Wednesday, March 5, 2014

Posted by ChAbhi | File under :

ඔන්න එකෝමත් එක රටක එකෝමත් එක දවසක කොල්ලෙක් ට එයාගේ ආදරණිය මාමණ්ඩිව මුණ ගැහිලා. මාමණ්ඩි කොල්ලට කාරුණිකව තර්ජනය කරලා දුවත් එක්ක තියෙන සම්බන්දය නතර කරන්න කියලා. කොල්ලටත් ලාවට වගේ තරහ ගිහින් මෙන්න මේ ලියුම ලිව්වලු....

මගේ හිතේ ඔයා ගැන ඉස්සර දවසක ඉපදුනු ආදරේ 
ඉවරෙටම ඉවරයි. දැන් ඔයා ගැන මගේ හිතේ තියෙන්නේ පිළිකුලක්. ඒක
දවසින් දවසම වැඩි වෙනවා. ඔයාව මතක් වෙන හැම වෙලාවකදී ම
ආයේ කවමදාවත්ම ඔය මූණවත් දකින්න ලැබෙන්න එපා කියලයි පාර්ථනා කරන්නේ.
මම නිතරම හිතන්නේ, කල්පනා කරන්නේ,
වෙන කෙල්ලෙක එක්ක යාලු වෙන එක ගැන. මම හීනෙන්වත් හිතන්නේ නෑ
ඔයාව කසාද බදින එක ගැන. අපි අන්තිමට මුණගැහුණ දවසින් පස්සේ ඇති වෙන්නේ
මහම මහ එපාම කරපු හැගීමක්. මට නිකමටවත් හිතෙන්නේ නෑ 
ආයෙ ඔයාව දකින්න කැමැත්තක්. ඔයත් එක්ක කථා කරන්න ආසාවක්.
ඔයා හිතන්නේ ඔයා ගැන විතරයි. ඔයාගෙ පවුලේ අය ගැන විතරයි.
අපි විවාහ වුනොත් මම හොදටම දන්නවා මට
මුලු ජීවිතයම එපා වෙන බව. නිකමටවත් හිතන්නේ නෑ මට
සතුටින් ඉන්න පුලුවන් වෙයි කියලා. මට ඕනෙ මගේ හිත
කාට හරි පුද කරන්න. ඒත් මට කිසිම ඕනකමක් නැ මගේ හිත
ඔයාට පුද කරන්න. මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙකුට
මෝඩ කමෙන්, කුහක කමෙන් ඔයා දෙවෙනි වෙන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි, ඔයාට
පුලුවන් වුනේ නෑ මා ගැන හිතන්න, මට පිහිට වෙන්න.
ඇත්තටම ඔයා මේවා හොදට තේරුම් ගන්න.
මම මේ කියන්නෙ ඇත්ත. මට කරන උදව්වක් හැටියට
මේ සම්බන්දය නතර කරලා දාන්න. නිකම්වත් හිතන්න එපා
මේකට උත්තරයක් ලියන්න. ඔයා දිපු හැම ලියුමකම තිබුනේ
මට වමනෙට එන දේවල්. ඔයාගේ හිතේ අහලකවත් නෑ
මා ගැන ආදරයක්. මම එහෙම නම් නවතිනවා. මාව විස්වාස කරන්න,
මගේ හිතේ ඔයා ගැන කිසිම ආදරයක් නෑ. ආයේ කවදාවත් එපා
මම තවමත් ඔයාගේ පෙම්වතා කියල හිතන්න.




කොල්ල කෙල්ලට ලියුම යැව්වේ මාමණ්ඩිට අහුවෙන විදියට. මාමණ්ඩිත් මේ ලියුම බලලා අම්බානෙකට සතුටු උණා ඒ කොල්ලගෙන් ගැලවුණා කියල හිතලා.  කෙල්ලටත් ලියුම දුන්න බලන්න. හැබැයි කෙල්ලට  මේ කොල්ල කලින් කියලා තිබුණා ලියුම බලද්දි පේලියක් ඇර පේලියක් බලන්න කියලා.........





1 comment: