Saturday, February 15, 2014



ඔබේ ආදරය හිමි තැනැත්තා කෙරෙහි
තරහ සිත් ඇති වුවද
කයින් එය පිට නො කර ඉවසීමයි....
ඒ තරහ සිත
වචනයට නො නැගීමයි...
උපන් තැන්හි ම නසා ඒ කෝපය
මෙත් සිත ම ඉපදවීමයි..

ඔබේ ආදරය හිමි තැනැත්තා
ඔබට කවර විපතක් කළ ද
පෙරලා කිසිවිටෙක හිංසා නො කරන්නටත්
සෑම කල්හි තමා ගැන අමතක කොට
ඔබේ ආදරය හිමි තැනැත්තාගේ යහපත් දැක
නිබද ගුණ සිහි කරන්නටත්
සමත් වු සිතක් ඉපදවීමයි....

මේ සියලු සැලකුම්,
ගරු බුහුමන් ලැබ දුන්නේ වුවත්..
ඔබට පෙරලා මේ කිසිත් නො ලැබෙන්නේ නම්
බැණ වදින්නේ නම්..
පහර දෙන්නේ නම්..
රිදවන්නේ නම්..
එතැන්හි ද
කිසි ලෙසින් වත් වෛර සිත් නුපදවා
නො වෙනස් ආදරයෙන් - මැදහත් සිතින්
උපේක්ෂාවට පත් විය හැකි නම්..
ඔබේ ආදරය
තුන් ලොව ම කම්පා කරවන
මිහිමඩල සසල කරවන
පූජනීය ආදරයක් ම ය..!

මෙත්, මුදිතා, කරුණා, උපේක්ෂා
දෝර ගලා විත්
සත් සිත් ළතෙන් කරනා
මේ ආදරය තුළ පණ ලබන්නේ
සිව් බඹ විහරණයත් ය..
සැබෑ ආදරය නම් එය ම ය..

මේ සම්බුදුරදුන්ගේ අනුශාසනාවයි..!!!

0 comments:

Post a Comment