Thursday, October 24, 2013

Posted by ChAbhi | File under :


උදේ පාන්දරම රෝහලක නර්ස් නෝනා කෙනෙක් වගේම මුළු රෝහලම බොහෝම කාර්යබහුලව කලබලයෙන් වැඩ. 
උදෑසන 8.30 පමණ වෙනකොට අවුරුදු 80ක පෙනුම තියෙන මහත්මයෙක් මේ රෝහලට ආවා. 

ඔහු ආවේ ඔහුගේ මහපටඟිල්ලේ තිබුනු තුවාලයකට නැවතත් ඛෙහෙත් කරගන්න. 
අහම්බයෙන් වුනත් මේ නර්ස් නෝනා මේ මහත්තයාව දුටුවේ ඔහු නිතරම කලබලයෙන් තමන්ගේ අතේ තියෙන ඔරලෝසුව බලන නිසාමයි.

”ඔහුට නම් හොදටම කලබල පාටයි. තව මොකක් හරි වැඩක් දාගෙන. හදිසි නම් මොකටද දැන්ම ආවේ. මේ ලෙඩ්ඩු ටිකට සාත්තු කරලා තමා ඔහුව බලන්න වෙන්නේ.” ඇය හිතුවා.

නැවත නැවතත් ඔහු දිහා බැලුව නර්ස් නෝනාට හැම වතාවෙම දකින්න වුනේ අපහසුවෙන් තම ඔරලෝසුවේ වෙලාව බලන මේ වයසක මහත්තයම තමා.

”මේ මනුස්සයට මොනවා වෙලාද. ඔරලෝසුවමයි බලන්නේ”

පැයක් ගත වෙද්දී වෛද්‍යවරයෙක් එක්කම ඔහුගේ තුවාලය ගැන හොයා බලන්න ඇයට පුළුවන් වුනා. තුවාලයට ඛෙහෙත් කරන ගමන් මේ නර්ස් නෝනා ටිකක් තරහෙන් වගේ මෙහෙම ඇහුවා.

”මොකද ඔබ තුමා නිතරම වේලාව බලන්නේ. වෙන මොකක් හරි වැඩක් දාගෙනද?”

”ඔව් නෝනා. මම අද මගේ බිරිඳත් එක්කම සාත්තු නිවාසයේ හිඳ උදේ ආහාර ගන්නයි හිටියේ.” ඔහු ශාන්තව කිව්වා.

”ඇයි, ඇයට මොකක් වෙලාද?”

”ආ, ඇය ටික කාලයක ඉදලා එහි නැවතිලා ඉන්නේ. ඇයගේ මොළයට හානි ගෙන දෙන රෝගයක් හැදිලා. 

කතාව අතරම ඛෙහෙත් දාලත් ඉවර වුනා.

”ආනේ. දැන් ඉතින් 9.30ත් පහු වෙලා. ඇයට දුක හිතේවි ඔබ උදේ ආහාර ගන්න ආවේ නැති එකට” නර්ස් නෝනා ටිකක් විහිලුවෙන් වගේ කිව්වා.

”නැහැ එහෙම වෙන්නේ නෑ. ඇය දන්නේ නෑ මම කවුද කියලා. ඇය අවුරුදු 5ක් තිස්සේ එහෙමයි. ඇයට සියල්ල අමතක වෙලා.” ඔහු කිව්වා.

”මොනවා ` ඇයට සියල්ල අමතක වෙලා? ඔබව අදුන නොගෙනත් ඔබ අවුරුදු 5ක් පුරාවටම ඇයත් එක්ක උදේ කෑම ගත්තද? තාමත් ඇයව බලන්න යනවද? ඒක නම් හරිම පිස්සු වැඩක් කියලයි මට නම් හිතෙන්නේ.” නර්ස් නෝනා පුදුමයෙන් කිව්වා.

ඔහු නර්ස් නෝනාගේ අතට පොඩි තට්ටුවක් දැම්මා…

”ඇයට නම් මාව දැන් මතක නෑ තමයි, ඒ වුනත් මට තාමත් ඇයව මතකයි. ඇය මගේ බිරිඳ, මගේ ආදරිය.”

ඔහු යන්නට ගියා. නර්ස් නෝනාගේ ඇස් වල කදුලු. ඇය සෙමින් තමාටම මිමිණුවා…

”අනේ, හැම කෙනෙකුගේම ජිවිතයට ඕන මේ වගේ ආදරයක් නේද…?”

0 comments:

Post a Comment