසාදයෙන් පස්සේ ජීවිතේ ඇන ගන්න එපා.
දික්කසාදක් කියන්නේ හොඳ දෙයක් නෙමෙයි 

වැදගත්-

Oral , Anal කියන තත්ත්ව වලදී..Oral තමන් විසින් ‍තෝරාගත් සහකරු හෝ සහකාරියක සමඟ සිදු කිරීමේ වරදක් නෑ කියලා කියනවා.ඒත් Anal ඒ කියන්නේ ගුද මාර්ගට භාවිතයෙන් sex වලට යන කට්ටියකට පසු කාලෙකදී හොඳ ලෙඩක් එනවා.ඇත්තටම අපේ මල.පහ කිරීමට සුදුසු අවස්ථාව එනකන් රඳවා තබා ගන්නේ ගුදවක්‍ර පිඩාන පේශිය මඟින්.ඒ පේශිය ඉහිල් වීමත් සමඟ මල පහවීම් නැත්නම් ඉවත් වීම සිද්ද වෙන්නේ...ඉතින් sex වලට මේ මාර්ගය යොදා ගැනීමෙදී මේ පේශීයේ ක්‍රියාකාරිත්ත්වය අඩාල විමකට ලක්වෙනවා..ඒ කියන්නේ අපිට අපේ මලපහ වීම වලක්වා ගැනීම ට නොහැකි වෙනවා..මෙහෙම ලෙඩ්ඩු ඉන්නවද? ඇති වෙන්න ඉන්නවලු.හෙතුව හොයාගෙන ගියාම අවසානය එතනලු.
Anal නම් එපාම කියලා තමයි වෛද්‍යමතය

0 comments:

Post a Comment